• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපතිවරයා ජන්ද කල් දාන්න හදන එක භයානකයි! ඔක්කොම එකතුවෙමු! මේ කුමන්ත්‍රණය පරද්දමු! ජවිපෙ ඒකාබද්ධ සටනකට කොඩිය උස්සයි! (VIDEO)

October 10, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
මහ මොළකරු… ආරක්ෂක ලේකම්… පොලිස්පති… දේශබන්දු… දඩයම සහ ජවිපෙ! (VIDEO)
Share on WhatsAppShare on Facebook

මන්ත්‍රීවරු වැඩි කළ රනිල්ම එය අඩු කරන්න අවශ්‍ය යැයි කියමින් මැතිවරණය කල්දැමීමට කටයුතු කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් ප්‍රකාශ කරයි.

ඔහු මේ බව පැවසූවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (10) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.

එහිදී ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස්,

“රනිල් රාජපක්ෂ පළාත් පාලන මැතිවරණය පිළිබඳව කළ ප්‍රකාශයක් සමග ඇති වී තිබෙන තත්වය පිළිබඳව මේ මාධ්‍ය හමුවේ මූලික අවධානය යොමු කරනවා. මේ අවුරුද්දේ පෙබරවාරි මාසයේ පැවැත්වීමට තිබූ පළාත් පාලන මැතිවරණය ආණ්ඩුව තමන්ගේ වුවමනාවට කල්දැම්මා. සම්පූර්ණයෙන්ම ජනමතය වෙනස් වෙලා තියෙද්දී ඡන්දයක් පවත්වන්න ආණ්ඩුවට තිබෙන බැරිකම නිසා ඇමතිවරයාගේ බලය පාවිච්චි කරලා අවුරුද්දකින් කල්දැම්මා. සැප්තැම්බර් 20වනදා සිට ලබන මාර්තු මාසයේ මැද අතරතුර කාලයේ ඕනෑම අවස්ථාවක පළාත් පාලන මැතිවරණය පවත්වන්න බලය මැතිවරණ කොමිසමට ලැබී තිබෙනවා. තරුණ ඡන්ද ලියාපදිංචිය අවසන් වූ වහාම පළාත් පාලන මැතිවරණය පවත්වන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළා. අගමැති දිනේශ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ වෙලාවට ඡන්දය පවත්වන බවයි. නමුත් ඡන්දය දැනටමත් වසරක් කල්දමා තිබෙන්නේ. තවත් කල්දාන්න ආණ්ඩුව පාවිච්චි කරන උපක්‍රමය වී තිබෙන්නේ මේ ආයතනවල 8000ක් වූ මන්ත්‍රී ප්‍රමාණය අඩු කළ යුතු බවට ප්‍රකාශ කිරීමයි. මේ ප්‍රමාණයට වැඩි කළේ රනිල්-මෛත්‍රී පාලන කාලයේදීයි. එහෙම වැඩි කළ රනිල්ම දැන් 4000ට අඩුකරන්න වුවමනා බව මවා පාමින් ඡන්දය කල්දමන්න එය උප්පරවැට්ටියක් ලෙස පාවිච්චි කරන්න හදනවා. 4000ක් දක්වා අඩුකරන්න නම් දැනට තිබෙන කොට්ඨාස වෙනස් කරන අලුත් සීමා නිර්ණයකට යන්න වෙනවා. අන්න ඒ සීමා නිර්ණය පාවිච්චි කර ප්‍රජාතන්ත්‍ර විරෝධී විදියට උපක්‍රමයක් යොදා ගන්න හදනවා.

දැනටම අවුරුද්දකින් කල්දාලා තිබෙන්නේ සීමා නිර්ණ සංශෝධන යෝජනාව පාර්ලිමේන්තුවේ අනුමත නොවීමේ නීතිමය බාධාව යොදාගෙනයි. දින නියමයක් නැතිව කල්දමා තිබෙන තත්වයෙන් පැහැදිලි වෙන්නේ පළාත් සභා ඡන්දය කල්දැම්මා හා සමානව මන්ත්‍රීවරු ප්‍රමාණය අඩුකළ යුතු බව ජනතාවට පෙන්වා දින නියමයක් නැතිව කල්දැමීමයි. ප්‍රජාතන්ත්‍ර විරෝධිව ඡන්දය කල්දැමීම වහාම නතර කරන ලෙස අපි ආණ්ඩුවට බල කරනවා. මේ වෙලාවේ ජනතාව ඉල්ලා සිටින්නේ විකෘති වුණු පාර්ලිමේන්තුව විසුරුවා හැර, වහාම මහා මැතිවරණයකට යන ලෙසයි. ඒකටත් දැනට පවතින වැරදි සමානුපාතික ක්‍රමය වෙනස් කර, ජුනි මාසයට කලින් වාර්තාවක් ලබාගන්නවා යැයි පවසා වෙට්ටුවක් දානවා. ඒ මාසය ඉවර වීමට පෙර වාර්තාව ආවේ නැතිනම් ජනමත විචාරණයකට යන බව පවසා තිබෙනවා. මෙයින් කරන්න යන්නේ පළාත් සභා මැතිවරණය, පළාත් පාලන මැතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පස්සට දමා ජනමතයට ඇහුම්කන් නොදී යන්නයි.

ඡන්ද කල්දමන ක්‍රමවේදය රනිල් එදා ඉගෙන ගත්තේ එයාගේ මාමා ජේ.ආර්. ජයවර්ධනගෙන්. ජේ.ආර්., රණසිංහ ප්‍රේමදාස සිටි ඒ ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ ප්‍රධාන ඇමතිවරයෙක්. දැන් ඒ අනුව යමින් ඡන්ද කල්දමන්න සූදානම් වෙන්නේ ආණ්ඩුවට මේ රටේ ජනතාවගෙන් ජනමතයක් නැති නිසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විධායක ජනාධිපති කියන්නේ ජනතාවගේ ඍජු ඡන්දයෙන් තේරී පත්වුණු ධුරයකටයි. නමුත් රනිල් වික්‍රමසිංහ ජනතාවගේ ඍජු ඡන්දයෙන් පත්වුණු ජනාධිපතිවරයෙක් නොවුණු නිසා විධායක බලය පාවිච්චි කරන්න අයිතියක් නැහැ. ඒ වගේම 22වන සංශෝධනය ගේනවා කියලා මහාලොකු සංදර්ශනයක් පවත්වා ඒ සංශෝධනයෙන් ලැබෙන්න තිබූ අවම හෝ ප්‍රජාතන්ත්‍රවාදය පළල් වීම හකුළා තිබෙනවා.

SendShareShare
Previous Post

ජනාධිපති බයවෙලා! පළාත් පාලන ජන්දෙ-මහමැතිවරණය-පළාත් සභා ජන්ද කල් දාන්න හදනවා! (VIDEO)

Next Post

පාර්ලිමේන්තුවෙන් පත්වුණු රනිල්ට ජනතා මතයකින් තොරව මෙහෙම කරන්න පුලුවන්ද? මහාචාර්ය චරිතට ප්‍රශ්නයක් මතුවෙලා!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.