සර්වජන බලය සමග එක්ව කටයුතු කරන උදය ගම්මන්පිල මහතා හා දිලිත් ජයවීර මහතා අතර යම් මතගැටුමක් මතුව ඇති බවට දේශපාලන ක්ෂේත්‍රයේ රාවයක් පැතිර යමින් තිබේ.Sri Lanka Latest News
ඊට හේතුව වී ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් දිලිත් ජයවීර මහතා හා උදය ගම්මන්පිල යන මහත්වරුන් අතර මතුව ඇති පරස්පර අදහස්ය.
වික්‍රමසිංහ මහතා විපක්ෂයේ පක්ෂ හෝටල්වලට කැදවා විපක්ෂය දිය කරමින් අනුර කුමාර ජනාධිපතිවරයාට සහාය දක්වන ප්‍රතිපත්තියක් ගෙන යන බවට දිලිත් ජයවීර මහතා චෝදනා කරද්දී උදය ගම්මන්පිල මහතා වික්‍රමසිංහ මහතා සමග හෝටල්වල පැවැත්වෙන සාකච්ඡා සදහා එක්ව සිටීම විශේෂත්වයකි.










