ලකේගල ප්‍රදේශයේ කිලෝමීටර් හතරහමාරක පාරක් මාර්ග කිලෝමීටර් ලක්ෂයේ වැඩසටහන යටතේ සංවර්ධනය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා බතික් කර්මාන්ත අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියාකලාපය විවේචනය කිරීමට කටයුතු කළේය.
එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ 2015 කළ දේවල් යළී කිරීමට උත්සාහ කළහොත් ජනතාව ඒ සම්බන්ධයෙන් නිසි ප්‍රතිචාර දක්වනු ඇති බවකි.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාද එක්ව සිටියේය.










