• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බාල බෙහෙත් ගෙනත් රටේම මිනිස්සුන්ට පොවපු කෙහෙළියට දරුණු මානසික ලෙඩක්! සිය දිවි නසා ගැනීමේ අවදානමක්! මන්ත්‍රීකම් කරන්න පුළුවන් වෙයිද? I Sri Lanka Latest News

September 12, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
බාල ‌‌බෙහෙත් ගෙනා සිද්ධියට ‌ඇමැති කෙහෙළිය 15 වනතෙක් රිමාන්ඩ්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදාහැරීම සම්බන්ධයෙන් මාස 6කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි 08වන සැකකරු වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, 07වන සැකකාර සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ හේරත් කුමාර, 12වන සැකකාර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිළධාරී වෛද්‍ය විජිත් ගුණසේකර යන අය ඇප මත මුදාහැරීමට මළිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියෝග කළාය.Sri Lanka Latest News

ඒ, ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී ය. 

ඒ අනුව සැකකරුවන් දැඩි මානසික ආතතියකට ලක්වී ඇති බවත් දරුණු මානසික රෝගී තත්ත්වයකට මුහුණ පා ඇති බවත් නිගමනය කළ මහෙස්ත්‍රාත්වරිය වෙන් වෙන් වශයෙන් රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50ක මුදල් ඇප දෙකක් මත සැකකරුවන් මුදා හැරුණි.    

නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ලක්මිණි ගිරිහාගම මෙනෙවිය සැකකරුවන් සම්බන්ධව රජයේ වෛද්‍ය මණ්ඩලය විසින් ලබාදුන් නිර්දේශ ඇතුළත් වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළාය.

ඇප නියමවූ සැකකරුවන් සියදිවි නසා ගැනීමේ අවදානමක් ඇති බවත්, දරුණු මානසික රෝගී තත්ත්වයකට මුහුණු දී ඇති බවත් ඔවුන්ගේ හෘද රෝගී තත්ත්වයන් උත්සන්නව ඇති බවට වෛද්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බව එම වෛද්‍ය මණ්ඩල වාර්තා අනුව සනාථ වී තිබේ.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නිතිඥ අනුජ ප්‍රේමරත්න මහතා සඳහන් කළේ සිය සේවාදායකයා සියදිවි නසා ගැනීමේ ප්‍රවණතාවයක් හා පසුකම්පන තත්ත්වයක් ඇති බවත් එවැනි සියදිවි නසා ගැනීමකට තැත් කරන රෝගියෙකු බලා ගැනීමට බන්ධනාගාර රෝහලේ පහසුකම් නැති බවත් අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේය.

තවද පුර්ණ අබාධිත තත්ත්වයට පත්විය හැකි බවත් එම තත්ත්වය රජයේ රෝහලක සුව කිරීමට නොහැකි බවත් නීතිඥවරයා පෙන්වා දුනි.

ඊට විරෝධය පෑ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පෙන්වා දුන්නේ 2019 වසරේදී ලබා ගත් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර ඇති බවත් එවා වසර පහක් පැරණි එවා බවත්ය. 

එමෙන්ම 8වන සැකකරු එසේ ඉදිරිපත් කර ඇත්තේ ඉදිරි වසර 10කදී  ඇති විය හැකි රෝග වාර්තාවක් බවත් වර්තමාන තත්ත්වය තුළදී එම රෝගවලින් නොපෙළෙන බවත් ඇය පැවසුවා ය. 

තවද වර්තමාන රෝගී තත්ත්වය වෛද්‍ය මණ්ඩලය වෙත පෙන්වා දීමට සැකකරු අසමත් වී ඇති බවද ඇය පැවසීය. 

මෙවන් තත්ත්වයක් මත සැකකරුට ඇප ලබාදීමට හැකියාවක් නැති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පෙන්වා දුනි. 

එබැවින් අමාත්‍යවරයා බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර කිරීමට නොහැකි නම් අධිකරණ නිරීක්ෂණය යටතේ කොළඹ ජාතික රෝහලට හෝ  අංගොඩ ජාතික මානසික වෛද්‍ය විද්‍යායතනයට යවා එම මානසික  ප්‍රතිකාර සහ හෘද රෝගී ප්‍රතිකාර ලබාදීමට කටයුතු කර ලෙස ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා ය.   

එහිදී මහෙස්ත්‍රාත්වරිය පවසා සිටියේ, අවුරුදු 71 වයසේ පසුවන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සැලකිය යුතු රෝගවලින් පීඩාවිඳින බව අධිකරණයට නිරීක්ෂණය වන බවද සඳහන් කළ අතර මහෙස්ත්‍රාත්වරිය වැඩිදුරටත් සඳහන් කළේ දැනට මාස 07කට අධික කාලයක් බන්ධනාගාරගතව සිටීම බැහැර කළ නොහැකි කරුණක් බවය. 

එමෙන්ම 08වන සැකකරුගේ රෝගී තත්ත්වය ක්‍රමානුකූලව උත්සන්න වන බව වෛද්‍ය වාර්තා අනුව නිරීක්ෂණය වන බව ද මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළේය. 

ඒ අනුව ඉදිරිපත්ව ඇති වෛද්‍ය නිර්දේශ සුවිශේෂි කරුණු ලෙස සලකා සැකකරුවන් ඇප මත නිදහස් කරන බව මහෙස්ත්‍රාත්වරිය පැවසුවාය.

පසුගිය නඩු වාරයේදී අංගොඩ මානසික රෝග විද්‍යාතනය වෙත යොමු කළ පළමු සැකකාර සුදත් ජානක නමැත්තා අද දින අධිකරණයට ඉදිරිපත් නොකළ අතර සෙසු සැකකරුවන් තිදෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කළේය. 

එහිදී පළමු වන සැකකාර ඖෂධ සමාගම් සැපයුම් හිමිකරු සුදත් ජානක ප්‍රනාන්දු සම්බන්ධයෙන් දින 14න් 14ට  රෝග වාර්තා ඉදිරිපත් කරන ලෙස අංගොඩ මානසික රෝහලට නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය සැකකරු නඩුව සඳහා පෙනී සිටීමට සුදුසු තත්ත්වයට සුව වූ පසු ඔහුව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේය.

මෙම සිද්ධිය සම්බන්ධව සැකකරුවන් 11 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අතර මේ වනවිට 10 දෙනෙකු ඇප මත මුදාහැර තිබේ.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමයක් යටතේ මෙරටට ගෙන්වූ ඖෂධ නිසා ජීවිත අවදානම් තත්ත්වයට පත් කිරීම සහ රජයට කෝටි ගණනක පාඩුවක් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලා අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර මහතා සහ සිවිල් සංවිධාන එකමුතුව කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම විමර්ශන කටයුතු ආරම්භ කළේය.

SendShareShare
Previous Post

මෙන්න මෙහෙම තමයි රාජ්‍ය සේවයේ වැඩේ වෙන්නේ! රාජකාරී වෙලාවේ මාලිමාවේ රැස්වීමක! ඇත්තටම මොකද්ද මේ වගේ මිනිස්සුන්ට දෙන්න ඕන දඬුවම? VIDEO I Sri Lanka Latest News

Next Post

කොළපාට ඉවරයි! අලියත් ඉවරයි! දැන් එතුමා ඉන්නේ අපිත් එක්ක! රනිල් ඩී.එස්.ලා ඩඩ්ලිලා ජේ.ආර්.ලා හදපු UNP එකට කරපු දේ පොහොට්ටු ඇමැති රනිල්ව වේදිකාවේ තියාගෙනම වචන දෙකින් කියයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

Load More
භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

ජනාධිපතිවරයා හරි ආඩම්බරයෙන් කියනවා "අපිට කෝටි ගාණක සල්ලි තියෙනවා" කියලා. හැබැයි, තමන් ගෙවන බද්දට සාධාරණ වූ රටේ ආයෝජනයක් වෙන්නේ නැහැ...

Read more
‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.