අද අලුයම 02 ට පමණ අතිරේක හමුදා බලඇණි 03ක් කැඳවා අරලියගහ මන්දිරය වටකර සිටි විරෝධතාකරුවන් ඉවත් කොට ඉල්ලා අස්වූ අගමැති මහින්ද රාජපක්ෂ සහ සමීපතමයන් ඉන් පිටතට ගැනීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.
ඒ වටකිරීමත් සමඟම අද (10) අලුයම හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අරලියගහ මන්දිරයෙන් පිටත්ව ගිය බව පැවසේ.
ඔහු පිටත්ව ගිය තැන පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නැත.










