• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවත් එක්ක එකතු වෙන්න! විපක්ෂයට ආරාධනාවක්!

August 1, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
ආණ්ඩුවත් එක්ක එකතු වෙන්න! විපක්ෂයට ආරාධනාවක්!
Share on WhatsAppShare on Facebook

පවතින තත්ත්වය යටතේ ජාතික වගකීමක් ලෙස සලකා සියලු ‌දෙනා එකතුව වැඩ කළ යුතු බවත්, ඒ සදහා විපක්ෂයේ සියලු දෙනාටම තමන් ආරාධනා කරන බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (01) දින අමාත්‍යාංශයේ පැවත්වූ සාකච්ඡාවකකින් පසුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිලිතුරු වශයෙනි.

එහිදී අමාත්‍යවරයා මෙසේද කීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ කැපවීමෙන් එන්නත්කරණ වැඩ පිලිවෙල ඉතාමත්ව සාර්ථක ලෙසින් සිදු කෙරෙනවා.පහුගිය දවස්වල ජපානයෙන් ඇස්ට්‍රා සෙනෙකා එන්නත් ලැබෙන්නෙ නෑ කියලා විපක්ශය කෑ ගහනවා දැක්කා.දෙවන මාත්‍රාව ලෙස ඇස්ට්‍රා සෙනෙකා ජපානයෙන් ලැබිලා තියෙනවා.ඒ ලක්ෂ 7කට වැඩි ප්‍රමාණයක්.අදම අපි ඇස්ට්‍රා සෙනෙකා එන්නත්කරණය සිදු කරනවා.ඒ වගේම සයිනොෆාම්, මොඩානා ස්පුට්නික් V, ෆයිසර් එන්නත් ජනතාවට ලබා දෙනවා.එන්නත් ලක්ෂ පහක් පසුගිය දිනකදී දිනක් තුල ලබා දුන්නා.ඉදිරියටත් අපි ජනතාවට එන්නත් ලබා දෙනවා බොහොම කාර්‍යක්ෂමව.

මේ කොවිඩ් වසංගත තත්වය තුල ජනතාවගේ ආරක්ෂාව තමයි වැදගත් කියලා කටයුතු කරන්නෙ.අපි ජනතාවගෙ සෞඛ්‍ය ආරක්ෂාව බලන්න ඕනෙ ඒ වගේම ඔවුන්ගේ ආර්ථික තත්වය ගැන බලන්න ඕනෙ විශේෂයෙන්ම දෛනික ආදායම් ලබන ජනතාව ගැන.රටක් වහගෙන ඉදලා බෑ කොයි වෙලාවක හරි රට අරින්න එපැයි.ඒ නිසා ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සදහා එන්නත් ලබාදීම සිදු කරනවා.අද ජනාධිපතිතුමා කිවුවා ජනතාව එන්නත්කරණය සදහා උනන්දු කරවන ලෙස.ජනතාව පාරට බස්සලා උද්ඝෝෂණය කරවන එකට වඩා ජනතාව එන්නත්කරණයට උනන්දු කිරීම ජාතික වගකීමක් හැටියට සලකලා එකතුවෙලා වැඩ කරමු කියලා මම විපක්ශයේ සියලු පක්ෂ වලට ආරාධනා කරනවා.

අපි දැක්ක විපක්ෂයේ දේශපාලනඥයින් මේ එන්නත ලබා ගන්නවා.ඒ වගේම අපේ පක්ෂයේ දේශපාලඥයනුත් එන්නත ලබා ගන්නවා.සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂය ඒ වගේම අනුර දිසානායක සහොදරයා ජනතා විමුක්ති පෙරමුණ මේ හැමෝම එන්නත් ලබා ගන්නවා දැක්කා.ඒක ඉතාම හොදයි.මම ඒ අයට කියන්නෙ ජනතාවත් දැනුවත් කරමු ඒ වගේම ඔවුන්ව උනන්දු කරමු එන්නත් ලබාගන්න.මේ කොවිඩ් වෛරසය පක්ශ පාට බලලා නෙවෙයි හැදෙන්නෙ මුලින්ම අපි ඒක තේරුම් ගන්න ඕනෙ.ලෝකයේ රටවල් තමන්ගෙ රටවල් වලට අභියෝග ආපු වෙලාවෙ ඒ අභියොගයන් පරාජය කරන්න කටයුතු කලේ ඒ රටවල පක්ෂ විපක්ශ එකට එකතු වෙලා.හැම එකටම විවේචනය කර කර නෙවෙයි.හොද වැඩකදි හොදයි කියන්නත් කට ඇරෙන්න ඕනෙ.මම නැවතත් කියන්නෙ විපක්ෂයේ සියළු දෙනාටම ආරාධනා කරනවා එන්නත් ලබාගැනීමට ජනතාව උනන්දු කරවන ලෙසට.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියපු විදියටම එන්නත්කරණ ඉලක්ක කරා අපි ළඟා වෙනවා. එය ස්ථිරයි.ජනතාවගේ ආරක්ෂාව සදහා මේ එන්නත් කිරීමේ වැඩ පිළිවෙළට සහාය දෙන ඉතාමත්ම කාර්‍ය්යක්ෂමව වගකීමෙන් හා කැපවීමෙන් වැඩකරන සියළු දෙනාටම මේ අවස්ථාවේදී මගේ ස්තුතිය පුද කිරීමට කැමතියි.

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක හා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මේ බව පැවසුවේ 2021.08.01 දින අමාත්‍යාංශයේ පැවත්වූ සාකච්ඡාවකකින් පසුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිලිතුරු වශයෙනි .

SendShareShare
Previous Post

ඩෙල්ටා දරුණුම අවධිය ඉදිරි මාස කිහිපයේ! මහාචාර්ය මලික් පීරිස් අනතුරු අඟවයි! (VIDEO)

Next Post

‘කුක්’ට කොරෝනා! කොටහලු ගෙදර කෑම කෑ ගමම ‘පොසිටිව්’

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.