ආහාර සුරක්ෂිතතාව ඉහළ නැංවීමේ අරමුණින් ශ්‍රී ලංකාවට යුරෝ 300,000 ක හදිසි ආධාරයක් ලබාදීමට ඉතාලිය තීරණය කර ඇති බව කොළඹ පිහිටි ඉතාලි තානාපති කාර්යාලය පවසයි.
මේ පිළිබඳ වැඩිදුර අදහස් දක්වන ඉතාලියේ මෙරට තානාපති කාර්‍යාලය කියා සිටින්නේ,“මෙම දායකත්වය ලෝක ආහාර වැඩසටහන (WFP) හරහා යොමු කෙරෙන අතර, ආහාර ආධාර සැපයීම මෙන් ම ඉලක්කගත මුදල් හුවමාරු කිරීම් සහ ආර්ථික අර්බුදය හමුවේ වඩාත් අවදානමට ලක්විය හැකි අයට වෙනුවෙන් බෙදා හැරීම සඳහා මෙම අරමුදල්වලින් කොටසක් යොමු කිරීමට නියමිතයි.” යනුවෙන්ය.










