ඉසුරුපාය ඉදිරිපිට පැවැත්වෙන උද්ඝෝෂණයක් හේතුවෙන් බොරැල්ල – කොට්ටාව 174 බස් මාර්ගය සම්පූර්ණයෙන් ම අවහිර වී තිබේ.Sri Lanka Latest News
අප වාර්තාකරු පැවසුවේ පාසල් වල ඉගැන්වීම් කරනු ලබන සංවර්ධන නිලධාරීන් විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර ඇති බවයි.
ඔවුන් ඉල්ලා සිටින්නේ තමන් ව ගුරුසේවයට අනුයුක්ත කර සේවයේ ස්ථීර කරන ලෙසයි.
කෙසේවෙතත් ඒකාබද්ධ පාසල් සංවර්ධන නිලධාරී එකමුතුවේ සාමාජිකයින් විසුරුවා හැරීම සඳහා පොලීසිය මේ වනවිට කටයුතු කර තිබේ.
එම අවස්ථාවේදී එහි උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.










