ජපානයෙන් ලංකාවට ලැබෙන ආධාර 2019 ට සාපේක්ෂව, 2020 වසරේදී 94%කින් අඩු වී ඇති බව වාර්තා වේ.
2019 වසරේදී යෙන් බිලියන 42.7 ක මුදලක් ලංකාවට ලැබී ඇති අතර, 2020 දී ලැබී ඇත්තේ යෙන් බිලියන 1.4 කි.
ජයිකා ආයතනයේ දත්ත මත පදනම් වී පුවත්පත මෙම කරුණු හෙළි කර තිබේ.
මෙරටට ලැබෙන ජපන් ආධාර මෙසේ දැවැන්ත ලෙස පහත වැටීමට හේතු වී ඇත්තේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් වීමෙන් පසුව,ජපන් ආධාර මත ඉදිකිරීමට නියමිතව තිබුණු සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය අහෝසි කර දැමීම බවද දැනගන්නට ඇත.










