• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජවිපෙ පොලිස්පති හමුවෙයි! රට පුරා ගිනි තියපු අය ගැන කතා කරයි! පොහොට්ටුව කියන්නේ ඇත්තද බොරුද කියලත් හොයාගනී! (VIDEO)

May 23, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
ජවිපෙ පොලිස්පති හමුවෙයි! රට පුරා ගිනි තියපු අය ගැන කතා කරයි! පොහොට්ටුව කියන්නේ ඇත්තද බොරුද කියලත් හොයාගනී! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ජනතා විමුක්ති පෙරමණට හංගන්නට දෙයක් නැති බවත් ඔනෑම දෙයක් තමන්ගෙන් අසා දැනගන්නා ලෙසත් ජනතා විමුක්ති පෙරමුණ පොලිස්පති සී.ඩී වික්‍රමසිංහට දන්වා තිබේ.

ඒ අද (23) පෙරවරුවේ ජනතා විමුක්ති පෙරමුණ සහ පොලිස්පතිවරයා අතර පැවති සාකච්ඡාවේදීය. එම සාකච්ඡාව සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති, නීතීඥයින් වන සුනිල් වටගල සහ හර්ශන නානායක්කාර එක්වී තිබේ.

එම සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා මෙසේ කීය.

“පසුගිය 09 වැනිදා උදෑසන අරලියගහ මන්දිරය ඉදිරිපිට හා ගොල්ෆේස් පිට්ටනියේ සාමකාමී අරගලයේ හිටපු අයට ම්ලේච්ඡ ලෙස පහර දෙනු ලැබුවා. ඒ පහරදීම කළේ පොදුජන පෙරමුණේ ත්‍රස්තවාදී කල්ලියක්. ඉන් පසුව 09වැනිදා සවස රට පුරා උද්ඝෝසණ පැවැත්වුණා. ඒ වගේම රාත්‍රිය වන විට බොහෝ තැන්වල ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වුණා. ගෙවල් ගිනි තැබීම්, විනාශ කිරීම් සිදු වුණා. මේ සිදුවීම් පිටුපස ජනතා විමුක්ති පෙරමුණ ඉන්න බව කියන්න පහුගිය දවස්වල ආණ්ඩුවේ ඇතැම් මන්ත්‍රීවරුන් හා ඇමතිවරුන් විශාල උත්සාහයක් දැරුවා. ඔවුන් විවිධ අභූත චෝදනා නැගුවා. කිසිදු සාක්ෂියක් තොරතුරක් නැතිව ඒ සියල්ල ජනතා විමුක්ති පෙරමුණ මත පැටෙව්වා. මේ කරුණවල සත්‍ය අසත්‍යතාව දැනගන්න අපට අවශ්‍ය වුණා.

මේ සිදුවීම්වලට අදාළව ජනතා විමුක්ති පෙරමුණේ අය අත්අඩංගුවට ගෙන තිබෙනවාද, චෝදනා තිබෙනවාද, අනෙකත් දේශපාලන පක්ෂවල අය අත්අඩංගුවට ගෙන තිබෙනවාද, ඔවුන්ට චෝදනා එල්ල කර තිබෙනවාද කියන කරුණු පොලිස්පතිවරයාගෙන් දැනගන්න අපට අවශ්‍ය වුණා. මේ සිදුවීම්වලට අදාළ චෝදනා ලැබූ බහුතරයක් අපේ පක්ෂයට සම්බන්ධ අය නොවන බව පැහැදිලි වී තිබෙනවා. පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන්ගෙන් ලැබුණු වාර්තා අනුව මේ අත්අඩංගුවට ගත් අයගෙන් වැඩි පිරිස ජවිපෙට කිසිදු සම්බන්ධයක් නැහැ. ඔවුන් වෙනත් දේශපාලන පක්ෂවලට සම්බන්ධකම් හා බැදීම් ඇති අයයි; ඍජුවම සම්බන්ධකම් ඇති අයයි.

නමුත් පසුගිය දිනවල පාර්ලිමේන්තුවේදී විවිධ ඇමතිවරුන් නම් ප්‍රකාශ කරමින් අපේ පක්ෂයට චෝදනා එල්ල කළා. මේ චෝදනා සම්පූර්ණ අසත්‍යයක්. පොලිස්පතිවරයා සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිපදෙනෙක් සමග පැවති සාකච්ඡාවේදී මෙය නිරවුල් කරගැනීමට අපට අවස්ථාව ලැබුණා. ඔවුන් විසින් පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පිරිස්වල සංඛ්‍යාත්මක දත්ත ඉදිරිපත් කළා. එතැනදී කිසිදු දේශපාලන භේදයක් නැතිව එම සිදුවීම්වලට සම්බන්ධ අය අත්අඩංගුවට ගන්නා බව ඔවුන් ප්‍රකාශ කළා. යම් තැනක වැරදි ලෙස අත්අඩංගුවට ගැනීම් සිදු වී තිබෙනවානම්, විශේෂයෙන් ඇමතිවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ ලයිස්තුවලට අත්අඩංගුවට ගැනීම් සිදු වී තිබේනම් ඒ පිළිබඳව පරීක්ෂණ කරන්නත් ඔවුන් එකඟ වුණා. මේ අවස්ථාවේදී ඇතැම් අය පෞද්ගලික පළිගැනීම් මත, දේශපාලන පළිගැනීම් මත අපේ පක්ෂයේ සාමාජිකයන් දඩයම් කිරීම ඉලක්ක කර ගනිමින් ඇතැම් දේ සිදු වෙමින් තිබෙන බව අප පෙන්වා දුන්නා. ඒ පිළිබඳවත් සොයා බලන්න ඔවුන් එකඟ වුණා. පොලීසියේ අපක්ෂපාතීභාවය ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාව අපි අවධාරණය කළා. මීට අදාළ පරීක්ෂණ කටයුතු අපක්ෂපාතව සිදු කරන බවට පොලිස්පතිතුමා ඇතුළු පොලීසිය පාර්ශ්වයෙන් සහතිකයක් දුන්නා.

ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ වූවන් සම්බන්ධව දේශපාලන භේදයෙන් තොරව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් අභූත චෝදනා ඉදිරිපත් කිරීමට ඉඩ නොතබන ලෙසත් අපි මෙහිදී ඉල්ලා සිටියා. ජනතා විමුක්ති පෙරමුණ මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියාවලට අදාළ තින්දු ගෙන නොමැති බවත් ජවිපෙ සාමාජිකයන් දේශපාලන තීන්දුවක් මත එවැනි කිසිදු ක්‍රියාවකට සම්බන්ධ වී නොමැති බවත් අපි අවධාරණය කළා. ඒ වගේම ආණ්ඩුවේ ඇමතිවරුන් මන්ත්‍රීවරුන් විසින් ව්‍යාප්ත කිරීමට උත්සාහ දරන වැරදි මත වෙනස් කිරීමට මැදිහත් වන ලෙස අපි පොලීසියෙන් ඉල්ලා සිටියා.”

SendShareShare
Previous Post

මම ගියා කොටුවට දැන් කොටුව හරියට මරාගෙන මැරෙන බෝම්බ පුපුරන යුද්ධ කාලෙ තිබ්බ කොටුව වගේමයි…

Next Post

ඉන්දියාව අදත් තෙල් නැවක් එවයි!

MORE NEWS

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News
Exclusive

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

Load More
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ භාර්යාව වන මනෝරි සලේ බන්දුසේන විසින් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි...

Read more
බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.