• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කළුතර 16 හැවිරිදි සිසුවිය හෝටල් කාමරයට එක්ක යන්න කලින් ප්‍රධාන සැකකරු ගේ ළඟට කාර් එකකින් ඇවිත් සිසුවිය ‌ලස්සනද කියා බලලා! හෝටලයට ආපු අනෙක් ජෝඩුවත් කාර් එකේ ඉන්නවා! පළමුවරට ඡායාරූප එළියට එයි! EXCLUSIVE PHOTOS

May 10, 2023
in Exclusive
Reading Time: 8 mins read
A A
කළුතර 16 හැවිරිදි සිසුවිය හෝටල් කාමරයට එක්ක යන්න කලින් ප්‍රධාන සැකකරු ගේ ළඟට කාර් එකකින් ඇවිත් සිසුවිය ‌ලස්සනද කියා බලලා! හෝටලයට ආපු අනෙක් ජෝඩුවත් කාර් එකේ ඉන්නවා! පළමුවරට ඡායාරූප එළියට එයි! EXCLUSIVE PHOTOS
Share on WhatsAppShare on Facebook

“දෙන්න කාමරේ එකට හිටියා. කැමැත්තෙනුයි හිටියේ. ටික වේලාවකට පස්සේ එයාට කෝල් එකක් ආවා. ඒත් එක්කම එයා කෑගහන්න ගත්තා, කැත වැඩ කරන්න එපා, සමාජයට මුහුණ දෙන්නේ කොහොමද කියල. ඒත් එක්කම එයා ජනේලේ ගාව තිබ්බ පුටුවට නැඟල ජනේලෙන් එළියට පැන්නා“ යැයි ආන්දෝලනයට තුඩු දුන් කළුතර 16 සිසුවියගේ මරණයේ ප්‍රධාන සැකකරු ඊයේ අලුයම අත්අඩංගුවට ගැනීමෙන් පසු කළ දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ.

ටිහාර නිර්මානි නමැති මෙම සිසුවියව හෝටලයට රැගෙනවිත් ඇත්තේද සැලසුම්සහගතව බවත් මෙදින දහවල් කාලයේදී මෙම ප්‍රධාන සැකකරුත් ඔහුගේ මිතුරා වන ඉෂාත් තිසුර ද සිල්වාත් ඇය පදිංචිව සිටින කළුතර නාගොඩ පිහිටි නිවෙස අසලට ගොස් ඇයගේ හැඩරුව බලා තමාට ගැළපේ දැයි පරීක්ෂා කර තිබෙන බවත් පොලිසිය කියයි.

“මෙම ප්‍රධාන සැකකරුගේ මිතුරා 16 හැවිරිදි සිසුවියගේ නිවෙස ආසන්නයේ පදිංචිව සිටින පබාරා කියන 19 හැවිරිදි සිසුවියක් සමඟ පෙම් සම්බන්ධකමක් පවත්වනවා. ඇය සිසුවියක් කීවට පාසල් යන්නේ නම් නැහැ. මේ ජෝඩුව හෝටල් ගානේ යන බවත් විමර්ශනවලින් අනාවරණය වුණා. පසුගිය 06 වැනිදා මේ ජෝඩුව මුණ ගැහෙන්න තීරණය කරල තියෙනවා. එදා 19 යේ ගෑනු ළමයගේ පෙම්වතා ප්‍රධාන සැකකරුට පවසා තිබෙනවා හොඳ කෑල්ලක් ඉන්නවා කැමති නම් ඒකිවත් අරන් යමු කියලා. ප්‍රධාන සැකකරු පවසන විදිහට ඔහු එකවරම ඊට කැමති වෙලා නැහැ. ඇයව බලන්න ඕනේ කියලා. ඒ අනුව තමයි යාළුවෝ දෙන්නා කාර් එකකින් ඇවිල්ල ඒ ගෑනු ළමයව බලල ගිහින් තියෙන්නේ. ඒ දෙන්න ඇවිත් තියෙන්නේ 19 ගෑනු ළමයාගේ ගෙදරට. 16 ගෑනු ළමයාව එයාගේ ගෙදරින් පිටතට එක්කරගෙන ඇවිත් ප්‍රධාන සැකකරුට පෙන්නල තියෙන්නේ 19 ගෑනු ළමයයි“ යැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

16 හැවිරිදි සිසුවිය කළුතර හෝටලයට ගොස් ඇත්තේ සිය කැමැත්තෙන් බව විමර්ශනවලින් පෙනී ගොස් ඇති බවද පොලිසිය කියයි.

“වැඩි වයසක් ඇති අයිඩෙන්ඩිකාඩ් එකක් 16 සිසුවියගේ බව කියා හෝටලයට පෙන්නල තියෙන්නේ 19 ගෑනු ළමයයි“ යැයිද එම නිලධාරියා පැවසීය.

ඔවුන් හෝටලයේ පස්වැනි මහලේ කාමරයක් වෙන් කරගෙන එහි සිට මත්පැන් පානය කිරීමෙන් පසු 19 සිසුවියත් රැගෙන ඇගේ පෙම්වතා වෙනත් කාමරයකට ගොස් ඇති බව පොලිසිය කියයි. 16 සිසුවිය එහිදී ප්‍රධාන සැකකරු සමඟ ඔවුන් මත්පැන් පානය කරමින් සිටි කාමරයේම රැඳී සිට ඇති බව පොලිසිය කියයි. එහිදී දෙදෙනා කැමැත්තෙන් කාමරයේ සිට ඇතත් ප්‍රධාන සැකකරු අතින් ඇය දූෂණය වී නැති බව විමර්ශනවලින් පෙනී ගොස් ඇති බව පොලිසිය කියයි. ඒ බව සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී මෙන්ම ඇගේ මරණය සම්බන්ධයෙන් කළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන්ද තහවුරු වී ඇති බවද පොලිසිය කියයි. එහෙත් ඇය එදින දූෂණය වී නැතත් ඊට පෙර දූෂණය වී ඇති බව ද එම පරීක්ෂණවලින් පෙනී ගොස් ඇති බවද පොලිසිය කියයි.

ප්‍රධාන සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ ඇය සමඟ සමීපව ඔහුට සිටීමට අවශ්‍යතාවත් තිබුණත් ඊට ඔහුට හැකියාවක් නැති බවය. ඒ යම් දුබලතාවකින් මේ වන විට ඔහු පෙළෙන නිසා බව සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත. ඒ බව ඔහු ඇය සමඟ රැඳී සිටි කාමරයේ ඇඳ ඇතිරිලි පරීක්ෂා කිරීමේදී අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන්ට පෙනී ගොස් ඇත.

සැකකරු පවසා ඇත්තේ දෙදෙනා කාමරයේ එකිනෙකා සිප වැලඳගෙන සිටියා පමණක් බවත් ඊට එහා යමක් සිදු නොවූ බවත්ය. දෙදෙනා එසේ මඳ වේලාවක් සිට පසුව නැවතත් මත්පැන් පානය කළ බවද ප්‍රධාන සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ.

මත්පැන් පානය කිරීමෙන් අනතුරුව ඇය සමඟ එකට ඉන්නට උත්සාහයක් ගත්තත් එය ද අසාර්ථක වුවත් ඇයට දුරකතන ඇමතුම ලැබී ඇත්තේ ඒ අතරතුර බවත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වූ බව පොලිසිය කියයි.

ධනුෂ්ක ගයාන් සහබන්දු නමැති මෙම ප්‍රධාන සැකකරුව පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (09) අලුයමය. ඒ හික්කඩුව ප්‍රදේශයේදී බව පොලිසිය කියයි.

29 හැවිරිදි මෙම සැකකරු කළුතර, පළාතොට, ඉසුරු උයනේ හමුදා නිලධාරියකුට අයත් නිවෙසක කුලී පදනම මත නවාතැන්ගෙන සිට ඇත.

සැකකරු ගාල්ල ප්‍රදේශයේ සැඟව සිටින බවට කළුතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාට ලද තොරතුරක් මත අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්ම්ක සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර අපරාධ අංශ නිලධාරීන් තිදෙනකු ගාල්ල ප්‍රදේශයේදී ඊයේ අලුයම වැටලීම කර ඇතැයි පැවසේ.

සැකකරු කුලී ගෙවීමේ පදනම මත මෝටර් රථයක් ගැනීමට සූදානම් වීමේදී පොලිස් පරීක්ෂක ධම්ම්ක සිල්වා මහතා උපාය දූතයකු යොදා මෝටර් රථයක් කුලියට දී තිබේ. එම මෝටර් රථයෙන් සැකකරු ගාල්ල දෙසට යමින් සිටියදී හික්කඩුව ප්‍රදේශයේ මාර්ග බාධකයක් යොදා වාහනය නවතා සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කීය. සැකකරු බෝට්ටුවකින් රටින් පලා යෑමේ සූදානමක් තිබී ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

සීසර්වරයකු වන මෙම සැකකරු විවාහ දෙකක් සිදු කරගෙන සිටින බවත් පෙර කසාදයේ දරුවන් දෙදෙනකු සිටින බවත් දෙවන කසාදයේ බිරිය සමඟ කළුතර, පළාතොට, ඉසුරු උයන ප්‍රදේශයේ හමුදා නිලධාරියාට අයත් කුලි නිවෙසේ පදිංචිව සිටින බවත් පොලිසිය කීය.

පාසල් සිසුවිය ජනේලයෙන් පැනීමෙන් පසු තමා හෝටලයෙන් පිටතට පැමිණි බවත් ඉක්මනින් වරෙන් කරදරක් කියා මිතුරාට දුරකතන ඇමතුමක් දී ගෙන්වාගත් බවත් ප්‍රධාන සැකකරු ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත.

හික්කඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ කළුතර දකුණ පොලිස් ස්ථානයට රැගෙන ආ අතර, අපරාධ අංශය තුළ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ ද සහභාගිත්වයෙන් සැකකරුගෙන් ප්‍රකාශ ලබා ගනිමින් සිටින බව උසස් පොලිස් නිලධාරීයෙක් කීය.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බවද සඳහන් වේ.

කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස, සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි කළුතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්මික සිල්වා සහ කොස්තාපල්වරුන් වන ප්‍රභාත් (82859) සහ මලින්ද (104023) යන නිලධාරීහු වැටලීමට එක් වූහ.

SendShareShare
Previous Post

මැඩගස්කරයෙන් අරන් ආ හරක් කටා සහ කුඩු සළිඳු වමරන්න පටන් අරන්! ඉහළින්ම ඉන්න මහා කුඩ්ඩො පස් දෙනෙක්ගෙ නම් කියලා! දූෂිත පොලිස් නිලධාරීන් කීපදෙනකු ගැනත් හෙළිකරලා! ප්‍රශ්න කරන්න තවත් ටීම් දෙකකට අවසර දෙයි!

Next Post

කළුතරින් තවත් කතාවක් එළියට එයි! ඒ පාර ගණිතය උගන්වන සර් කෙනෙක් සිසුවියන් 16 දෙනෙක් අපයෝජනය කරලා! පොලිස් නිලධාරියකුගේ දියණියක්ද ඒ අතර! නිරුවත් දැරියන්ගේ පින්තූර ලැප්ටොප් එකේ තියාගෙන ඉද්දී බිරියට අහුවෙලා සිසුවියන්ගේ ‌මව්පියන් දැනුවත් කරලා!

MORE NEWS

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.