• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොරෝනා අලුත් ප්‍රභේදය ලංකාවට එන්නෙ නෑ කියන්න බෑ! ආයෙමත් මාස්ක් දාන්න-මීටරෙන් ඉන්න! දැන්ම තියා ලෑස්ති වෙන්න! Sri Lanka Latest News

May 31, 2025
in Exclusive
Reading Time: 11 mins read
A A
කොරෝනා අලුත් ප්‍රභේදය ලංකාවට එන්නෙ නෑ කියන්න බෑ! ආයෙමත් මාස්ක් දාන්න-මීටරෙන් ඉන්න! දැන්ම තියා ලෑස්ති වෙන්න! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉන්දියාව ඇතුළු ආසියාවේ රටවල් කිහිපයක හිස ඔසවමින් පවතින කොවිඩ්-19 හේතුවෙන් ශ්‍රී ලංකාවේ ද සෞඛ්‍ය අංශවල අවධානය ඒ කෙරෙහි යොමුව තිබේ. සිංගප්පූරුව, හොංකොං, තායිලන්තය සහ ඉන්දියාවේ කොරෝනාවෛරස් ආසාදිතයින් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. Sri Lanka Latest News

එසේ පැතිර යන්නේ, කොරෝනාවෛරස් ප්‍ර⁣භේදයක් වන ඔමික්‍රෝන් ප්‍රභේදයේ, උපප්‍රභේදයක් වන JN 1 වෛරසය බව වෛද්‍ය අංශ උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

‘ශ්‍රී ලංකාවට එන්නේ නැහැ කියලා කියන්න බැහැ‘

ආසියානු රටවල් කිහිපයක වේගයෙන් පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය මෙරට තුළ ව්‍යාප්ත වන්නේ දැයි සොයා බැලීම සඳහා රට පුරා PCR පරීක්ෂණ වැඩි කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ ය. ජනතාවට අනිසි බියක් ඇති කර ගත යුතු නැති බව පැවසූ වෛද්‍යවරයා, කෙසේ වෙතත්, මෙම වෛරස් ප්‍රභේදය මෙරටට නොඑනු ඇති බව ඉන් අදහස් නොවන බව ද මැයි 28 වන දා පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

“අපි නැවතත් වසංගත විද්‍යා අංශය ඇතුළු කණ්ඩායම් රැස් කරලා, ඊයේ තමා ප්‍රධාන සාකච්ඡාව පැවැත්වුණේ. අපිට කියන්න තියෙන්නේ මේ අවස්ථාවේ ජනතාව බිය වීමට තරම් කාරණවක් නෑ. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නෑ, ශ්‍රී ලංකාවට මේක එන්නේ නැහැයි කියලා. ආසියාවේ තමයි විශේෂයෙන් කොවිඩ් වැඩි වීමක් තියනේනේ.”

වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ගෙන ඇති පියවර

ප්‍රජාව තුළ වෛරසයට ඔරොත්තු දීමට ඇති හැකියාව අඩු වීම ඇතුළු සාධක කිහිපයක් හේතුවෙන් ආසියානු රටවල් කිහිපයක කොවිඩ්-19 ආසාදිතයන් ඉහළ යාමක් පෙන්නුම් කරනු ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මීට දින කිහිපයකට ඉහතදී නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

කෙසේ වෙතත්, මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් වෛරස් ව්‍යාප්තිය මැඩ පැවැත්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය ජාතික මට්ටමින් සූදානම් වන බවත්, මහජනතාවගේ සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර තීව්‍ර කර ඇති බවත් විශේෂඥ වෛද්‍යවරයා පවසයි.

‘දැනට කොවිඩ් රෝගීන්ගේ වැඩි වීමක් නැහැ’

කොවිඩ්-19 සඳහා සායනික සම්පල පරීක්ෂා කරනු ලබන ඒකාබද්ධ ශ්වසන ආවේක්ෂණය රට පුරා තෝරා ගත් රෝහල්වල අඛණ්ඩව සිදුවෙමින් පවතින බවත්, එම අවේක්ෂණයට අනුව දැනට කොවිඩ්-19 රෝගීන් වැඩිවීමක් පෙන්නුම් නොකරන බවත් එම නිවේදනයේ සඳහන් කර ඇත.

නිතර අත් සේදීම, කැස්ස සහ කිවිසුම් යන විට නාසය සහ මුඛය ආවරණය කිරීම ඇතුළු මූලික සනීපාරක්ෂක පිළිවෙත් සහ ශ්වසන ආචාර විධි නිරන්තරයෙන් පවත්වා ගත යුතු යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ⁣විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සිය නිවේදනයෙන් අවධාරණය කර තිබේ.

මුඛ ආවරණ පැළඳීම සහ දෑත් සේදීම කළ යුතු ද?

කලාපයේ රටවල් කිහිපයක කොවිඩ් ආසාදිතයින් ඉහළ යාම හමුවේ මෙරට ජනතාව ආරක්ෂා විය යුතු ආකාරය සහ පිළිපැදිය යුතු සෞඛ්‍ය පුරුදු පිළිබඳව බීබීසි සිංහල සේවය ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමයේ, ප්‍රජා වෛද්‍ය ලේඛකාධිකාරී වෛද්‍ය කසුනි අතපත්තුගෙන් කරුණු විමසීය.

“කොවිඩ් කියන්නේ සාර්ස් කියන වෛරස් කාණ්ඩයේ එකක්. ඒ වෛරස් කාණ්ඩය කාලෙන් කාලෙට ජනතාව අතර පැතිරීමක් දකින්න ලැබෙනවා. කොවිඩ් ඇතුළුව අනිකුත් ශ්වසන මාර්ගය ආශ්‍රිතව ආසාදනය වන වෛරස්වල පොදු ලක්ෂණ කිහිපයක් දක්නට ලැබෙනවා. කෙළ බිඳිතිවලින්, ශ්වසන මාර්ගයේ තියෙන තරලවලින් තමයි ඒවා පැතිරෙන්නේ. ඒ ආසාදන පොදු රටාවකට පැතිරෙන නිසා ඒවා වළක්වා ගන්නත් පොදු ක්‍රම කිහිපයක් තිබෙනවා.”

“කොවිඩ් ගොඩක් පැතිරීගෙන යද්දී මාස්ක් දැමීම, මීටරයේ දුර තබා ගැනීම අත්‍යාවශ්‍ය තත්ත්වයක් වුණා. දැන් පවතින තත්ත්වය යටතේ කාට හරි කැස්ස, කිවිසුම වගේ දේවල් තියෙනවා නම්, බිඳිති ඈතට විසිරෙන්නේ නැති වෙන්න අතේ උඩ බාහුවෙන් ඇතුළු පැත්තට කිවිසීම, නැති නම් ටිෂූ එකක් හරි ලේන්සුවක් හරි පාවිච්චි කරලා ඒවා හරි විදිහට ඉවත දැමීමට පුරුදු පුහුණු වීම වගේ ම දෑත් පිරිසිදුව තබා ගැනීම ඉතා වැදගත්. ඒවා හරියට කළොත් කොව්ඩ් ඇතුළු ස්වසන රෝග පැතිරීම වළක්වා ගන්න පුළුවන්.”

‘රෝග ලක්ෂණ ඇති පුද්ගලයින්?’

“උණ, සෙම්ප්‍රතිශ්‍යාව වගේ තියෙන කෙනෙක් සෙනඟ ගැවසෙන තැනකට වගේ යනවා නම් මාස්ක් එකක් දාන එක අනිත් අයගේ ආරක්ෂාවට හොඳ යි. නමුත් දැන් නිරන්තරයෙන් මාස්ක් එක දාගෙන ඉන්න කියලා කිව්වේ නැති වුණාට අත් සේදීම, පෘෂ්ට පිරිසිදුව තබා ගැනීම වැනි සරල දේවල්වලට වඩාත් යොමු වීම සුදුසු යි.”

කොවිඩ් එන්නත් ලබාගෙන නොමැති පුද්ගලයෙකු ආරක්ෂා විය යුත්තේ කෙසේ ද?

“අපිට කෘත්‍රිමව ප්‍රතිශක්තිකරණය ලැබෙන ක්‍රමයක් තමයි එන්නත්. එතනදී කරන්නේ, බලය දුබල කරපු වෛරස් ඇඟ ඇතුළට යවලා ඒකට ශරීරයේ ප්‍රතිශක්තිකරණය හැදෙන්න දෙන එක.”

“පහුගිය කාලයේ කොවිඩ් පැතිරීම වැඩි වෙද්දි වැඩි දෙනෙක් කොවිඩ් වැක්සීන් එක ලබා ගත්ත නිසා සමස්තයක් විදිහට බලද්දී සෞඛ්‍ය ආරක්ෂාව හොඳ මට්ටමක පැවතීමට ඒක හේතු වුණා. ඒත්, කොවිඩ් වැක්සීන් එක ගත්ත නැති කෙනෙකුට පෞද්ගලිකව වැක්සීන් එකෙන් ලැබෙන ආරක්ෂාව ලැබෙන්නේ නැහැ.”

“කොවිඩ් වැක්සීන් ගත්ත නැති කෙනෙක්ට නිතර අත සෝදලා, සැක සහිත අය තමන්ගේ වටපිටාවේ ඉන්නවා නම් මාස්ක් එකක් පැළඳලා, පෘෂ්ට පිරිසිදු කරලා, ඒ වගේ ආරක්ෂිත ක්‍රම අනුගමනය කරල ඒ අයට තමන්ගේ ආරක්ෂාව තහවුරු කර ගන්න පුළුවන්.”

⁣කොවිඩ් එන්නත් ලබා ගත් පුද්ගලයින් සම්පූර්ණයෙන් ම ආරක්ෂිත ද?

“කොවිඩ් කියන්නේ ලොකු වෛරස් කාණ්ඩයක කෑල්ලක්. හැම කාලෙක ම එන්නේ එක ම වෛරස් එක නොවෙන්න පුළුවන්. ඒ ඒ කාලයට සංසරණය වන වෛරස් වර්ගයට අනුව තීරණය වෙනවා දැනට ඇඟ ඇතුළෙ හැදී ඇති ප්‍රතිශක්තිකරණය ප්‍රමාණවත් ද කියන කාරණාව.”

“ඒ ඒ කාලයට සංසරණය වන වෛරස් වර්ගය බලලා, පුද්ගලයන් තුළ ප්‍රතිශක්තිකරණය හැදිලා ද කියලා අධ්‍යයනය කරලා බලලා තමයි ඒ ගැන තීරණය කරන්නේ.”

විදේශ සංචාරවල නිරත වන පුද්ගලයන් පිළිපැදිය යුතු උපදෙස්

“හැමෝම අල්ලන පෘෂ්ට ඇල්ලීම අවම කරලා, නිතර අත් පිරිසිදු කරලා, ගොඩක් සෙනඟ ඉන්න තැන්වල මාස්ක් එකක් පාවිච්චි කරලා, රෝග ලක්ෂණ තියෙන අයගෙන් ඈත් වෙලා ඉඳලා ආරක්ෂාව සලසා ගන්න පුළුවන්. විදෙස් සංචාරවලදී කොවිඩ් එන්නත් ලබාගෙන තියෙනවා ද කියන එක ඒ රටවල්වලදී බොහෝවිට සලකා බලනවා. ඊට අමතරව විදේශ රටකදී රෝග ලක්ෂණ පහළ වෙනවා නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සුදුසු යි.”

කොවිඩ් ව්‍යාප්තිය ඇති රටක සිට පුද්ගලයෙකු මෙරටට පැමිණයහොත් ගත යුතු ක්‍රියාමාර්ග මොනවා ද?

“කොවිඩ් පැතිරෙමින් තිබුණ කාලේ රට යන සහ රට ඉඳලා එන අය සම්බන්ධයෙන් කාලෙන් කාලෙට යාවත්කාලීන කරමින් මාර්ගෝපදේශ පැනෙව්වා. එහෙම එන කෙනෙකුට මොනවා හරි සැක සහිත රෝග ලක්ෂණ පහළ වෙනවා නම් වෛද්‍යවරයෙකු උපදෙස් ලබා ගැනීම සුදුසු යි.”

“ඒ වගේ ම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ වෛද්‍යවරයා (MOH), පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂක දැනුවත් කිරීම වැදගත් වෙනවා.”

විදේශ සංචාරකයන් සමග නිරන්තරයෙන් කටයුතු කරන්නන් පිළිපැදිය යුතු උපදෙස් මොනවා ද?

“සංචාරකයන් සමග නිතර වැඩ කරන පුද්ගලයෙක් නම් වැඩිපුර සැලකිලිමත් වෙන්න ඕනෙ. මොක ද මේ දවස්වල අනිකුත් රටවල්වලත් ශ්වසන මාර්ග ආශ්‍රිත රෝග පැතිරෙන නිසා ඒ වගේ වෙලාවට ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ.”

“ඒ වගේ ම සංචාරකයින්ගේ තොරතුරු තබා ගැනීම ඉතා ම වැදගත් වෙනවා. ඒ හරහා රෝගය ව්‍යාප්ත වුණ විදිය සොයා ගන්න පහසු යි. එතකොට හදිස්සි තත්ත්වයක් ඇති වුණොත් ඉදිරියේදී කරන්න තියෙන දේවල්වලට ඒක ලොකු උදව්වක් වෙනවා.”

“වායු සමීකරණය කරන ලද වාහනයක් ඇතුළේ හරි වාතාශ්‍රාය අඩු තැනක හරි ඉන්න වෙලාවට රෝග ලක්ෂණ තියෙන අය ඉන්නව නම් ඒ අවස්ථාව ගැන සැලකිලිමත් වෙලා මාස්ක් එකක් පැළදීම වැදගත්.”

නිධන්ගත රෝග ඇති පුද්ගලයන් සහ වයස්ගත පුද්ගලයින් ආරක්ෂා විය යුත්තේ කෙසේ ද?

“නිධන්ගත රෝග සහ වයස්ගත කියන කාණ්ඩ ඕනෑ ම ආසාදනයකදී ටිකක් අධිඅවදානම් තත්ත්වයක ඉන්නේ. ඒ නිසා ඉතා ම වැදගත් දැනට යම් බෙහෙතක් පාවිච්චි කරනවා නම් ඒවා නිරන්තරයෙන් පාවිච්චි කිරීම. ඒ වගේ ම නිසි පෝෂණයක් පවත්වා ගැනීම වැදගත්.”

“ඒ වගේ ම කැස්ස, හෙම්බිරිස්සාව හෝ වෙනත් ශ්වසන රෝග ලක්ෂණ එනවා නම් අනිත් අයට වඩා වයස්ගත හෝ නිධන්ගත රෝග ඇති අය ඉතා ම සැලකිලිමත් වෙන්න ඕනේ. මේ අයගේ ප්‍රතිශක්තිකරණය අඩු නිසා රෝග වැළඳුණාට පස්සෙ සංකූලතා ඇති වෙන්න තියෙන අවදානම ටිකක් වැඩි යි. ඒ නිසා තමන්ට සැකයක් තියෙනවා නම්, රෝගය තහවුරු වුණ කෙනෙක් එක්ක ළඟින් හිටියා නම් ඉක්මනින් ප්‍රතිකාරවලට යොමු වීම ඉතා ම වැදගත්.”

bbc.com/sinhala

SendShareShare
Previous Post

ඉදිරි පැය 36 අවදානම්! අලුත් නිවේදනයක් නිකුත් වෙයි! I Sri Lanka Latest News

Next Post

මෙන්න හොඳ වැඩක්! මැරෙනකම් ක්‍රීඩා සංගම්වල බලය අල්ලන් හිටපු එවුන් ඉවරෙට ඉවරයි! අවුරුදු 8කට වඩා නිලතලවල ඉන්න බෑ! දේශපාලඥයන්ට එන්නත් බෑ! නිලවරණ නොතියා ඇතුළේ ජිල්මාට් දදා ඉන්නත් බෑ! බලය අල්ලන් හොරකම් කර කර ඉන්නත් බෑ! අලුත් ක්‍රීඩා පනත දැන් වැඩ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

Load More
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.