හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, ඔහුගේ බිරිඳ සහ දියණියව අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News
ඒ මුදල් විශුද්ධිකරණ චෝදනා මත සිදුකරන විමර්ශනයකට අදාළවය.
අද (18) උදෑසන අල්ලස් කොමිසමට කැඳවා හිටපු අමාත්‍යවරයාගෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් තිදෙනා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිසම නිකුත් කළ නිවේදනය පහතින්.











