සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව එළැඹෙන 06, 07 සහ 08 යන දින තුන තුළ විවාදයට ගැනීමට අද (01) රැස් වූ පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කර තිබේ.Sri Lanka Latest News
ඒ අනුව එම විවාදයට අදාළ ඡන්ද විමසීම සැප්තැම්බර් 08 වනදා පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.
ඉදිරි සතියේ පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව හෙවත් පක්ෂ නායක රැස්වීම අද (01) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී රැස් විය.










