• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවේ තේ ගැන දැන්වීමක් හදන්න මිලියන 1765ක් අරන්! එක දැන්වීමක්වත් දාලා නෑ! වෙබ් සයිට් එකක් හදන්න ඩොලර් ලක්ෂ 7ක් අරන්! කාගෙද මේ දැන්වීම් සමාගම? කවුද ඒකේ ලොක්කා? කවුද දීපු ඇමැති? මහා මුදල් වංචාවක තොරතුරු එළියට! Sri Lanka Latest News

July 19, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
මාධ්‍ය සහායක් තිබ්බෙ නෑ! ජාත්‍යන්තර සහායක් තිබ්බෙ නෑ! මුදල් බලයක් තිබ්බෙත් නෑ! එහෙම තිබිලත් අපි ගත්තෙ ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණයක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය සමයේ තේ මණ්ඩලයේ සිදුවූ මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ඔහුට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් පසුගියදා කැඳවීමක් ලැබී තිබුණා. ඒ අනුව එහි පැමිණි නියෝජ්‍ය අමාත්‍යවරයා අදාළ කරුණු දැක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් පළකර සිටියේ මෙලෙසයි. Sri Lanka Latest News

මාධ්‍යවේදියා
ඔබතුමා මොකටද අද ආවේ?

සමන්ත විද්‍යාරත්න
අල්ලස් දූෂණ එකෙන් මාව කැඳවලා තිබුණා පහුගිය දවස්වල මාධ්‍යයේ කරපු ප්‍රකාශයක් අනුව. අපේ අමාත්‍යංශයේ තේ මණ්ඩලයේ පහුගිය කාලයේ සිදුවෙච්ච මුදල් අක්‍රමිකතාවක්, වෙච්ච පාඩුවක් සම්බන්ධයෙන් මම මාධ්‍යයේ ප්‍රකාශයක් කළා. විශේෂයෙන්ම 2015 ඉඳන් 2024 වගේ කාලය තුළ තේ මණ්ඩලයට ලැබිච්ච විශාල මුදල් ප්‍රමාණයක් අපේ රටේ තේ, සිලෝන් ටී කියන එක ප්‍රචලිත කරන්න කියලා විවිධ සමාගම්වලට කොන්ත්‍රාත් දීලා, රූපවාහිනී දැන්වීම් හදන්න, වෙබ් සයිට් හදන්න දීපුවා කිසිදු ඵලදායිතාවකින් තොරව අපතේ ගිහින් තියෙනවා. ඒවාට අපි හිතනවා යම් දේශපාලන සම්බන්ධකමක් තියෙන්න පුළුවන් සහ ඒ කාලේ පත්වෙලා හිටපු සභාපතිවරු, අධ්‍යක්ෂ මණ්ඩලය වගකිව යුතුයි කියලා අපි විශ්වාස කරනවා.

විශේෂයෙන්ම ලෝකයේ රටවල් කලාප හතකට බෙදලා රටවල් 25කට වෙළෙඳ දැන්වීම් හදලා ඒ රටවල රූපවාහිනී නාලිකාවල ප්‍රචාරය කරන්න කියලා මිලියන 1,765ක් වියදම් කරලා තියෙනවා. හැබැයි කිසිදු රූපවාහිනී දැන්වීමක් ලෝකේ කොහෙවත් ප්‍රචාරය වෙලා නැහැ. එතකොට 2015 හදපු දැන්වීම් දැන් දාලා වැඩකුත් නැහැනේ. දැන් මාධ්‍ය තත්ත්වය වෙනස් වෙලා, අපේ තේවල තත්ත්වය වෙනස් වෙලා, ලෝකයේ තත්ත්වය වෙනස් වෙලා. ඉතින් ඒ වගේ විශාල වංචා වෙලා තියෙනවා. ඒ වගේම වෙබ් සයිට් එකක් හදලා තියෙනවා සමාගමකට දීලා, අර පෙර කියපු සමාගමට තමයි දීලා තියෙන්නේ. දැන් ඒ සමාගම් කාගෙද කියලා හොයන්න ඕනෙකමක් තියෙනවා.
ඉතින් වෙබ් සයිට් එකක් හදනකොට එක රටකට එක භාෂාවක් වෙනුවෙන් වෙබ් සයිට් එක පරිවර්තනය කරන්න ඩොලර් ලක්ෂයක් යොදවලා තියෙනවා. ඉතින් ඉංග්‍රීසි භාෂාවෙන් වෙබ් සයිට් එක හදලා තවත් භාෂා හයකට පරිවර්තනය කරන්නත් එකකට ඩොලර් ලක්ෂ ගානේ දාලා තියෙනවා. එතකොට මුල් වෙබ් සයිට් එකම හදන්නත් ලක්ෂයයි, භාෂා පරිවර්තනයටත් ලක්ෂයයි. එතකොට ඩොලර් ලක්ෂ හතක් වියදම් කරලා තියෙනවා. ඉතින් මේ වගේ විශාල මූල්‍ය වංචාවක්, නාස්තියක්, අපරාධයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අද අපි ප්‍රකාශයක් ලබාදීම තමයි මෙහිදී කළේ.

මාධ්‍යවේදියා
ඔබතුමාගේ පැමිණිල්ලෙන් ඔබතුමා දීපු සාක්ෂිවල කාවද චූදිතයන් කරලා තියෙන්නේ?
සමන්ත විද්‍යාරත්න

මේකට අමාත්‍යවරු කීප දෙනෙක් ඉන්නවා. මොකද යහපාලන ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් ඉන්නවා. ඊට පස්සේ අන්තිමට රමේෂ් පතිරණ ඇමැතිතුමාත් ඉන්නවා. මොකද ඔහු තමයි අවසාන කාලේ හිටපු ඇමැතිවරයා. ඒ වගේ කණ්ඩායම් කීපයක් ඉන්නවා. අධ්‍යක්ෂ මණ්ඩලයෙත් ගොඩක් ඉන්නවා. ඒ හින්දා මේකේ පරීක්ෂණයෙන් පස්සේ තමයි වැරදිකාරයා කවුද, නිවැරදිකාරයා කවුද කියලා බලන්න වෙන්නේ. ඒක හින්දා දැන්ම අවසන් එක අපිට කියන්න පුළුවන්කමක් නෑ.

මාධ්‍යවේදියා
චෝදනාවට කී දෙනෙක් ඉන්නවද එතකොට?
සමන්ත විද්‍යාරත්න

ඒක බලන්න ඕනේ. තාම විභාග වෙමින් පවතිනවා.

මාධ්‍යවේදියා
දැන් නීතිය ක්‍රියාත්මක වෙනකොට කට්ටියට මොකක්ද වෙන්නේ? කෙඳිරිගාන්න එපා කිව්වා නේද?
සමන්ත විද්‍යාරත්න

කෙඳිරිගානවා නෙවෙයි, සමහරු දඬුවම් විඳින්නත් ඉස්සර තමා විසින්ම දඬුවම් පමුණුවාගෙන වගේනේ. ඒ හින්දා කෙඳිරිගානවට වඩා විශාල බයකට පත්වෙලා තියෙනවා. ඉතින් අපරාධ කරපු අය, වංචා කරපු අය බයවෙන එක සාධාරණයි. බයවුණා කියලා හැබැයි නීතියෙන් නම් ගැලවීමක් නැහැ. ඒ හින්දා දේශපාලන ඇඟිලි ගැසීමක් අපේ නැහැ. අධිකරණයට අදාළ ස්වාධීනත්වය දීලා තියෙනවා. අධිකරණය ක්‍රියාත්මක වෙනවා. ඒ හින්දා ඒකට අදාළ පහසුකම් ලබාදීම රජයක් හැටියට අපි කරනවා. ඉතින් මේ රට හදන්න නම් අපි ඒ කොටස කළ යුතුයි කියලා විශ්වාස කරනවා.

මාධ්‍යවේදියා
ඔබතුමා කිව්වනේ වංචා කරලා සැඟවෙන්න බෑ කියලා. එතකොට ඔබතුමන්ලාගේ කාලපරිච්ඡේදය තුළ ඔබතුමාට ගැරන්ටි එකක් දෙන්න පුළුවන්ද ඔබතුමන්ලාගේ අමාත්‍යවරු හා නියෝජිතයෝ කිසි කෙනෙක් ඒවාට හසු වෙන්නේ නෑ කියලා?
සමන්ත විද්‍යාරත්න

මෙහෙමයි, දැන් අපි ජනාධිපතිතුමා උපදෙස් දීලා තියෙනවා සියලු දේවල් නීති රීතිවලට අනුව කරන්න කියලා. නීතියට පිටින් වැඩකරන්න බැහැ. අපි නිලධාරී මණ්ඩලවලටත් දැනුම් දීලා තියෙනවා දැන් අපි නීතියට වැඩ කරමු කියලා. නීතියට වැඩ කරන්න අමාරුවක් නැහැ. නීත්‍යානුකූලව කරනකොට හරි ලේසියි. ඒකට හුරු කරගන්නයි අවශ්‍යතාව තියෙන්නේ. එහෙම හින්දා ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ තියෙන දූෂිත සමාජ ක්‍රමය ඇතුළේ අපේ කට්ටිය අතරින් සමහර විට යම් දෝෂයක් වුණා කියමුකෝ, ඒ දෝෂය වෙන කෙනාටත් අදාළ නීතිය ක්‍රියාත්මක වෙනවා. එච්චරයි සිද්ධ වෙන්නේ.

මාධ්‍යවේදියා
දැන් ඔබතුමාලා චාමර සම්පත් හිටපු අමාත්‍යවරයා නම් ඇතුළට දැම්මයි කියලා ඔබතුමා චෝදනා කළා. අපි දැක්කා එතුමා කියනවා පාර්ලිමේන්තුවේදී, ‘ලෑස්ති වෙලා ඉන්න’ කියලා කට්ටියට.
සමන්ත විද්‍යාරත්න

ඔව් කමක් නැහැ. එතුමාටත් ඒ අයිතිය තියෙනවා. පැමිණිලි කරන්න පුළුවන්. එතකොට විභාග වෙයි. රටේ නීතිය ක්‍රියාත්මක වෙයි. ඒ හින්දා අපි චාමර සම්පත් හරි, රනිල් වික්‍රමසිංහ හරි, රාජපක්ෂ හරි ඉලක්ක කරගෙන කටයුතු කරන්නේ නැහැ. ඉලක්කය තියෙන්නේ හොරකම, වංචාව, දූෂණය නවත්වන්න. ඒක කළේ කවුද, අම්මා අප්පා වෙන්න පුළුවන්, එයාලට වුණත් නීතිය ක්‍රියාත්මක වෙන බව තමයි අවසාන වශයෙන් කියන්න තියෙන්නේ.

මාධ්‍යවේදිය
ජනතාවට මොනවද දෙන සහනය?
සමන්ත විද්‍යාරත්න

ඉතින් මේ හොරකම් වංචා දූෂණ නැවැත්වීම තුළත් වෙන්නේ ජනතාවට සහන. සහ රටේ ආර්ථිකය ගැන කවුරුත් දන්නවා ඉතාම දුර්වල මට්ටමේ තිබ්බේ. ආර්ථිකය දැන් ක්‍රමානුකූලව පණ ගහන්න පටන් අරන් තියෙනවා. දලුලන්න පටන් අරන් තියෙනවා. ප්‍රතිලාභ ටිකෙන් ටික ගලාගෙන එනවා. ඉතින් වේගවත් වෙන්න නම් අපි වේගවත් ආර්ථික ගමනක් යන්න ඕනේ. ඒකට රටේ දැන් ආර්ථිකය සකස් වෙමින් එනවා. අපි ඉදිරියේදී බලමු.

Voice Tube

SendShareShare
Previous Post

හිතනවාට වඩා ට්‍රම්ප්ගේ බද්ද ලංකාවට බලපානවා! ආර්ථික විශ්ලේෂක ධනනාත් පෙන්වන බය හිතෙන චිත්‍රය! Sri Lanka Latest News

Next Post

අද තලවතුගොඩදී වෙඩි 4ක් පත්තු වෙයි! ව්‍යාපාරිකයෙකුයි සුරාබදු නිලධාරියෙකුයි පොලිසියෙන් අල්ලන් යයි! Sri Lanka Latest News

MORE NEWS

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

Load More
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

හබරණ, අලුත් ඔය, යකාවංගුව ප්‍රදේශයේ ඉඩමක තිබෙන බව කියන මැණික් නිධානයක් ගොඩගැනීම සඳහා අනවසරයෙන් කැණීම් කරමින් සිටි හිටපු අමාත්‍ය එම්.කේ.ඩී....

Read more
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.