බදු වෙනසක් සිදුකරමින් ලංකාවට ගෙන්වා බෙදා හරින බව කියන BYD රථ රේගුව විසින් නිදහස් නොකිරීමට ගෙන ඇති තීන්දුව සම්බන්ධයෙන් මුදල් කාරක සභාවේ සාකච්ඡාවක් සිදුව තිබේ.Sri Lanka Latest News
එහිදී මුදල් කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා මහතා ඒ සම්බන්ධයෙන් විමසීමක් කොට ඇති අතර ඊට පිළිතුරු දෙමින් රේගු නියෝජිතයකු පෙන්වා දෙන්නේ මොරටුව විශ්වවිද්‍යාලයෙන් එහි කිලෝවොට් ධාරිතාව පිළිබදව විමර්ශනයක් සිදුකරන නමුත් ජෝන් කීල්ස් ආයතනය පාර්ශවයෙන් විමර්ශනවලට ලබා දෙන සහාය මන්දගාමී බවත්ය.
නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහද පවසන්නේ මොරටු සරසවියෙන් එහි පරීක්ෂා කිරීම් සිදුකළ යුතු බවකි.
පසුව හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේ අදාළ පරීක්ෂණ පිළිගත් ජාත්‍යන්තර සමාගමකින් සිදුකළහොත් එහි පිළිගැනීමක් ඇති බවකි.










