පරාක්‍රම සමුද්‍රයේ රළපනාව ආසන්නයේ ඉදිකෙරෙන ඇවිදින මංතීරුවෙන් ජලාශයට කිසිදු හානියක් සිදුනොවන බව ව්‍යාපෘතිය බාර ඉංජිනේරුවරයා සදහන් කරයි.
ඔහු පෙන්වා දෙන්නේ පොලොන්නරුවේ සංචාරක කර්මාන්තය ඉහළ නැංවීමේ අරමුණින් සකස් කර ඇති මහාසැලැස්මට අනුව මෙම ව්‍යාපෘතිය දියත් කර ඇති බවකි.
ඒ සදහා මුදල් වෙ න්කොට ඇති බවත්, ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම තමාගේ කාර්යභාරය බවත් හෙතෙම සදහන් කරයි.










