කඩුවෙල නගරාශ්‍රිතව නිදැල්ලේ හැසිරෙන ගවයන් බැකෝ යන්ත්‍ර යොදාගෙන කෲර වධ හිංසාවන්ට බඳුන් කරමින් ලොරි රථවලට පටවා රැගෙන යෑම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර ස්වාමින්වහන්සේ ඉල්ලා සිටිනවා. (Sri Lanka Latest News)
ඊයේ (02) මාධ්‍ය හමුවක් කැඳවමින් උන්වහන්සේ සඳහන් කළේ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරිය විසින් මේ සම්බන්ධව සොයා බලා, මෙම අමානුෂික ක්‍රියාවට ඉඩ ලබාදුන්නේ කවුරුන්ද යන්න පිළිබඳ විමර්ශනය කළ යුතු බවයි.