යතුරුපැදියකින් ගමන්කරමින් සිටි කතෝලික පියතුමෙකුට පහරදුන්නැයි කියන සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ පොලිස් නිලධාරීන් 06 දෙනෙක් අත්අඩංගුවට ගත් බව ගම්පහ මූලස්ථාන පොලීසිය පවසනවා.Sri Lanka Latest News
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් සැරයන්වරු තිදෙනෙක් සහ කොස්තාපල්වරු තිදෙනෙක්.
ගම්පහ අස්ගිරිය වල්පොල ප්‍රදේශයේ මෙම නිලධාරින් රාජකාරියේ නිරතව සිටියදී යතුරුපැදියක් නොනවත්වා ධාවනය කළ බවත් එහිදී එම යතුරුපැදිය පසු පස පන්නාගොස් යතුරුපැදිකරු අල්ලාගත් බවත් එම නිලධාරීන් සඳහන් කරනවා.
එම අවස්ථාවේදී ඇති වූ යම් සිදුවීමක් මුල්කරගෙන පහරදීම වි තිබෙන බවයි වාර්තා වන්නේ.
කතෝලික සභාවේ නිකායක් මගින් පාලනය වන කොටදෙණියාවේ පිහිටි ගොවිපොලක වතු සහයක පරිපාලක ලෙස කටයුතු කරන මෙම පියතුමා දිප්පිටිගොඩ දේවස්ථානයේ දිව්‍යා පූජව තබා එන අතරතුරේදී මෙම ප්‍රහාරයට ලක්ව ඇතැයි පැවසෙනවා.
පොලිස් යතුරුපැදිකරුවන් විසින් පූජක පලදනාවෙන්ම සැරසී සිටි මෙම පියතුමාට දරුණු ලෙස පහර දී මහ මග දමා ගොස් සිටි අතර ඉන්පසුව මීගමුව රෝහලට ඇතුළත් කර ඇත.
තමන්ට සිදුවූ මෙම පහරදීම සම්බන්ධයෙන් පියතුමා විසින් කතෝලික සභාවේ ඉහළ පූජකවරු දැනුවත් කිරිමට කටයුතු කර ඇති බව ද වාර්තා වෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පෙලිස් නිලධාරින්ගේ රාජකාරි වැඩ තහනම් කිරීමක් ද සිදුකර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.










