මේ සතියේ ජවිපෙ සම්බන්ධයෙන් තවත් විශාල රහසක්ද හෙළිදරව් කිරීමට සූදානම්ය. ඒ, ඉදිරි ජවිපෙ ආණ්ඩුවක පත්කිරීමට නියමිත මුදල් අමාත්‍යවරයා සම්බන්ධයෙන්ය. බොහෝ දෙනාගේ සාමාන්‍ය මතය වී ඇත්තේ ජවිපෙ ආර්ථිකය සම්බන්ධයෙන් සුනිල් හඳුන්නෙත්ති මහතා දිගින් දිගටම කතා කරන බැවින් ඉදිරි ජවිපෙ ආණ්ඩුවක හඳුන්නෙත්ති මුදල් ඇමැති වනු ඇතැයි කියාය. නමුත් මේ වන විට මතුව ඇති නව ආර්ථික අර්බුද හමුවේ එම තත්ත්වයෙන් ගොඩ ඒමට නම් යම් යම් රාමුවලට කොටු නොවී ලිබරල් ආර්ථික අදහස් ඇති අයෙකු පත්කළ යුතු බව බොහෝ දෙනාගේ අදහසය. සජබයෙන් ඒ සඳහා ඉදිරියෙන්ම සිටින්නේ වෙන කවුරුවත් නොව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාය. බොහෝ දෙනාගේ පිළිගැනීම වී ඇත්තේද සජබ ආණ්ඩුවක් යටතේ හර්ෂ මුදල් අමාත්‍ය ධුරයට පත්වනු ඇතැයි කියාය.Sri Lanka Latest News
ඒ නිසා හර්ෂ සමග තරග කළ හැකි තරුණ ලිබරල් මුදල් අමාත්‍යවරයකු ජවිපෙටද අවශ්‍ය බව පසුගිය කාලයේදී පක්ෂය ඇතුළේ සාකච්ඡාවට ලක්ව තිබූ කරුණක් වී තිබිණ. ඒ අනුව ජවිපෙ තේරීම වී ඇත්තේ සුනිල් හඳුන්නෙත්ති නොව, තරුණ ලිබරල් මතධාරියකු වශයෙන් සැලකෙන ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුමය. හර්ෂණ යනු කොළඹ කොටස් හුවමාරුවේ හිටපු අධ්‍යක්ෂවරයෙකි. එමෙන්ම ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජිකයෙකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයන් ජවිපෙ හමුවූ අවස්ථාවේදී සාකච්ඡාවට සහභාගි වී සිටි ජවිපෙ නියෝජිතයන් අතර ආචාර්ය හර්ෂණද සිටියේය. එමෙන්ම ඉදිරි ජවිපෙ ආර්ථික සැලැස්ම සකස් කරන කණ්ඩායමේද ප්‍රධාන සාමාජිකයකු ලෙස හර්ෂණ සැලකේ. ඒ අනුව ඉදිරි ජවිපෙ ආණ්ඩුවකදී බොහෝ විට හර්ෂණට මුදල් අමාත්‍ය ධුරය හිමිවනු ඇති බවත්, සජබ මුදල් අමාත්‍ය ආචාර්ය හර්ෂ සමග ජවිපෙන් තරග කිරීමට නියමිතව ඇත්තේ ආචාර්ය හර්ෂණ බවත් දැනගන්නට ඇත.









