වත්මන් රජය විසින් වසා දැමීමට යන ආයතන අතර ධීවර සංස්ථාව ඇති බවට බොහෝ මාධ්‍ය තුළ ප්‍රවෘත්ති පළ වී ඇති බවත් මේ සම්බන්ධයෙන් මීට පෙර උපදේශක කාරක සභාවේ දී පවා මේ ගැටලුව නැගූ අවස්ථාවේ කතානායකවරයා විසින් ‘එය වැරදි පුවතක් බවත් වසා දමන ආයතන ලැයිස්තුවේ ධීවර සංස්ථාව නොමැති’ බවට ප්‍රකාශ කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
එබැවින් එදා කතානායකවරයා විසින් උපදේශක කාරක සභාවේ පැවසූ ඒ දේ සත්‍යදැයි කියා පාර්ලිමේන්තුවේදී පැහැදිලි කිරීමක් සිදු කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.










