ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ නිවස ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබේ.Sri Lanka Latest News
උතුරු ඊශ්‍රායලයේ සිසේරියා ප්‍රදේශයේ පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ නිවසට ප්‍රහාරය එල්ල වී ඇති නමුත් එම අවස්ථාවේ දී ඔහු නිවසේ සිට නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ප්‍රහාරයෙන් කිසිදු පුද්ගලයෙකුට අනතුරක් සිදුව නොමැති බව ද අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර ඇත.
ලෙබනනයේ සිට මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් නිරීක්ෂණය කර තිබේ.
ලෙබනනයේ සිට ඩ්‍රෝන ප්‍රහාර 03ක් දියත් කර ඇති අතර ඉන් 02ක් මැඩපැවැත්වීමට ඊශ්‍රායල ආරක්ෂක අංශ කටයුතු කර ඇත.
ප්‍රහාරය කුමන පාර්ශ්වයක් විසින් එල්ල කළේ ද යන්න පිළිබදව මෙතෙක් ප්‍රකාශ කර නොමැත.









