කෙහෙළිය රඹුක්වැල්ල අධිකරණයට ඉදිරිපත් කළ නොහැති තරමේ බරපතල රෝගී තත්ත්වයකින් පෙළෙන බවට බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයා විසින් ලබා දුන් වෛද්‍ය වාර්තාව පිළිබදව අධ්‍යයනය කිරීම සදහා, අධිකරණ නියෝගයෙන්, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් විශේෂඥ කමිටුවක් පත් කර තිබුණි.Sri Lanka Latest News
විශේෂඥ වෛද්‍යවරු අට දෙනෙකුගෙන් සමන්විත වූ එම කමිටුවේ අවසන් නිගමනය වී ඇත්තේ, අධිකරණයට ඉදිරිපත් නොකර සිටීමට තරම් බරපතල තත්ත්වයේ කිසිදු රෝගාබාධයක් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට නොමැති බවයි.
එමෙන්ම, හිටපු අමාත්‍යවරයා, බන්ධනාගාර රෝහලෙන් කොළඹ ජාතික රෝහලට මාරු කර යැවීමේ කිසිදු අවශ්‍යතාවයක් නැති බව ද එම විශේෂඥ කමිටුවේ නිගමනය වී තිබේ.
මේ කරුණු අධිකරණය හමුවේ හෙළිදරව් කර සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මහත්මිය, ව්‍යාජ වෛද්‍ය වාර්තා ලබා දුන් බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරියට එරෙහිව පියවර ගන්නා ලෙසද අධිකරණයෙන් ඉල්ලා සිටියා ය.
කෙසේ වෙතත්, මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් අනවශ්‍ය ආකාරයට අධිකරණයට මැදිහත් වීමට නොහැකි බව පවසා ඇති විනිසුරුවරිය, බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරු ඉදිරිපත් කරන වෛද්‍ය වාර්තා සත්‍ය වාර්තාම විය යුතුබවට සහතික කිරීම සදහා අවශ්‍ය පියවර, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව හා එක්ව ගන්නා ලෙස නීතිපතිවරයාට දැනුම් දී තිබේ.










