ජාතික සමගිය හා සංහිදියා කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් දීප්ති ළමාහේවා මහතාගේ සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ විශාල කතිකාවක් ආරම්භ වී ඇති ආකාරයක් දැකගන්නට තිබේ.Sri Lanka Latest News
ඒ, ජාතික සමගිය හා සංහිදියා කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරමින් සිටියදී ඒ මහතා සිය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කරන ඇතැම් අදහස් ජාතිවාදී සහ ජාතීන් අතර අසමගිය මතු කරන්නක් බවට ඇතමුන් විසින් මත පළ කොට තිබීමය.
ඔවුන් පෙන්වා දෙන්නේ ජාතීන් අතර අසමගිය ඇතිකරන බවට ජාත්‍යන්තර ආයතන සහ සංවිධානවලින් ලංකාවට එරෙහිව චෝදනා එල්ල වී ඇති පසුබිමක ජාතික සමගිය හා සංහිදියා කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ ආකාරයෙන් කටයුතු කිරීම කිසිසේත්ම පිළිගත නොහැකි බවටය.
පහත දැක්වෙන්නේ ඒ මහතාගේ ෆේස්බුක් පිටුවේ පළ කොට තිබූ පෝස්ට් කිහිපයකි.