මහ මැතිවරණයේ අත්පත්‍රිකා බෙදමින් සිටි පොහොට්ටු හිටපු නගරාධිපති කාන්ති කොඩිකාරට පහරදී තිබෙනවා. මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත්වී සිටින හිටපු නගරාධිපති උපාලි කොඩිකාරගේ බිරිඳට වන ඇයට මෙම ප්‍රහාරයට ලක්වී ඇත්තේ ඊයේ (25) පස්වරුවේ පන්නිපිටිය ප්‍රදේශයේදීයි.Sri Lanka Latest News
සිය සැමියාගේ ඡන්ද ප්‍රචාරණ කටයුතුවලට එක්වී ගෙයින් ගෙට ගොස් සිටියදී ඇයට මෙම ප්‍රහාරය එල්ලවී තිබුණා. ප්‍රහාරයෙන් පසු ඇයව ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා. පහරදුන් පුද්ගලයාව මහරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
මේ අතර නුවරඑළියේ පැවැති රැස්වීමකදී සීබී රත්නායකට සහ නාමල් රාජපක්ෂට පාක්ෂිකයන්ගෙන් විරෝධයක්ද එල්ල වුණා.









