දාරළුවේ පිහිටි පඬු කරඳ ගස හිටි අඩියේම කපාදැමීමට රජය කටයුතු කිරීම පිළිබඳ ජනප්‍රිය ජීව විද්‍යා ගුරුවරයකු වන තිස්ස ජනනායක සිය විරෝධය ප්‍රකාශ කර තිබේ. (Sri Lanka Latest News)
තවත් පඬු කරඳගස් කිහිපයක් තිබෙන බව වාර්තා වූ පමණින්,දාරළුවෙන් හමුවූ පඬු කරඳ ශාකයට තිබෙන වැදගත්කම කිසිසේත්ම අඩු නොවන බව ඔහු පවසයි.
ගස ආරක්ෂා වන ආකාරයට අධිවේගී මාර්ගය වෙනස් කිරීමට නොහැකි නම්, අඩුම තරමේ ගස වෙනත් තැනක රෝපණය කිරීමට හෝ කටයුතු කළ යුතුව තිබුණු බව ඔහුගේ අදහසයි.
කිසිවකුටත් නොදන්වා රහසිගත ආකාරයට පැමිණ, ගස එතැනින් අතුරුදන් කිරීම භයානක පෙරනිමිත්තක් බවද තිස්ස ජනනායක මහතා පවසා සිටියි.
headlinenews










