මෙම වසරේ ගතවූ කාලය තුලදී පුද්ගල ඝාතන 22 ක් සිදුව ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසයි. Sri Lanka Latest News
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ ඒ අතර වෙඩි තබා ඝාතන 17 ක් සහ කපාකොටා ඝාතනය කිරීමේ සිදුවීම් 05 ක් වන බවයි.
ඊට අමතවර එම සිදුවීම් සඳහා ඍජුව හෝ වක්‍රව ආධාර අනුබල දුන් පොලීසියේ හෝ ආරක්ෂක අංශ සාමාජිකයින් පිළිබඳ අනාවරණය වී ඇති බවත් එවැනි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු, එක් හමුදා සාමාජිකයෙකු සහ එක් ගුවන් හමුදා සාමාජිකයෙකු මෙන්ම හමුදාවෙන් පළා ගිය පුද්ගලයින් 07 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බව ද වැඩබලන පොලිස්පතිවරයා පැවසුවේය.










