බදු ගෙවීම පැහැර හැර තිබූ අරක්කු නිෂ්පාදන සමාගම් හයෙන් පහක්, නොවැම්බර් මස 30 වනදාට ලබා දී තිබුණු අවසන් දිනයට පෙර, ඔවුන්ගේ හිග බදු මුදල් ගෙවා අවසන් කර තිබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. Sri Lanka Latest News
එකී සමාගම් පහ විසින් ගෙවිය යුතුව තිබුණු සමස්ත හිග බදු ප්‍රමාණය රුපියල් බිලියන 3 කි.
කෙසේ වෙතත්, වැඩිම හිග බදු ප්‍රමාණයක් ගෙවීමට තිබෙන ඩබ්.එම්. මෙන්ඩිස් සමාගම පමණක් මෙතෙක් ඔවුන්ගේ හිග බදු ගෙවා නැති බව වාර්තා වේ.
මෙන්ඩිස් සමාගම විසින් ගෙවිය යුතුව තිබෙන හිග බදුවල වටිනාකම රුපියල් බිලියන 5.5 කි.
බදු ගෙවීම පැහැර හැර තිබෙන මෙන්ඩිස් සමාගමේ සුරාබදු බලපත්‍රය නුදුරේදීම අහෝසි කිරීමට නියමිත බව පැවසේ.
අවසන් දිනයට පෙර බදු ගෙවූ සමාගම් පහ වන්නේ, සිනර්ජි ඩිස්ටලරීස් කලුතර, වයඹ ඩිස්ටලරීස් කුරුණෑගල, ෆින්ලන්ඩ් ඩිස්ටලරීස්, හිගුරාන ඩිස්ටලරීස් සහ රන්දෙනිගල ඩිස්ටලරීස් සමාගම යි.










