දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ (කළුබෝවිල) රෝගීන් සඳහා අනෙකුත් ඖෂධ පැවැතියද ආතරයිටීස් රෝගීන් සඳහා ඖෂධ හිඟය මාස ගණනක් තිස්සේ දිග්ගැසී යමින් අදාළ රෝගීන් දහස් ගණනක් පසුගිය සතියේද ආපසු හරවා යවන ලද්දේ ඖෂධ අටකින් එකක් පමණක් නිකුත් කරමින් බවත් රෝගීහු පවසති. (Sri Lanka Latest News)
මෙම පිළිවෙත අහිංසක රෝගීන් නොමරා මැරීමේ ක්‍රියාදාමයක්ද යන්න ගැන රෝගීන්ට සැක මතුව තිබේ.
ඒ පිළිබඳ රෝහල් අධ්‍යක්ෂවරියගේ සහ පාලනාධිකාරිය භාර නියෝජ්‍ය අධ්‍යක්ෂවරියගේ අවධානයට යොමුකළද කිසිදු ප්‍රතිඵලයක් මේ දක්වා ලැබී නොමැති බවයි රෝගීන් පෙන්වා දෙන්නේ.
මෙම රෝහලේ විදුලි සෝපාන දෙකෙන් එකක් මාස ගණනක් තිස්සේ ක්‍රියා විරහිත වීම නිසා රෝගී ජනතාවට ප්‍රතිකාර ලබාගැනීමට පළමු සහ දෙවැනි මහල්වලට යෑමේ තදබදයක්ද පවතින බව වාර්තා වේ.
ආතරයිටීස් රෝගීන් සදඟා ඖෂධ අදාළ තැන්වලින් එවා නැති බවයි ඖෂධ කවුළුවල සිටින සේවකයන් පැවැසුවේ.
මෙම තත්ත්වය ගැන ඊයේ (31) උදේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ අවධානයට යොමුකළ අවස්ථාවේ ඔහු සඳහන් කළේ ඒ පිළිබඳ ඒ මොහොතේම සොයා බලන බවයි.
ප්‍රේමලාල් විජේරත්න










