• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පන්දහසකගෙ කුසගි නිවපු දේවගැති ජෙරොම්ගෙ උපන්දිනය! තෑගි දෙන අයට හෙට වෙනුවෙන් වැඩක්! කෑම බීම අරගෙන ළඟට යයි! ජාත්‍යන්තර අමුත්තොත් ඇවිත්! සතියක් පුරා වැඩසටහන්! Sri Lanka Latest News

September 14, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
පන්දහසකගෙ කුසගි නිවපු දේවගැති ජෙරොම්ගෙ උපන්දිනය! තෑගි දෙන අයට හෙට වෙනුවෙන් වැඩක්! කෑම බීම අරගෙන ළඟට යයි! ජාත්‍යන්තර අමුත්තොත් ඇවිත්! සතියක් පුරා වැඩසටහන්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සියල්ල සිදුවන්නේ දෙවියන්ට අනුවද?
එහෙම නැත්නම් දෙවියන්ටත් වඩා විශාල බලවේග කොහේ හෝ සිට ක්‍රියාත්මක වෙනවද?
දෙවියන්ව මැව්වෙත් මිනිස්සුමද?
දෙවියන්ව මවන්න කාටද වුවමනා වුණේ?Sri Lanka Latest News

මේ හැම දේකටම උත්තරය තියෙන්නෙ කොහෙද? අපිට ජීවමානව දෙවියො මුණගැහෙන්නෙ නෑ. අපිට දෙවියන්ට පණිවුඩ යවන්න පුළුවන් අතරමැදියො විතරයි මුණගැහෙන්නෙ. අපි හැමදාම දෙවියන්ව හොයාගෙන යනවා. බොහෝ තැන්වල බොහෝ විදිවලින් අපිට දෙවියන් ගැන ආරංචි ලැබෙනවා. මිනිස්සු සියවස් ගානක් තිස්සෙ විවිධ තැන්වල ඇවිදිමින් දෙවියන් සොයා ගියා. ඈත එපිට ගිරිශිකරයක කටුසර මං දිගේ වැටෙමින් නැගිටිමින් ඔවුන් දෙවියන් සොයා ගියා. සමහර විටෙක සැඩ දිය කැළතෙන ගංගාවක් තරණය කළා. මහ සයුර මතින් යාත්‍රා කරන නැව්වලට මිනිස්සු ගොඩවුණා. සැඩ චණ්ඩ මාරුත ඉවසගෙන මිනිස්සු හිටියා. වැහි මාරුත අස්සෙ මිනිස්සු දරාගත්තා. මිනිස්සු වැටුණා. ආයෙත් නැගිට්ටා. සමහරු මියගියා. ආයෙත් ඊළඟ ආත්මයක් ගැන සමහරු බලාපොරොත්තු තිබ්බා. සමහරු ඊළඟ ආත්මයක් නෑ කියලා හිතුවා. කරන දෙයක් මේ ආත්මයේම කෙළවර වෙන බව ඒ අය හිතුවා. සමහරු නිරුවතින් උන්නා. සමහරු කූඹියෙක්වත් නොමැරෙන්න අඩි තිබ්බා. සමහරු බවුන් වැඩුවා. සමහරු දේශනා කළා. මේ සියල්ලම හරිද වැරදිද කියලා මනින්න පුළුවන් කමක් නෑ. නිගමනවලට එළඹෙන්න බෑ. ආගමක දිග පළල මනින්න අපි දන්නෙ නෑ. නමුත් ආගම් අදහන්නන් සහ දේශනා කරන්නන් ගැන කියන්න හෝ ලියන්න අපිට පුළුවන්. ඒත් ඒ කිසිවෙක් ගැන සාපේක්ෂ පැහැදිලි කරන්න අපිට අවශ්‍ය නෑ.

ඒත් මේ ලිපිය ලියන්නෙ විශිෂ්ට දේශකයෙක් විදියට මුළු ලෝකෙම දන්න කෙනෙක් ගැන කියන්න. ඔහු දේවගැති ජෙරොම් ප්‍රනාන්දු. වසර ගණනාවක් තිස්සෙ ඔහු විවිධ දේශනා සහ ප්‍රාතිහාර්ය සමගින් ලෝකයේ ප්‍රකට වෙලා ඉන්න කෙනෙක්. ඔහුගෙ ඇදහීම වෙන්නෙ දෙවියන් වහන්සේ. ඔහුගෙ දේශනාව වෙන්නෙ බයිබලය. ඔහු ළඟට එන සියදහසක් දෙනා සුවවෙන බව ඔවුන් කියනවා. මේ සුව මෙහෙය අතිශය විධිමත් එකක්. ඒ ගැන අපි මීට කලිනුත් ඔබ එක්ක කියලා තියෙනවා. මේ අතර ජාත්‍යන්තර වශයෙන් විවිධ පුද්ගලයො මේ මෙහෙය සොයාගෙන එනවා. ඒ වෙනුවෙන් ඉදිවුණු අපූරු ගොඩනැගිල්ල වෙන්නෙ මිරකල් ඩෝම් එක. කටුනායක ගුවන් තොටුපළ ආසන්න බිමක පිහිටලා තියෙන්නෙ මිරකල් ඩෝම් එක විශිෂ්ට ගොඩනැගිලි ඉදිකිරීම්වලට සාක්ෂියක්. මේ ඉදිකිරීම මේ විදියට නිමවෙන්නෙ තාක්ෂණයේ විශිෂ්ටත්වය මත. නමුත් ඒ තාක්ෂණයට පාර කිව්වෙ දේවගැති ජෙරොම්ගෙ දිවැසිවරය බව ඔවුන් කියනවා. ඔහුට පෙන්නුම් කරන ලද දර්ශනයක් මහපොළොවෙ හැබෑවක් බවට පත්වීම මිරකල් ඩෝම් එක බවයි ඒ අය කියන්නෙ.

මේ ඉරිදාවෙන් නිමාවෙන්නෙ මිරකල් ඩෝම් එකට අතිශය විශේෂ සතියක්. ඒකට හේතුව මේ සතිය ඇතුළෙ මිරකල් ඩෝම් එන අය බොහෝ දෙනෙක් තමන් කැමැති දේ පරිත්‍යාග කරනවා. ඒ තමන්ගෙ ශාස්තෘවරයාව සතුටු කරන්න තෑග්ගක් දෙනවා වෙනුවට ඒ තෑග්ග මේ රටට වැඩක් ඇති දෙයක් බවට පත්කරන්න. මේ සතිය ඔවුන් වෙන්කරන්නෙ දේවගැති ජෙරොම්ගෙ උපන්දිනය වෙනුවෙන්. ඔහුගෙ උපන්දිනය යෙදිලා තියෙන්නෙ සැප්තැම්බර් මාසෙ 12 වැනිදට. ඒ නිසා මේ සියල්ලන්ටම මේ දිනය අතිශය වැදගත්.
ඒ අතරෙ මේ වැදගත් දිනය සිහිපත් කරමින් ඔවුන් අපූරු දෙයක් කරන්න තීරණය කරලා තිබුණා. ඒ මිනිස්සු පන්දහසකගෙ කුස ගින්න නිවන එක. ඒ කුසගිනි නිවන සංකල්පය ඉතාම සැලසුම්සහගතව කරගෙන යන්න ඔවුන් විවිධ උපක්‍රම දරලා තිබුණා.

සුපුරුදු පරිදි මේ හැමෝම දේව මෙහෙයට සහභාගි වුණා. ඒ දේව මෙහෙය හුඟාක් වැදගත් එකක්. ඒ සඳහා දිවැසිවර යූබට් ඒන්ජල් සහභාගි වුණා. ඒක අපූරු අවස්ථාවක් වෙන්නෙ ඒකයි. ලංකාවෙ ඉන්න අදහන්නන්ට දිවැසිවර යූබට් ඒන්ජල් ඉතාම විශේෂ අමුත්තෙක්. ඇත්තටම ඔහු එහෙම වැදගත් වෙන්නෙ ලංකාවට විතරක් නෙමේ. ඔහු මුළු ලෝකෙටම එක වගේ වැදගත් කෙනෙක්. ඒත් ඒ ලෝක වශයෙන් වැදගත් දිවැසිවරයා මේ ස්ථානයට පැමිණීමම ජයහග්‍රහණයක්.

ඔහුගේ සහභාගිත්වය සහිතව තිබුණු දේව මෙහෙය නිමා වෙනවාත් එක්කම මේ අය අලුත් වැඩකට අතගහනවා. ඒ මීගමුවෙ ප්‍රධානතම බොජුන් හලක පිළියෙල වුණු රසමසවුළු සහිත දිවා ආහාරයට, ඒවා අවශ්‍යම අයගෙ නිවෙස්වලට යන්න පාර කියන එක.

මේ අය කැඳවාගෙන ඇවිල්ලා, පෝලිමක තියලා තමන්ගෙ පාලනය යටතේ කෑම එකක් දීලා පිටත් කරලා යවන එක දේවගැති ජෙරොම්ගෙ සිතුවිල්ලට එරෙහියි. ඒ නිසාම ඔහු යෝජනා කරන්නෙ කෑම පාර්සල් අරගෙන අවශ්‍ය අයගෙ ළඟට යමු කියලා. ඒ විදියට දේවගැති ජෙරොම්ගෙ අනුගාමිකයන් පිරිසක් මුළු මීගමුව පුරාම දිවා ආහාරය බෙදුවා.
බොහෝ විට දිවා ආහාරය අවශ්‍ය අයට මේ ආහාර වේල ලැබුණා. ඒ අය සතුටු වුණා. තමන්ගෙ උපන්දිනය වෙනුවෙන් ඉරහඳ තරු අල්ලන්න දඟලන මිනිස්සු අතරෙ දේවගැති ජෙරොම් අපූරු මනුස්සයෙක් බව ඔප්පු කරලා තිබුණා. ආගම තියෙන්නෙ දෙවියන් උදෙසා නෙමේ මනුස්සයන් උදෙසා බව දැනෙනන මේ වගේ දේවල් හුඟාක් වැදගත්. ආගමික විශ්වාස අස්සෙ කාලයක් තිස්සෙ තිබුණෙ දෙවියන්ව සතුටු කිරීමම විතරයි. ඒත් මේ දිවැසිවරයා තමන්ගෙ උපන්දිනය දවසෙ මිනිස්සුන්‍ව පොලඹවන්නෙ දෙවියන්ව සතුටු කරන්න නෙමේ. ඒ වෙනුවට ඔවුන් දෙවියන්ගේ පණ්වුඩයත් එක්ක මිනිස්සු ගාවට ගියා. ඒ යන ගමනෙ විශේෂයක් තියෙනවා. ඔවුන් ආරක්ෂක අංශවල අය, විවිධ රාජකාරිවල නිරත වෙලා ඉන්න අය හොයාගෙන ඔවුන් ළඟට ගියා.

ඒ කිසිම කෙනෙක්ගෙ
ආගම මොකක්ද?
අදහන්නෙ කාවද?
දේවගැති ජෙරොම්ව දන්නවද?
අපේ ආගමට එන්න…
මිරකල් ඩෝම් එන්න…
ඒ ආගමට වඩා අපේ ආගම හොඳයි…

වගේ කතන්දර කියලා තිබුණෙ නෑ. ඒ වෙනුවට ජාතිය, ආගම, කුලය, බලය, නිලය මේ කිසිවක් නොවිමසා ඔහු එකිනෙකට වෙනස් මිනිස්සු පන්දහසකට ආදරය බෙදා දුන්නා. මේ විදියට අනාගතයෙ දවසක තවත් දහස් ගානකට සුවය සදන්න ඔහුට අවශ්‍යව තියෙනවා කියන එකයි ඔහු වටා ඉන්න දහස් ගණනක් දෙනා කියන්නෙ. ඒ වෙනුවෙන් ඔහු බොහෝ වෙහෙස වෙන බවත්, මේ දේවමෙහෙය තවත් සුවිශේෂ කටයුතු රැසකට මූලාරම්භය සපයන්නක් බවත් ඔවුන් කියනවා.

මිරකල් ඩෝම් කියන මිරකල් එක තවත් මිරකල් රැසකට සූදානම් වෙනවදෝ කියලා හිතෙනවා. ඒ සියල්ල රටට වැඩක් වෙන දේවල් බවයි ආරංචි.

කොහොම වෙතත් මිරකල් ඩෝම් එක හරහා රටට ලැබෙන ආගමික පණිවුඩය කාගෙන් ලැබුණද කවුරු හරහා ලැබෙනවද කියන එක ප්‍රශ්නයක් කරගන්න අවශ්‍ය නෑ. ආගමක මනුස්සයෙක්ට හෙවණ හදන්න ඕනෙ. ආගමක මනුස්සයෙක්ට රැකවරණයක් වෙන්න ඕනෙ. ආගමක් මනුස්සයෙක් වෙනුවෙන් කරන දේවල් කොපමණද කියන එක තමයි වැදගත්. එහෙම නැතුව මිනිස්සු ආගම වෙනුවෙන් කරන දේ නෙමෙයි. අපිට රටක් විදියට දියුණු වෙන්න හුඟාක් දේවල් අවශ්‍යයි. අපි අවුරුදු ගානක් තිස්සෙ දියුණු වෙමින් පවත්නා රටක් බවට අලවපු ලේබල් එකත් එක්ක ජීවත් වෙනවා. ලෝකයෙ හුඟක් රටවල් දියුණුවෙ ඉලක්ක පහුකරලා. ඒත් අපි තවමත් එතැනමයි. එහෙම නම් මේ ගමන යන්න අපි හුඟාක් දෙනෙක්ගෙ හයිය ඕනෙ. පන්සල පල්ලිය කෝවිල කියලා ඉරි ගහලා නොබෙදී හැමෝම හැමෝගෙම අත් අල්ලගන්න දවසක් එනකල් අපි බලා ඉමු. අනෙකාගෙ ආගමික ඇදහීමට අභියෝග නොකරන සෑම විශ්වාසයකටම ගරු කරන හෙට දවසක් ප්‍රාර්ථනා කරමු.

ඒ සියල්ල අවසන දේවගැති ජෙරොම්ට සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරමු. ඔබ ඔහුට වඳිනවද ඔහුව අදහනවද කියන එක තීරණය කරන්න ඕනෙ ඔබ. ඒත් ඔබට ඔහු හා අමනාප වෙන්න හේතුවක් නෑ. ඒ නිසාම ඔහුට සුබ උපන්දිනයක් කියන්න මේ රටේ කාටවත්ම බැරිකමක් නෑ.

තමන්ගෙ උපන්දිනය වෙනුවෙන් පන්දහසකගෙ කුසගින්න නිවපු මනුස්සයෙක් වෙනුවෙන් එහෙම ප්‍රාර්ථනයක් කළාට ඒකෙ වරදක් නෑ.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

බලපෑම් වැඩිවෙයි! ආණ්ඩුව පරණ ක්‍රමයට පළාත් සභා තියන්න ලෑස්ති වෙයි! I Sri Lanka Latest News

Next Post

නේපාලය ගිනිගනී! අගමැති පැනලා යයි! රට ඊළඟට සුෂිලාටද? බාලේන්ද්‍රටද? Sri Lanka Latest News

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!
Exclusive

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

මේ වසර තුළ ඇමරිකානු ඩොලර් බිලියනයක විදේශීය ණය ගෙවීමට සැලසුම් කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා. Sri Lanka Latest News...

Read more
යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.