හෙටින් (09) පසුව දිවයිනේ නිරිතදිග කොටස ආශ්‍රිතව ක්‍රම ක්‍රමයෙන් වර්ෂාපතනයේ වැඩිවීමක් සිදුවන බවත්, වැසි තත්ත්වයේ වැඩිවීමත් සමග මෙමස අවසානයේ සිට ජූනි දක්වා වූ කාලයේදී ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පැවසීය. (Sri Lanka Latest News)
මේ අනුව, මෙමස 09 වැනිදායින් පසුව බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, ඌව, වයඹ පළාත් ආශ්‍රිතව වැසි ඇතිවන බවද ඔහු කීවේය.
මැයි සිට සැප්තැම්බර් කාලය තුළදී දිවයිනේ නිරිත දිග කොටසේ වර්ෂාපතනය සාමාන්‍ය අගයට වඩා වැඩි අගයක් ගන්නා බවත් ඔහු කීවේය. බෙංගාල බොක්ක ආශ්‍රිතව ඇතිවන සංසිද්ධීන් ඊට බලපාන බවද ඔහු පැවසීය.
ඉකුත් වසරට (2023) සාපේක්ෂව මේ වසරේදී උෂ්ණත්වය දශම දෙකකින් පමණ ඉහළ ගොස් ඇතැයි ද ඔහු පැවසුවේය.
මේ දිනවල සුළං තත්ත්වය අඩු බවද ඔහු කීවේය. පැසිෆික් සාගරය තුළ ඇතිවූ එල්නිනෝ සංසිද්ධිය ක්‍රමයෙන් මේ වනවිට දුර්වල වෙමින් පවතින බවත් ඔහු පැවසීය.
aruna