ප්‍රවීණ රංගවේදී ජැක්සන් ඇන්තනි ඇතුළු තිදෙනකු ගමන් කරමින් සිටි කැබ් රථය තලාව මොරගොඩ ප්‍රදේශයේදී අලියකුගේ ගැටීම නිසා ජැක්සන් ඇන්තනි බරපතළ ලෙස තුවාල ලබා මිය යාමේ සහ එම කැබ් රථයේ ගමන් ගත් අනෙක් දෙදෙනාට තුවාල සිදු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවති නඩුව අවසන් කරන ලෙසට තඔුත්තේගම මහේස්ත්‍රාත් බුද්ධික මල්වත්ත තලාව පොලිසියට නියෝග කළේය.Sri Lanka Latest News
මෙලෙස නියෝග කළේ මෙම අනතුර සම්බන්ධයෙන් තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එල්. එම්. එම්. කේ. ලන්සක්කාරගේ උපදෙස් මත එම පොලිසියේ රථ වාහන අංශය වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට කළ කරුණු දක්වීමක් සැලකිල්ලට ගනිමිනි.
මෙම මාරක රිය අනතුරින් බරපතළ තුවාල ලබා කොළඔ ජාතික රෝහලේ දින පන්සියයකට අධික කාලයක් සිහිසුන්ව ප්‍රතිකාර ලබමින් සිටි ජැක්සන් ඇන්තනි මහතා මිය යාමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් තලාව පොලිසිය පවසා සිටියේ කැබ් රථය අලියෙකුගේ ගැටී මෙම මාරක රිය අනතුර සිදුවන අවස්ථාවේ අදාළ කැබ් රථය පදවමින් සිට ඇත්තේ ජැක්සන් ඇන්තනි බවයි.
ජැක්සන් ඇන්තනි මහතා මේ වන විට මිය ගොස් ඇති බැවින් මෙම නඩුව තවදුරටත් පවත්වා ගෙන යාමේ අවශ්‍යතාවක් නොමැති බවද ප්‍රකාශ කළේය.
ඒ අනුව මෙම නඩුව අවසන් කිරීමට අධිකරණයේ අවසරය ලබා දෙන ලෙස ද පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. පොලිසිය කළ කරුණු දැක්වීම් සැළකිල්ලට ගත් තඔුත්තේගම මහේස්ත්‍රාත් බුද්ධික මල්වත්ත ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීට මරු කැදවමින් සිදු වූ මාරක රිය අනතුරට අදාළව තඔුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති නඩුව අවසන් කිරීමට නියෝග කරමින් ඒ සඳහා තලාව පොලිසියට අධිකරණයේ අවසරය ලබා දුන්නේය.










