• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල්ට බිමල්ගෙන් අනතුරු ඇඟවීමක්! ලේවලින් වන්දිය ඉල්ලන්නේ නැහැ! ජවිපෙ ප්‍රචණ්ඩ ක්‍රියාවලට කරන්නේ මොනවද? දේශප්‍රේමීන්ට යුක්තිය ඉටුකරනවා! බෙරගල කෑම්ප් එකේ ගෝනි බිල්ලා අද ඇමැති! චන්ද්‍රිකා මහින්ද මංගල ඇටසැකිලි ගණන් කරයි! හැමෝගෙම කුණු ඇවිස්සුණු බටලන්ද! Sri Lanka Latest News

April 19, 2025
in Exclusive
Reading Time: 7 mins read
A A
පාර්ලිමේන්තුවේ නොගැළපෙන ඇඳුම් නිසා වෙච්ච අලකලංචි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාර්ලිමේන්තු විවාදවලදී ඉතිහාසගත සිදුවීම් ඇතැම් අවස්ථාවලදී ඉතා ප්‍රබලව මතුවන අතර මෑත කාලයේ පැවැති පාර්ලිමේන්තු විවාදවලදී එවැනි ආකාරයෙන් පැවැත්වුණු ප්‍රධානතම විවාදය වූයේ බටලන්ද නිවාස සංකීර්ණය පිළිබඳ පසුගිය 10 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්වුණු කල්තැබීමේ අවස්ථාවේ විවාදයයි. Sri Lanka Latest News

බටලන්ද ගැන කෙසේ වෙතත් යටගිය සිදුවීම් රැසක් මුල්කරගෙන ආණ්ඩු පක්ෂයේ සහ විරුද්ධ පක්ෂය අතර එකිනෙකාට පහර ගැසීම් සිදුකරගන්නා අයුරු දක්නට ලැබීම විශේෂත්වයකි.

එම සිදුවීම් 1971 කැරැල්ල දක්වා ඉතිහාසයකට ගෙනයන ආකාරයක් මැතිසබය තුළ දක්නට ලැබිණි. එපමණක් නොව 1971 කැරැල්ල, 1988-90 භීෂණ යුගය, 1983 ජූලි කලබල, 1987 ඉන්දු-ලංකා ගිවිසුම, වාමාංශික දේශපාලන පක්ෂ තහනම් කිරීම, ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ ඝාතනය සිට කොටි සංවිධානය ක්‍රියාත්මක කළ යුද්ධය ඇතුළු කරුණු රැසක්ද මෙම විවාදයට ඇතුළත් කර තිබීමෙන් බටලන්දට පමණක් නොව ඉතිහාසයේ අති පුළුල් පරාසයකට මෙම විවාදය දියත් කිරීමට ආණ්ඩු පක්ෂයේත්, විරුද්ධ පක්ෂයේත් ජනතා නියෝජිතයන් කටයුතු කළ ආකාරයක් දක්නට ලැබිණි.

බටලන්ද විවාදයට ගැනීම 2025 අප්‍රේල් මස 10 වැනිදා පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රයේ සඳහන්වී තිබුණේ මෙසේය.

පාර්ලිමේන්තුවේ සභානායකතුමා –
‘බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නීති විරෝධී රැඳවුම් ස්ථාන හා වධකාගාර පිහිටුවා පවත්වාගෙන යෑම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව : 2025 මාර්තු 14 දින පාර්ලිමේන්තුවේදී සභාගත කරන ලද බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නීති විරෝධී රැඳවුම් ස්ථාන හා වධකාගාර පිහිටුවා පවත්වාගෙන යෑම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව පාර්ලිමේන්තුව විසින් සලකා බැලිය යුතුය’ යනුවෙන් එදින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයෙහි සඳහන් ව තිබිණි.
බටලන්ද වධකාගාරය ඇතිවන්නේත් අත්අඩංගුවට පත්වූවන්ට වධදී මරාදැමීම ක්‍රියාත්මක වන්නේත් 1988-90 අතර කාලයේ එවක පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සහ ජනතා විමුක්ති පෙරමුණ අතර ඇතිවූ යුදමය තත්ත්වය තුළය.

ජනතා විමුක්ති පෙරමුණට අවශ්‍ය වූයේ පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව අවි බලයෙන්, බලයෙන් පහකර රාජ්‍ය බලය ලබාගැනීමටය.
ආණ්ඩුවට අවශ්‍ය වූයේ කවරාකාරයෙන් හෝ ආයුධ සන්නද්ධ කැරැල්ල මර්දනය කොට ජනතා විමුක්ති පෙරමුණ අවසන් කිරීමටය.
එසේ ජනතා විමුක්ති පෙරමුණ මැඩපවත්වා ආණ්ඩුව හා දේශපාලන බලය රැකගැනීමට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට අවශ්‍ය වී තිබිණි.
මෙම සන්නද්ධ අරගලය මෙහෙයවූ ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීරටද එවක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනට සහ එවක අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාසටද අවශ්‍ය වූයේ රාජ්‍ය බලය රැකගැනීමටය.

ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රජාතන්ත්‍රවාදයට පහර දෙමින් සන්නද්ධ කැරැල්ලක් ඇතිවී ආණ්ඩු බලය ගැනීමට කටයුතු කරනවා නම් එය පාලනය කිරීම ිපවතින ආණ්ඩුවේ වගකීමක් බව එවක සිටි ආණ්ඩුවේ ප්‍රධානීහු ප්‍රකාශ කළහ.

ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් කියා සිටියේ තම පක්ෂය ඇතුළු වාමාංශික දේශපාලන පක්ෂ රැසක් තහනම් කිරීමට ආණ්ඩුව කටයුතු කළ නිසා ඔවුන්ගේ ආරක්ෂාවට ආයුධ ගැනීමට සිදුවූ බවයි.

ජනතා විමුක්ති පෙරමුණේ සහ ඊට අනුබද්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් දැඩි භීෂණයක් එල්ල වූ නිසා එය පාලනය කිරීමට ආණ්ඩුවට වගකීමක් ඇති බව ජනාධිපති ජේ.ආර්. අගමැති ප්‍රේමදාස පමණක් නොව එවක ආරක්ෂක රාජ්‍ය ඇමැති රංජන් විජේරත්නද ප්‍රකාශ කර තිබිණි.

කැරැලිකරුවන් රඳවාගෙන තබාගැනීම සඳහා බටලන්ද පමණක් නොව රට පුරාද එවැනි රඳවා තබාගැනීමේ මධ්‍යස්ථාන කිහිපයක් පිහිටුවා තිබිණි.
නමුත් ප්‍රසිද්ධ වූයේ බටලන්ද ඇතුළු තවත් කිහිපයක් පමණි.

කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ රැඳවුම් මධ්‍යස්ථානයක් වශයෙන් පවත්වාගෙන ගිය බව පැවැසේ.
ඊට අමතරව මාතලේ සමූහ මිනීවළ හා සූරියකන්ද සමූහ මිනීවළවල් ගැන කතාබහ එකල දේශපාලන රැස්වීම්වලද ප්‍රධාන මාතෘකා බවට පත්විය.
එවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණු වේදිකාවේ බටලන්ද, සූරියකන්ද ප්‍රධාන මාතෘකා බවට පත්විය.
මහින්ද රාජපක්ෂ, චන්ද්‍රිකා බණ්ඩාරනායක, මංගල සමරවීර, එස්.බී. දිසානායක, නිමල් සිරිපාල ද සිල්වා, පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු පොදුජන එක්සත් පෙරමුණේ ප්‍රධාන නායකයන්ගේ ප්‍රධාන මාතෘකා දෙක වූයේද බටලන්ද සහ සූරියකන්දයි.

17 වසරක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 1994 වර්ෂයේදී පෙරළා දැමීමටද මෙම මාතෘකා ප්‍රධාන හේතූන් වූ බව නොරහසකි.
එවැනි තත්ත්වයක් මත 1988-90 භීෂණ යුගයේදී දෙපාර්ශ්වයෙන්ම සිදුවූ ඝාතන, පැහැරගැනීම්, දේපළ විනාශ කිරීම්වලට එරෙහිව නීතිය සාධාරණව ක්‍රියාත්මක වුණාද යන්න පිළිබඳ සොයාබැලිය යුතුව ඇත.

10 වැනිදා පැවැති බටලන්ද විවාදයේදී ආණ්ඩු පක්ෂයේත්, විරුද්ධ පක්ෂයේත් අදහස් දැක්වූ ජනතා නියෝජිතයන්ගේ මතවාදවලට අවධානය යොමුකිරීමෙන් බටලන්ද ඇතුළු 88-90 භීෂණ යුගයේ දෙපැත්තෙන්ම සිදුවූ අපරාධවලට කුමක් වේදකියා යම් ඉඟියක් ලබාගත හැකිය.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල –

‘බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නීති විරෝධී වධකාගාර පිහිටුවා පවත්වාගෙන යෑම පිළිබඳ මේ කෙරෙන විවාදය ඉතා වැදගත් වෙනවා.’
‘මේ කියන වකවානුවේ මා ශිෂ්‍ය ව්‍යාපාරයේ කටයුතු කළා. මේ වධකාගාර ඇතුළේ අපේ සහෝදර සහෝදරියන්ට අත්වූ ඉරණම ගැන අමුතුවෙන් කිවයුතු නැහැ.’
‘මියගිය සගයන්ගේ ප්‍රාර්ථනා ඉටුකිරීම වෙනුවෙන් කුමක් හෝ කරන්නට අද අපට හැකිවී තිබෙනවා.’
‘මේ වාර්තාවේ නිර්දේශ ප්‍රමාණයක් තිබෙනවා එවක කර්මාන්ත හා විද්‍යා තාක්ෂණ ඇමැති රනිල් වික්‍රමසිංහ ගැන.’
‘මෙම අදාළ සිදුවීම් සම්බන්ධයෙන් ඔහු පොලිසියට උපදෙස් ලබාදී තිබෙනවා. බලය අයථා ලෙස පාවිච්චි කර ඇති බව කොමිෂන් සභාව නිර්දේශ කර තිබෙනවා.’
‘රනිල් වික්‍රමසිංහ සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නලින් දෙල්ගොඩ බටලන්දේ නීති විරෝධී වධකාගාර පැවැත්වීමට අනියමින් වගකිව යුතු බව කොමිසම නිර්දේශ කර තිබෙනවා…’ යනුවෙන් සුනිල් වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් ප්‍රකාශ කළේය.

විරුද්ධ පක්ෂය වෙනුවෙන් විවාදය ආරම්භ කරන ලද්දේ සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්ය.
ඔහු ප්‍රකාශ කළේ ජනතා විමුක්ති පෙරමුණේ ත්‍රස්ත ක්‍රියා අනුමත නොකරන බව බටලන්ද කොමිසමේ සඳහන් කර ඇති බවයි.
‘බටලන්ද කොමිෂන් වාර්තාවේ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරකම් පිළිබඳ දැක්වෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ ත්‍රස්තවාදී ක්‍රියා කිසි ලෙසකින්වත් අනුමත නොකරන බව කොමිසම කියනවා.’

‘ජවිපෙ ප්‍රචණ්ඩ ක්‍රියා නිසා සිවිල් වැසියන් දේශපාලනඥයන් සිය දහස් ගණනක් ජීවිතක්ෂයට පත්වූ බව එම වාර්තාවල දැක්වෙනවා.’
‘මහජනතාවට අතිවිශාල හිරිහැර ප්‍රමාණයක් ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරකම් නිසා ඇතිවී තිබෙනවා.’
‘ආණ්ඩුව මේ වෙලාවේ ඇවිස්සුවේ කුණු කන්දක්. කුණු කන්ද එහාට මෙහාට පහර ගහගන්න වෙනවා.’
‘මේ බටලන්ද වාර්තාව පාර්ලිමේන්තුවට සභාගත කළේ 2002 වර්ෂයේදී. එතකොට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනෙක් මේ පාර්ලිමේන්තුවේ හිටියා. ඒ ඔක්කොම එදා නිහඬව හිටියා. දැන් නින්දෙන් නැගිටලා වගේ කතාව පටන් අරගෙන.’
‘එදා පළාත් සභාවට ඡන්දෙ දුන් අයගේ ඇඟිලි කැපුවා. ඝාතනය කළා. ආණ්ඩුව ඉන්දු-ලංකා ගිවිසුම ගෙනාවේ ජාතික ප්‍රශ්නය විසඳන්න. ජවිපෙ මේ ගිවිසුමට තදින්ම විරුද්ධ වුණා.’

‘වත්මන් අධිකරණ ඇමැතිගේ තාත්තා එදා මරන්න හැදුවා. එතුමාගේ තාත්තා එදා හැංගිලා හිටියේ. අධිකරණ ඇමැතිතුමාගේ තාත්තා එදා දේශපාලනය කළේ ඔසී අබේගුණසේකර එක්ක. අතීතය කතාකරන්න ගියොත් කාගෙ කාගෙත් කුණු ඇවිස්සෙනවා…’ යනුවෙන්ද මුජිබර් රහුමාන් ප්‍රකාශ කළේය.

තමන් ලේවලින් පලිය නොඉල්ලන බවත්, නමුත් යුක්තිය ඉල්ලා සිටින බවත් සමන්ත විද්‍යාරත්න අමාත්‍යවරයා විවාදයට එක්වෙමින් පැවැසීය.
‘ඒ යුගයේ මරණ ලැයිස්තුවේ අපිත් හිටියා. මේ අපි ගෙවන්නේ අතිරික්ත ජීවිත කාලයක්. එදා ආණ්ඩුවේ හිටියේ ඇමැතිවරුන් නෙවෙයි. අළුගෝසුවන්…’ යනුවෙන්ද සමන්ත විද්‍යාරත්න අමාත්‍යවරයා පෙන්වා දෙන ලදී.

කවදත් විවාදාත්මක කතා සිදුකරන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක විවාදයට එක්වෙමින් කියා සිටියේ එදා බෙරගල කෑම්ප් එකේ ගෝනි බිල්ලා අද ඇමැතිවරයකු වී සිටින බවයි.

‘එදා බෙරගල කෑම්ප් එකේ ගෝනි බිල්ලා අද ඔයගොල්ලන්ගේ ආණ්ඩුවේ ඇමැති කෙනෙක්. මම නම කියන්නේ නැහැ. කිව්වොත් රෙදි ගැළවෙනවා.’
‘එදා ලංගම බස් ගිනි තියලා, ට්‍රාන්ස්ෆෝමර් පුපුරවලා, රාජ්‍ය දේපළ විශාල වශයෙන් විනාශ කළා. හරි නම් මේගොල්ලන්ට පොදු දේපළ පනත යටතේ නඩු දාන්න ඕනෙ.’
‘එදා තරුණ තරුණියන් 60,000ක් මැරුණා. අඩු ගානේ මේගොල්ලන් පින් අනුමෝදන් කරලා දානයක්වත් දුන්නද…?’ යනුවෙන් චාමර සම්පත් දසනායක ප්‍රශ්න කළේය.
මීට අමතරව තවත් කථිකයන් රැසක්ම ආණ්ඩු පක්ෂය හා විරුද්ධ පක්ෂය වෙනුවෙන් අදහස් දැක්වූ අතර, ඇතැම් කථිකයන් භීෂණ සමයේදී ඝාතනය වූ විවිධ නම් ලැයිස්තු සහ විනාශ වූ රාජ්‍ය දේපළ පිළිබඳ විවිධ ලැයිස්තු පාර්ලිමේන්තුවේ සභාගත හා හැන්සාඩ් ගතකරන ආකාරයක්ද දක්නට ලැබිණි.

ආණ්ඩු පක්ෂය වෙනුවෙන් අවසාන කතාව සිදුකළ සභානායක බිමල් රත්නායක අමාත්‍යවරයා දැඩි ලෙස අවධාරණය කළේ රනිල් වික්‍රමසිංහට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

බටලන්ද වාර්තාවේ මීළඟ පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන දිනයට පෙර මෙහි ඉදිරි කටයුතු සම්බන්ධයෙන් කරුණු සොයාබැලීමට ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත්කරනු ඇති බවද බිමල් රත්නායක අමාත්‍යවරයා සඳහන් කළේය.

බටලන්ද විවාදය හරහා දෙපැත්තේම කුණු කන්දල් හා යටගිය, සැඟවුණු කරුණු රැසක් හෙළිවෙමින් තිබේ. එම සියලු කරුණුවල සත්‍ය අසත්‍යතාව දැනගෙන එම සියලු කරුණුවලට නීතිය ඉටුකිරීම සියලු දෙනාගේ වගකීමකි.
එතෙක් අප බලා සිටිමු.

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

SendShareShare
Previous Post

විධායක ජනාධිපතිවරයෙක්.. තුනෙන් දෙකේ අතිබහුතර බලයත් තියෙන මාලිමා ආණ්ඩුව මාස 6න් ජනතාවට එපා වුණේ ඇයි? VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

වයසක කට්ටියගෙ ඡන්දෙ ගන්න පන්සල් දේශපාලනය හොඳටම කළේ මහින්ද රාජපක්ෂ! දැන් අනුර කුමාරත් වියපත් ඡන්ද ගන්න ඒ තත්ත්වයට පත්වෙලා! අනුරව බලයට ගේන්න හොඳටම වැඩ කරපු ආචාර්ය නිර්මාල් අද අනුරව දකින හැටි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.