• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෙහෙල්බද්දර පද්මෙලා ගිරව් වගේ වමාරන්න පටන් අරන්! අල්ලෙ නැටවුණු දේශපාලකයන්ගේ-පොලිස් ලොක්කන්ගේ-ආගමන විගමන නිලධාරීන්ගේ-කුලී ඝාතකයන්ගේ නම්ගම් ඔක්කොම හෙළිකරලා! කතා කරලා ගේම් ගහපු සියල්ලන්ගේම තොරතුරු ෆෝන්වලින් එළියට ඇවිත්! හෙට අනිද්දා ලොකු සුද්දයකට පොලිසිය ලෑස්ති වෙයි! I Sri Lanka Latest News

September 1, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
අපාට්මන්ට් එක වටකරලා ඉන්දුනීසියා පොලිසිය එක්ක සිටි ASP ඕලුගල සිංහලෙන් කතාකරද්දී පාතාලේ ගෝඩ්ෆාදර්ලා වගේ හිටපු කෙහෙල්බද්දර පද්මේට-කමාන්ඩෝ සලින්තට කලිසමේ ‘චූ’ ගිහින්! පූස් පැටව් වගේ ඇඹරිලා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉන්දු­නී­සි­යා­වේදී අත්අ­ඩං­ගු­වට ගත් කෙහෙ­ල්බ­ද්දර පද්මේ, කමාන්ඩෝ ශලින්ත නොහොත් පිට්ටුවා, පාණ­දුරේ නිලංග, බැකෝ සමන් සහ තැඹිලි ළහිරු යන පාතා­ලයේ අප­රා­ධ­ක­රු­වන්ගේ මෙරට ජාල­යට සම්බන්ධ දේශ­පා­ල­න­ඥ­යන්, පොලිස් නිල­ධා­රීන්, ආග­මන විග­මන දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන්, කුලී ඝාත­ක­යන් ඇතුළු සිය ගණ­න­කගේ තොර­තුරු හඳු­නා­ග­නි­මින් ඔවුන් කොටු කර­ගැ­නී­මට ඉදි­රි­යේදී පුළුල් මෙහෙ­යු­මක් ක්‍රියා­ත්මක කිරී­මට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සූදා­න­මින් සිටියි.Sri Lanka Latest News

මෙම පාතාල අප­රා­ධ­ක­රු­වන්ගේ ජාලය හඳු­නා­ගැ­නී­මට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට පහ­සු­වක් වී ඇත්තේ ඉන්දු­නී­සි­යා­වේදී මෙම පාතාල අප­රා­ධ­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගන්නා විට ඔවුන් සතුව තිබී සොයා­ගත් ජංගම දුර­ක­තන, ලැප්ටොප් ඇතුළු උප­ක­රණ ද ඉන්දු­නී­සියා පොලී­සිය මෙර­ටට භාරදී ඇති බැවිනි.

මෙයට පෙර විදේ­ශ­ය­න්ව­ලදී අත්අ­ඩං­ගු­වට ගෙන මෙර­ටට පිටු­ව­හල් කළ බොහෝ අප­රා­ධ­ක­රු­වන් භාවිත කළ ජංගම දුර­ක­තන මෙර­ටට ලැබී තිබුණේ නැත. එබැ­වින් එම පාතාල අප­රා­ධ­ක­රු­වන්ගේ මෙරට ජාලය හඳුනා ගැනීම දුෂ්කර කාර්ය­යක් බවට පත්විය. එහෙත් මෙම පාතාල අප­රා­ධ­ක­රු­වන් සියලු දෙනාගේ ජංගම දුර­ක­තන ඔවුන් ද සමඟ මෙර­ටට භාර දුන් බැවින් මෙතෙක් කාල­යක් මෙම අප­රා­ධ­ක­රු­වන් සමඟ සම්බ­න්ධ­කම් පව­ත්ව­මින් අප­රා­ධ­ව­ලට ආධාර හා අනු­බල දුන් පුද්ග­ල­යන් මෙන්ම ඔවුන්ගේ මත්කුඩු ජාලයේ සැඟ­වුණු තොර­තුරු ගොන්නක්ම හෙළි­කර ගැනී­මට හැකි­වනු ඇතැයි උසස් පොලිස් නිල­ධා­රි­යෙක් පැව­සීය.

කෙහෙ­ල්බ­ද්දර පද්මේ ඇතුළු පාතාල අප­රා­ධ­ක­රු­වන් පස් දෙනා විසින් විදේ­ශ­ග­තව රැඳී සිටි­මින් වෙඩි තැබීම් සහ මිනිස් ඝාතන රැසක් මෙහෙ­යවා තිබුණි. ඒ සෑම මිනිස් ඝාත­න­යක් සහ වෙඩි තැබී­ම­ක­ටම තොර­තුරු ලබා­දුන් සැඟ­වුණු චරිත පවා හෙළි­කර ගැනී­මට හැකි වනු ඇති බව පොලී­සිය විශ්වාස කරයි.

කෙහෙ­ල්බ­ද්දර පද්මේ ඇතුළු අප­රා­ධ­ක­රු­වන් ඉන්දු­නී­සි­යා­වේදී අත්අ­ඩං­ගු­වට ගන්නා විට ඔවුන් සතුව තිබී ඇත්තේ ව්‍යාජ නම්ව­ලින් සකස් කර තිබුණු විදෙස් ගමන් බල­ප­ත්‍රය. එම විදෙස් ගමන් බල­පත්‍ර ඔවුන් කොටු කර­ගැ­නී­මට මෙර­ටින් ඉන්දු­නී­සි­යා­වට ගිය සහ­කාර පොලිස් අධි­කා­රි­වරු දෙදෙනා විසින් සිය භාර­යට ගෙන තිබිණි. මෙර­ටට ඔවුන් රැගෙන ඒම සඳහා ඔවුන්ගේ සැබෑ නම්ව­ලින් තාව­කා­ලික විදේශ ගමන් බල­පත්‍ර පවා සකස් කිරී­මට එරට පිහිටි ශ්‍රී ලංකා තානා­පති කාර්යා­ලය පිය­වර ගත්තේය. මේ වන විට ඔවුන් සතුව තිබුණු ව්‍යාජ නම්ව­ලින් සකස් කළ විදේශ ගමන් බල­පත්‍ර ඇත්තේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සතු­වය. එම විදෙස් ගමන් බල­පත්‍ර ඔවුන් සකස් කර­ගෙන ඇත්තේ ද විදේ­ශ­ග­තව සිටි­ය­දීය. ඒ සඳහා විශාල මුද­ලක් ඔවුන් වැය­කර ඇති බවත් ආග­මන විග­මන දෙපා­ර්ත­මේ­න්තුවේ දූෂිත නිල­ධා­රීන්ගේ සහ­යෝ­ගය ඒ සඳහා ලැබී ඇති බවත් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විශ්වාස කරයි. එම විදෙස් ගමන් බල­පත්‍ර සකස් කිරී­මට ඍජුව සහ වක්‍රව පවා සම්බන්ධ වූ පුද්ග­ල­යන්ට එරෙ­හිව නීතිය ක්‍රියා­ත්මක කරන බව ද උසස් පොලිස් නිල­ධා­රි­යෙක් සඳ­හන් කළේය.

කෙහෙ­ල්බ­ද්දර පද්මේ ඇතුළු කණ්ඩා­යම කොටු­කර අත්අ­ඩං­ගු­වට ගැනීමේ මෙහෙ­යුම මෙරට පොලිස් නිල­ධා­රීන් දෙදෙ­න­කුගේ ද සහාය ඇතිව ක්‍රියා­ත්මක කර ඇත්තේ ඉතා රහ­සි­ග­ත­වය. එසේ තිබි­ය­දීත් අව­සාන දින­යේදී එම මෙහෙ­යුම සම්බ­න්ධ­යෙන් තොර­තුරු කෙහෙ­ල්බ­ද්දර පද්මේ ඇතුළු පිරි­සට දැන­ග­න්නට ලැබී ඇති බව සඳ­හන්ය. ඒ සම්බ­න්ධ­යෙන් ද විශේෂ අව­ධා­න­යක් යොමු කර­මින් විම­ර්ශන පැවැ­ත්වෙන බව උසස් පොලිස් නිල­ධා­රියා කීය. කෙහෙ­ල්බ­ද්දර පද්මේ ඇතුළු අප­රා­ධ­ක­රු­වන් මත්කුඩු ජාල­යෙන් උපයා ගන්නා මුදල් උණ්ඩි­යල් ක්‍රම­යට ඔවුන්ට මෙතෙක් කාල­යක් ලද ආකා­රය මෙන්ම ඊට සම්බන්ධ මෙරට ජාලයේ තොර­තුරු ද විම­ර්ශන ඔස්සේ අනා­ව­ර­ණය කර­ගැ­නී­මට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සූදා­න­මින් සිටියි. ඩුබායි සහ ශ්‍රී ලංකාව අතර නීත්‍ය­නු­කූල මෙන්ම නීත්‍ය­නු­කූල නොවන ක්‍රම ඔස්සේ ව්‍යාපා­ර­වල නිර­තව සිටින ව්‍යාපා­රික කණ්ඩා­ය­මක් ගැන ද මෙහිදී බුද්ධි අංශ විශේෂ අව­ධා­න­යෙන් සිටියි.

අත්අ­ඩං­ගු­වට ගත් කෙහෙ­ල්බ­ද්දර පද්මේ ඇතුළු පාතාල අප­රා­ධ­ක­රු­වන් මෙර­ටට පෙරේදා (31) ගෙන ඒමට ඉන්දු­නී­සි­යානු පොලී­සියේ 12 දෙන­කුගේ කණ්ඩා­ය­මක් ලබා­දී­මට ඉන්දු­නී­සි­යානු බල­ධා­රීන් කැමැත්ත පළ­කර තිබී ඇත. එහෙත් ඉන්දු­නී­සි­යාව තුළ ඇතිවූ අන­පේ­ක්ෂිත ගැටු­ම්කාරී තත්ත්ව­යක් හමුවේ මෙර­ටින් නිල­ධා­රීන් තිදෙ­නෙකු ඉන්දු­නී­සි­යා­වට 31 වැනිදා උදෑ­සන යැවී­මට මහ­ජන ආර­ක්ෂක අමා­ත්‍යාං­ශය අවශ්‍ය පිය­වර ගෙන තිබිණි.

ඒ අනුව එම නිල­ධා­රීන් තිදෙ­නාත් එරට රැඳී සිටි­මින් මෙහෙ­යු­මට සම්බ­න්ධව සිටි සහ­කාර පොලිස් අධි­කා­රී­ව­රුන් දෙදෙ­නාත් ඉන්දු­නී­සි­යානු පොලී­සියේ නිල­ධා­රීන් 07 දෙන­කුත් මෙම අප­රා­ධ­ක­රු­වන් රැගෙන මෙර­ටට ඒමට පිය­වර ගත්තේය. මෙත­රම් නිල­ධා­රීන් පිරි­සක් මෙම පාතාල අප­රා­ධ­ක­රු­වන් පස් දෙනා රැගෙන ඒමට යෙද­වී­මට සිදුව ඇත්තේ ගුවන් මඟින් මෙවැනි අප­රා­ධ­ක­රු­වන් රැගෙන ඒමේදී පිළි­පැ­දිය යුතු ජාත්‍ය­න්තර ආර­ක්ෂක පිය­වර අනු­ග­ම­නය කර­මිනි.

මෙම අප­රා­ධ­ක­රු­වන්, ඉන්දු­නී­සියා පොලී­සියේ නිල­ධා­රීන් ඇතුළු මෙරට පොලිස් කණ්ඩා­යම විසින් රැගෙන එනු ලබන්නේ සිවිල් ඇඳු­මින් සැර­සීය. ඒ එන ගම­නේදී ගුව­න්යා­නයේ සිටි සෙසු කිසිදු මගි­යෙක් එම යානයේ අප­රා­ධ­ක­රු­වන් පිරි­සක් රැගෙන එන බව නොදැන සිටීම ද විශේ­ෂි­තය.

ගුව­න්යා­නය කටු­නා­යක ජාත්‍ය­න්තර ගුව­න්තො­ටු­ප­ළට ගොඩ­බැ­ස්ස­වී­මෙන් අන­තු­රුව සෙසු මගීන් යාන­යෙන් පිට­තට ගමන් කිරී­මෙන් අන­තු­රුව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති නීතිඥ අසංක කර­විට මහතා ඇතුළු නිල­ධා­රින් කණ්ඩා­ය­මක් ගුව­න්යා­නය වෙත ගොඩවී සැක­ක­රු­වන් මෙර­ටදී අත්අ­ඩං­ගු­වට ගැනී­මට පිය­වර ගෙන ඇත. අන­තු­රුව ඔවුන්ව ආර­ක්ෂි­තව ගුවන් තොටු­පො­ළින් පිට­තට ගෙන විම­ර්ශන අංශ වෙත රැගෙන යෑමට පිය­වර ගෙන තිබේ. උඩු­ග­ම්පොල කෙහෙ­ල්බ­ද්දර ඉහළ කුඹුර 18/08 ලිපි­නයේ පදිං­චි­ක­රු­වෙක් වූ 37 හැවි­රිදි වියේ පසු­වන කේ.ජී. මන්දිනූ පද්ම­සිරි පෙරේරා නොහොත් කෙහෙ­ල්බ­ද්දර පද්මේ විම­ර්ශන කට­යුතු සඳහා භාරදී ඇත්තේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ වාණීජ අප­රාධ විම­ර්ශන අංශය ( III) වෙතය.

නීති විරෝධි ගිනි අවි භාවිත කර­මින් පුද්ගල ඝාතන මෙහෙ­ය­වීම, මත්ද්‍රව්‍ය ඇතුළු සංවි­ධා­නා­ත්මක අප­රාධ සිදු කිරීම, පොලිස් නිල­ධා­රීන්ගේ පවු­ල්වල සාමා­ජි­ක­යන් ඝාත­නය කරන බවට තර්ජ­නය කිරීම, පසු­ගිය පෙබ­ර­වාරි 19 වැනිදා කොළඹ අලු­ත්කඩේ අංක 05 මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යේදී ගණේ­මුල්ල සංජීව යන අය ඝාත­නය කර විනි­සු­රු­තු­මිය ඇතුළු කාර්ය මණ්ඩ­ලය භීති­යට පත්කි­රීමේ අප­රා­ධය සැල­සුම් කිරීම ඇතුළු අප­රාධ රැසක් සම්බ­න්ධ­යෙන් චෝදනා මෙම අප­රා­ධ­ක­රුට දැනට එල්ලවී ඇති බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සඳ­හන් කරයි. අංක 24, නව නගර නිවාස, ඉඹු­ල්ග­ස්වා­ඩි­ය­වත්ත, දෙමන් හන්දිය, කටාන ලිපි­නයේ පදිං­චි­ක­රු­වෙක් වන 38 හැවි­රිදි පී. ශලින්ත මදු­ෂාන් පෙරේරා නොහොත් කමාන්ඩෝ ශලින්ත විම­ර්ශන කට­යුතු සඳහා භාරදී ඇත්තේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ වාණිජ අප­රාධ විම­ර්ශන අංශය (I) වෙතය. දිව­යිනේ විවිධ ප්‍රදේ­ශ­වල පසු­ගිය කාල­ව­ක­වා­නුව තුළ සිදුවූ බිහි­සුණු මනුෂ්‍ය ඝාතන, මහා පරි­මාණ මත්ද්‍රව්‍ය ජාවා­රම්, කොල්ල­කෑම්, කප්පම් ගැනීම්, පැහැර ගැනීම් ඇතුළු අප­රාධ රැසක් සම්බ­න්ධ­යෙන් මෙම සැක­කරු අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

වෘත්ති­යෙන් වායු සමී­ක­රණ ශිල්පි­යෙක් ලෙස කට­යුතු කර පසුව පාතාල අප­රා­ධ­ව­ලට යොමුවූ පුද්ග­ල­යෙක් වන අංක 09/ඊ අලු­බෝ­ග­හ­වත්ත, සුසාන භූමිය පාර, පින්වල, පාන­දුර ලිපි­නයේ පදිං­චි­ක­රු­වෙක් වූ 36 හැවි­රිදි පී. නිලංග සම්පත් සිල්වා විම­ර්ශන කට­යුතු සඳහා භාරදී ඇත්තේ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ විශේෂ විම­ර්ශන අංශය (III) වෙතය.

ඉන්දු­නී­සි­යා­වෙන් මෙර­ටට රැගෙන ආ පාතාල අප­රා­ධ­ක­රු­වන් අතර සිටි සෙසු සැක­ක­රු­වන් දෙදෙනා විම­ර්ශන කට­යුතු සඳහා භාරදී ඇත්තේ බස්නා­හිර පළාත් උතුරු දිසා අප­රාධ කොට්ඨා­ශ­ය­ටය. අංක 197/02 පද­ලං­ගල ගෙදර, උල­හි­ටි­යාව, මිද්දෙ­ණිය ලිපි­නයේ පදිං­චි­ක­රු­වෙක් වන 35 හැවි­රිදි වියැති එන්.එන්. ප්‍රසංග නොහොත් බැකෝ සමන්ත සහ අංක 119/01,ඒ, කුඩ­ග­ල්ආර මිද්දෙ­ණියේ පදිං­චි­ක­රු­වෙක් වූ 29 හැවි­රිදි වියැති පී.කේ. ළහිරු මධු­සංඛ නොහොත් තැඹිලි ළහිරු මෙසේ බස්නා­හිර පළාත් උතුරු දිසා අප­රාධ කොට්ඨා­ස­යට භාරදී තිබේ.

බස්නා­හිර පළාත් උතුරු දිසා අප­රාධ කොට්ඨා­සයේ සිර­මැ­දිරි පහ­සු­කම් සලකා බලා වැඩි ආර­ක්ෂා­වට මෙම සැක­ක­රු­වන් දෙදෙනා කොළඹ වරාය පොලිස් ස්ථානයේ රඳවා තබා ගැනී­මට කට­යුතු කර ඇති බව පොලී­සිය සඳ­හන් කළේය.

මෙම අප­රා­ධ­ක­රු­වන් පස් දෙනා සම්බ­න්ධ­යෙන් අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කර දැනට පැය 72ක රැඳ­වුම් නියෝ­ග­යක් ලබා­ගෙන විම­ර්ශන පව­ත්වන බවත් පසුව ත්‍රස්ත­වා­දය වැළැ­ක්වීමේ පනතේ විධි­වි­ධා­න­යන්ට අනුව දින 90ක් රඳ­වා­ගෙන විම­ර්ශන පව­ත්වන බවත් උසස් පොලිස් නිල­ධා­රි­යෙක් පැව­සීය.

ගයාන් කුමාර වීර­සිංහ -දිනමිණ

SendShareShare
Previous Post

සෙවණගල වහන්නද යන්නේ? උක් ගොවි පවුල් 10000ක් මහපාරට වැටෙයිද? සීනි මෙට්‍රික් ටොන් 2000ක් දැනටමත් ගොඩගැහිලා! ගොවීන්ගෙන් ගන්න උක් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 450කින් අඩුකරලා! පිච්චුණු උක් දඬු බාරගැනීමත් නවත්තලා! VIDEO I Sri Lanka Latest News

Next Post

මේ සතියේ සියලුම රාජ්‍ය ආයතනවලට ‘සෙයිරි’! අනවශ්‍ය සියල්ලටම ‘සොරි’ තමයි! Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.