• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘ප්‍රභාකරන්ට වෙච්ච දේ මතකද?’ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් මාධ්‍යවේදියෙක්ගෙන් අහලා! සජබෙන් දැඩි විරෝධය!

July 4, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
සජිත්ගේ පක්ෂයේ මුල්ම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද
Share on WhatsAppShare on Facebook

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගවේෂණාත්මක ලිපි රැසක් පළ කළ මාධ්‍යවේදියකුට ‘ප්‍රභාකරන්ට සිදුවූ දේ මතකද’ යනුවෙන් අසමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු දක්වා තිබූ ප්‍රතිචාරයට විරෝධ්‍ය පළ කරමින් සමගි ජන බලවේගයේ මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කොට ඇත.

එම සම්පූර්ණ නිවේදනය මෙසේය.

වර්තමාන ආණ්ඩුව මෙන්ම නීතිය හා සාමය සුරැකීමට බැදි සිටින පොලිසියේ ඇතැම් නිලධාරින් මාධ්‍යවේදින්ට තර්ජනයක් ව තිබිම පිළිබදව සමගි ජන බලවේගයේ දැඩි අවධානය යොමු වී තිබේ.

ගවේෂණශීලි මාධ්‍යවේදියකු වන තරිදු ජයවර්ධන මහතාට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සිදුකොට ඇති තර්ජනය තුලින් පැහැදිලි වන්නේ එයයි.

තරිඳු ජයවර්ධන මහතා ඒ පිළිබදව පොලිස්පතිතුමාට යොමු කල සවිස්තරාත්මක ලිපියේ පිටපතක් ගරු විපක්ෂ නායකතුමාට ද යොමු කර ඇත. සමාජ මාධ්‍ය හරහා තරිඳු ජයවර්ධන මහතාට දේශබන්දු තෙන්නකෝන් මහතා තබා ඇති සටහන් නිදහස් මාධ්‍යකරනයේ නියැලෙන්නට සිදු කරන බලපෑම විශාල වුවක් බව එම සටහන් සමීපව නිරික්ෂණය කරන විට පෙනේ.

මෙම සටහන් අතර දේශබන්දු තෙන්නකෝන් මහතා තරිදු ජයවර්ධන මහතාගෙන් ප්‍රභාකරන්ට වු දේ මතක ද යන්න විමසිම ඉතාමත් භයානක තත්ත්වයකි.

මේ මොහොතේ රටේ මාධ්‍යවේදින්ට නිදහසේ ලිවිම, අදහස් පලකිරිම පැහැරගෙන යාමට මෙන්ම ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත යටතේ රැදවුම් නියෝග ලබාගැනීම දක්වා ව්‍යාප්තව තිබේ.

දිනෙන් දින ජනතාවගෙන් ප්‍රතික්ෂේප වන ආණ්ඩුව නැග එන ජනතා විරෝධය මර්දනය කිරිමට ක්‍රමානුකුලව රාජ්‍ය ඒකාධිපති පාලනයකට නතු කිරිමට උත්සාහ දරයි. මෙම ක්‍රියාදාමය තුල පොලිසියේ ඇතැම් නිලධාරීන් සිය පෞද්ගලික අභිමතාර්ථ සපුරා ගැනිමට හෝ එල්ල වී ඇති චෝදනා වලින් මිදිමට අනීතික ලෙස ආණ්ඩුව වෙනුවෙන් ක්‍රියාත්මක වීම රටේ ජනසම්මතවාදයට මෙන්ම නීතියේ ස්වාධීපත්‍යට ද අභියෝගයකි.

තරිඳු ජයවර්ධන මහතා පාස්කු කොමිසමේ චෝදනා එල්ල වී ඇති පොලිස් නිලධාරීන් ගැන කැබිනට් මාධ්‍ය හමුවකදී සහ තවත් මාධ්‍ය හමුවකදී ප්‍රශ්න කොට තිබේ. එමෙන්ම ඔහු සිය මාධ්‍ය තුල පොලිසියේ කටයුතු පිළිබදව ගවේෂණාත්මක ලිපි ගණනක් ද ලියා තිබේ. එම ලිපි කිහිපයක් හා හඩ පට කිහිපයක් ද තරිඳු ජයවර්ධන මහතා පොලිස්පතිවරයාට ඇමිනුමක් ලෙස ලිපිය සමග යොමු කොට තිබේ.

එම ඇමිනුම් විමසා බලන විට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ තර්ජනාත්මක ප්‍රකාශ සුළුවෙන් සලකා බැහැර කල නොහැක.

මන්ද ලසන්ත වික්‍රමතුංග, ප්‍රගිත් එක්නැලිගොඩ, සිවරාමි පොද්දල, ජයන්ත උපාලි තෙන්නකෝන් වැනි මාධ්‍යවේදීන්ට අත්වු ඉරණම තුල එවැනි තත්වයක අදුරු සෙවනැලි මෙවැනි ප්‍රකාශ තුලින් විද්‍යමාන වන බැවිනි.

එමනිසා තරිදු ජයවර්ධන මහතා යොමු කොට ඇති ලිපියට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ඒ මහතාගේ සහ පවුලේ සාමාජිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් පොලිස්පතිතුමා ට දන්වා සිටිමු.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කොට ඇති නිදහසේ අදහස් පලකිරිමට ඇති අයිතිය තහවුරු කිරිමට ආණ්ඩුව පියවර ගතයුතුය. එසේ නොමැතිව ආණ්ඩුව ක්‍රියා කරන්නේ නම් එයට එරෙහිව කටයුතු කල හැකි සැම මාර්ගයක් ඔස්සේම පියවර ගැනීමට සමගි ජන බලවේගය කටයුතු කරන බවද අවධාරණය කරමු.

රටේ මානව හිමිකම් පිලිබදව ජාත්‍යන්තරය ප්‍රශ්න කරන මොහොතක ආණ්ඩුව ක්‍රියා කරනුයේ තව දුරටත් අපගේ රට ජාත්‍යන්තරය තුල හුදෙකලා කිරිමට ද? ජනතාවගේ ජිවිතවලට ආරක්ෂාව පිලිබදව හැගිම ලබාදිය යුතු පොලිසිය එයින් බැහැර විමට ඉඩනොදිම ⁣පොලිස්පතිවරයාගේ වගකිම සහ වගවිම බවද අප අවධාරණය කරමු.

මාධ්‍ය අංශය
සමගි ජන බලවේගය

SendShareShare
Previous Post

මහින්දයි ශිරන්තියි දළදා වැඳ පුදා ගනී! (PHOTOS)

Next Post

කපුටු කතාවෙන් පසු ජොනී දයාසිරිට කොටයි! (VIDEO)

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.