• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජේ.ආර්.ගේ මුනුපුරයි ප්‍රේමදාසගේ පුතයි අවිස්සාවේල්ලෙදි එකතු වෙයි! ආයෙත් ජේ.ආර්.-ප්‍රේමදාස යුගයක්ද? (VIDEO)

November 2, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
ජේ.ආර්.ගේ මුනුපුරයි ප්‍රේමදාසගේ පුතයි අවිස්සාවේල්ලෙදි එකතු වෙයි! ආයෙත් ජේ.ආර්.-ප්‍රේමදාස යුගයක්ද? (VIDEO)
Share on WhatsAppShare on Facebook

මේ රට ගොඩනැගිය හැක්කේ මිශ්‍ර ආර්ථිකයක් තුළින් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (02) පැවසීය.

පවත්නා ආර්ථික ක්‍රමයෙහි ඇති බරපතළ වැරැද්ද හේතුකොටගෙන මුළුමහත් රටම දැඩි වියසනයකට පත්ව ඇති බව ද ඒ මහතා පැවැසීය.

රෝහල් වලට අත්‍යාවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීම අරමුණ කොට ගනිමින්  සමගි ජන බලවේගය විසින් “සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහන ආරම්භ කරනු ලැබීය. ඊට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස දියත් කරනු ලබන ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 33වන පියවර ලෙස රුපියල් විසිලක්ෂ දාසයදහසක් (රු. 2,016,000) වටිනා රෝහල් උපකරණ අවිස්සාවේල්ල රෝහලට පරිත්‍යාග කරනු ලැබීය. ඒ ඊයේ (01)ට යෙදී තිබූ දිවංගත ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ශ්‍රීමතාණන්ගේ ගුණානුස්මරණය සිහිපත් කරමිනි. ඒ අනුව,

  1. Infusion Pump යන්ත්‍ර 4ක් (105,000 x 4 = 420,000)
  2. Syringe Pump යන්ත්‍ර 4ක් (104,000 x 4 = 416,000)
  3. Multipara Monitor යන්ත්‍ර 4ක් (295,000 x 4 = එකතුව  2,016,000 යන උපකරණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ එසඳ වෙල්ලාල මහතා වෙත  පරිත්‍යාග කරනු ලැබීය.

මේ අවස්ථාවට දිවංගත ජනාධිපති ජේ ආර් ජයවර්ධනයන්ගේ මුණුපුරු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නැගෙනහිර කොළඹ සංවිධායක නාගරික මන්ත්‍රී ප්‍රදීප් ජයවර්ධන, අවිස්සාවේල්ල සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායක ගයාන් කොඩිතුවක්කු, හිටපු පළාත් සභා මන්ත්‍රී ලෙනාඩ් කරුණාරත්න, සමගි ජන බලවේගය ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ධනවර්ධන ගුරුගේ, ඇතුළු මහජන නියෝජිතයින් රැසක්ම එම අවස්ථාවට එක්ව සිටියහ.

මේ රටේ සෞභාග්‍යයේ නියමුවා වන ජේ ආර් ජයවර්ධනයන් සිහිපත් කරමින් අවිස්සාවේල්ල රෝහලට රෝහල් උපකරණ පරිත්‍යාග කරන බව පැවසූ විපක්ෂ නායකතුමා, මේ දක්වා අදියර තිස් තුනක් ඔස්සේ මෙවැනි පරිත්‍යාග සිදු කොට ඇතැයිද පැවසීය.

හැමදාමත් ආණ්ඩු සහ විපක්ෂ  සිදුකළේ දේශපාලනය බව පැවසූ විපක්ෂ නායකතුමා සමගි ජන බලවේගය ඒ දෙකම වෙනුවට දේශ සේවය තෝරාගත්  බවද පැවසීය. 

වීරත්වය ගැන පුරසාරම් දෙඩු  ඇමතිවරු තානාපති කාර්යාල ළඟ දණ ගහන තත්ත්වයට පත්ව ඇති බවත් මහජන බැංකුවට පවා බරපතළ අර්බුදයට ලක්ව ඇතැයි ද ඒ මහතා පැවැසීය.

එක පැත්තකින් කිරිපිටි පෝලිම, තව පැත්තකින් ගෑස් පෝලිම, ඇතුළු පෝලිම් රට පුරා මතුව ඇති අතර ඒ අතරතුර දී ආණ්ඩුව ජාතිවාදය,වර්ගවාදය අවුස්සමින් සිටින බවද විපක්ෂ නායකතුමා පැවසීය.

එක රටක් එක නීතියක් යනුවෙන් කළයුත්තේ රට තුළ මහා කැළඹිල්ලක් ඇති කිරීමට නොවන බව පැවසූ විපක්ෂ නායකතුමා,කළ යුතුව ඇත්තේ  මේ රට තුළ සියලු දෙනාටම නිදහසේ නිවහල්ව ජීවත් වීමේ අයිතිය ඇති කිරීම බවද පැවසීය.   

කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු වස් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා,  දෙස් විදෙස් ආධාරකරුවන් සහ “ජනසුවය” ව්‍යාපෘතිය එක්ව “සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහන ක්‍රියාත්මක කරයි.

මීට පෙර සමගි ජනබලවේගයේ හුස්මක් වැඩසටහනේ අදියර 32ක් තුල රු 97,234,000ක (ලක්ෂ 972ක) පරිත්‍යාග සිදුකොට තිබේ.

SendShareShare
Previous Post

ජනාධිපතිට පක්ෂව ස්කොට්ලන්ත පත්තරේක පළවූ ඇඩ් එක!

Next Post

සීනි පාලනයත් ආණ්ඩුව අතහරී!

MORE NEWS

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

Load More
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත්කළ නවතම වාර්තාවට අනුව අද (24) වන විට මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 59...

Read more
දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.