• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සමාජවාදය – ධනවාදය ඉවරද? පඩත්තලවාදය සහ මුසාවාදය! Sri Lanka Latest News

February 8, 2025
in Exclusive
Reading Time: 7 mins read
A A
සමාජවාදය – ධනවාදය ඉවරද? පඩත්තලවාදය සහ මුසාවාදය! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නිදහස ලබාගත්තා යැයි කියන දින සිට ගෙවුණු වසර හැත්තෑහතක් තිස්සේ අපේ නිදහස් දින යැයි කියන දවසේ අපට දකින්නට සිද්ධ වූයේ පිටරට නිෂ්පාදිත යුද ටැංකි, මල්ටි බැරල් සහ මිග් යානා සංදර්ශනයි. එහෙත් ඒවා මෙවර නැත. Sri Lanka Latest News

ඉස්සර රැස්වෙන සියලු දෙනා වෙනුවෙන් මාර්ග ආසන්නයේ ඉදිකෙරුණු තාවකාලික වැසිකිළි කැසිකිළි වෙනුවෙන් පමණක් කාබාසිනියා වූ මුදල් ප්‍රමාණය (වැඩි කොටස මාටියා ගැසීමටය) රුපියල් මිලියන ගණනාවකි. එහෙත් ඒ මහජන මුදල් ගසාකෑමේ වරම මෙවර නැත.

දීර්ඝ කතාවක් කෙටියෙන් කියන්නේ නම්, සිංහල හාලේ බත්, බුලත් කා මේ හෙළ දෙරණේ දෙපය ගසා හැදුණු වැඩුණු එකෙකුගේ මස්, ඇට, ඇටමිදුළු, රිහිරි ජාතිය වෙනුවෙන් කකියන නිදහස් උත්සවයක් නේත්‍ර දෙකට දුටුවා නම් දුටුවේ මේ වසරේ (77 වැනි) බැව් කිව යුතුය.

මේ අපේම සංස්කෘතික සංදර්ශනයකි. අපේ සැහියාව (සංස්කෘතිය) විජය කියන හොරාගෙන් ඇති වූ බව ඇතැම්හු පවසතත් ඊට වසර හයහත් දහසකට (මහබලි, රාවන යුග) පෙර පටන් අපට ලෝ පතළ සංස්කෘතියක් තිබුණු බව දන්නෝ දනිත්.

කාලයට යටවූ ඒ සංස්කෘතිය පසු කලෙක අනුබුදු බුදු හිමියන් ගෙනා බුදු දහමෙන් වැඩී ඔපමට්ටම් වූ බව සැබැවි.

බුදුන් වහන්සේ අසූ වසරක් ජීවමානව වැඩසිට පරිනිර්වාණය සිදුවී මේ වනවිට වසර දෙදහස් පන්සිය හැත්තෑවකට පමණ ආසන්නය. උන්වහන්සේ ලෝවැස්සාට සසරින් ගැළවී විමුක්තිය (නිර්වාණය) සාක්ෂාත් කරගැනීමට දුන් දායාදය බෞද්ධ දර්ශනයයි. (බුදු දහමයි) ඊට ඉංගිරිසියෙන් බුඩිසම් Buddhism යැයි කියති.

සත්වයාට විමුක්තිය (සසරින් ගැළවීම) සඳහා ඒ අන්දමින් බුදුන් වහන්සේ ධර්මය දේශනා කළ සමයේම සමකාලීන ශාස්තෘන් වහන්සේලා හැටහතර දෙනකු සිටි බව බෞද්ධ ඉතිහාසයේ ඉගැන්වේ. ඉන් ප්‍රධාන වූවෝ හය දෙනෙකි. ඔවුහු ෂඩ් සාස්තෘන් නමි. ජෛන මහාවීර හෙවත් නිගණ්ඨ නාථපුත්ත, අජිත කේශකම්බල, මක්කගෝසාල, පූර්ණ කස්සප, සංජයබෙල්ලට්ටි පුත්ත, පකුදකච්චායන ආදී වශයෙන්ය.

ඉනුත් ප්‍රධානියා ජෛන මහාවීර හෙවත් නිගණ්ඨ නාථ පුත්තය. ඔහු සහ ඔහුගේ අනුගාමිකයෝ (ගෝලයෝ) සියලු දෙනාම සිටියෝ නිරුවතින්ය. ඊට හේතුව සිය නායකයාගේ දර්ශනය රෙදිකඩකට හෝ ඇල්මක් (බැඳීමක්, ගැටයක්) නැති බවය. එසේ හෙයින් ඔහු නිගණ්ඨ නාතපුත්ත නම් වූහ. අද පවා ඉන්දියාවේ ඔහුගේ ශ්‍රාවකයෝ දහස් ගණනින් වෙසෙත්. නිගණ්ඨ නාථපුත්ත පිරිස් (ශ්‍රාවක) බලයෙන් දෙවැනි වූවේ බුදුන් වහන්සේට පමණි. ඔහුගේ දර්ශනය අන්තවාදී අවිහිංසාවාදයයි. ඔහු සෑම විටම හෙතෙම රෙදිකඩකින් නාසය හා මුඛය ආවාරණය කරගෙන සිටියේය. ඒ වාතයේ සිටින ක්‍ෂුද්‍රජීවීන් ආඝ්‍රාණයවී උන් මියයාමෙන් වැළැක්වීමටය. ඔහු මාර්ගයක ගමන් කරන කල්හි කූඹින් වැනි කුඩා සතුන් පෑගී මියයාමෙන් වැළැක්වීමට නිරන්තරයෙන් අතේ ගෙනයන මුසුන්නකින් (කුඩා කොස්සක්) මග පිස දමමින් ගියේය.

බුදුන්ගේ මෙන්ම ඔහුගේ දර්ශනවාදයේද හේතුඵලවාදය සහ කර්මවාදය එක සමානය. ශාස්තෘන් වහන්සේලා දෙදෙනාගේ (බුදුන් සහ නිගණ්ඨ නාථපුත්ත) ඉගැන්වීමේ වෙනස බුදුන්ගේ අන්තවාදී නොව මධ්‍යම ප්‍රතිපදාවය. නිගණ්ඨ නාථපුත්තගේ අන්තවාදී අවිහිංසාවාදයය.

කේශකම්බලිගේ ඉගැන්වීම අමරා වික්ඛේපවාදයයි. අමර යනු ආඳාය. ආඳා අල්ලන්ට බැරි ලිස්සා යන්නෙකි. කේශකම්බලත් ඔහුගේ ඉගැන්වීම ගැන කිසිවකු නගන ප්‍රශ්නයකදී අසු නොවන ආකාරයෙන් එක එල්ලේ පිළිතුරු නොදී ලිස්සා යයි.

ඒ, මෙසේය.
ප්‍රශ්නය – පරලොවක් ඇත්ද?
පිළිතුර – තතාපි මේනෝ. (තියෙන්ඩත් පුළුවං)
ප්‍රශ්නය – පරලොවක් නැත්ද?
පිළිතුර – නෝ නෝතිපි මේනෝ. (නැතිවෙන්ඩත් පුළුවං)
උන්නැහේ (උන්නාන්සේ) හරියට අපේ ඇතැම් දේශපාලනඥයන් වගේය. හීන්සැරේ ලිස්සා යයි. අල්ලන්ට බැරිය.

ශිව දෙචියන් වැපිරුවා යැයි කියන හින්දු (වාදය) ආගම ලෝකයේ පැරැණිම දර්ශනවාදය බව බොහෝ දෙනකුගේ පිළිගැනීමය. අදට වර්ෂ අටදහසකටත් පෙර (එනම් ඉන්දියාවේ මොහොන්fදාජාරෝ හරප්පා ශිෂ්ටාචාරයටත් පෙර) ඒ ආගම පැවැති බව සොයාගෙන තිබේ.

හින්දු වාදය (ආගම) Hinduism ලොවේ බොහෝ දෙනෙක් වර්තමානයේද අදහති. ඉන්දියාවේ විශාල ප්‍රදේශයකත් ලංකාවේ යාපනය අර්ධද්වීපයේ සිට අනුරාධපුරය ඇතුළු සමස්ත කඳුකරය පමණක් නොව කොළඹ කොටහේන වැල්ලවත්තද හින්දු භක්තිකයන්ගේ රජදහන්ය.

(ඉතිහාසඥයකු වන පෝල් ඊ පීරිස් ලංකාචේ බටහිර ජාතීන්ගේ පාලන සමය නමැති ඉංගිරිසි පොතේ මෙසේ සඳහන් කර ඇත. If the flag followed the trade the cross was not far behind (වෙළෙඳාම පසුපස ධජය (පාලනය) යයි නම් කුරුසියද (ආගම) ඈතක නො වේ). බටහිර ජාතීන් පළමුව ආවේ වෙළෙඳාමටය. ඊට පසු ආගම පැතිරවීමය. අනතුරුව රට පාලනයයි) මේ ප්‍රකාශ ලඝුකොට තැකිය යුතු ඒවා නො වේ.

Hinduism වාදය වැනි වාද අතීත කතාය.
මධ්‍යකාලීනව කාල්මාක්ස්, ලෙනින් සහ ෆෙඩි්‍රක් එංගල්ස්ලා කොමියුනිස්ට්වාදය Commiunism සමාජගත කළාහුය. එය මේ දක්වාම ජාත්‍යන්තරයේ තිබේ. ට්ට්‍රොස්කිගේ, ට්ට්‍රොස්කිවාදයත් Trotskyism දෙවැනි ලෝක යුද සමයේ පණ අදිමින් තිබී වළකජ්ජං ගැසුවේය.

කොතරම් මනුෂ්‍ය ඝාතන සිදුවුවත් ජර්මනියේ ඇඩෝල්ෆ් හිට්ලර්ගේ නාසිවාදය Nazism තවමත් එරට ඇතැම් ජනකොටස් අතර හොර රහසේ ගෞරවයට පාත්‍රව ඇති බව දැනගන්නට ඇත.

මේ අන්දමේ බහුවිධ වාද බහුවිධ පරමාර්ථ සාක්ෂාත් කරගැනීම සඳහා ඇතිව නැතිව ගොස් ඇති අතර, ඇතැම් වාද සබ්බ සකල කෙප්ප කෙළිමින් දිනෙන් දින මතුව යහතින් චිරාජමාන වේ.

ඒ දෙන පොරොන්දු ඉටු නොකිරීමට කිසිසේත්ම නොහැකි වුවද බලය අත්පත් කරගැනීමේ අපේක්‍ෂාවෙන් මහජනයා ජහමනයා සේ තකා කෙප්ප කෙළීිමේ කලාව රැවටීමේ කලලය කරගත් මුසාවාදය වේ.

කිසිවකු මා (මේ ලියුම්කරු) කෙරෙහි අඝාත බැඳ නොගනු මැනැව.
අපේ රටේ බලයට ආවෝ මහජනයා හුයි හුයි හෝ ජහ ජහ හෝ නොකියා කියා දැක්කුවේම මුසාවාදයෙනි.
ඇතැම්හු හඳෙන් හාල් ගෙනැත් දෙන බව කීවෝය.
ඇට අටක් දෙන බව කීවේය.

එච්චර දුර යන්නට අවශ්‍ය නැත. මේ රටේ දැනට වසරක කාලයක් තරමේ සිට අපට අහන්නට ලැබුණු නැත්නම් දුන් පොරොන්දු ලොට් එක මහ බුරුත්තකි.

අවුරුදු හැත්තෑහතක් තිස්සේ පමණක් නොව අපට මතුමත්තේ දී පවා දිරවාගත නොහැකි ගෙඩි පිටින් (දුරියං වැනි) බේගල් ගිල්ල වූ අපේ දේශපාලලා වගේම අපේ අනුර මල්ලියාත් බෝසත් කෙනකු සේ වන්දනෛයාබි නෛයකුසේද පූජනෛයාබි පූජනෛයකුසේද අපට උඩගන්ඩ බැරි වෙන්ඩ මදි කොකියන්නම දෙන්ඩ යනවා වාගේ පෙනේ.
කොකාගෙ සුද පෙනෙන්නේ ඉගිළෙන විට කීවා සේ කෙළිය තේරෙන්න පටන් ගන්නේ දැන් තමා.

පාචිච්චියට නිල රථ නොගන්නා බවට දිවුරුවේ අම්මාපල්ල තාත්තා පල්ල කියමිනි. දැන් දෙකක් ඇරගෙනලු. රථ ගාය හැදී දඟලන බව එහෙං මෙහෙං අසන්නට ලැබේ.
එන්න ඉස්සර පිටරට සවාරි අරහංය. දැන් බලන්ඩ එපායැ රඟේ.

එදා වී සහතික මිලට රුපියල් 150ක් දෙන ලෙස ඉල්ලමින් ආණ්ඩුවේ නාමල් මලයා ගොවියන්ට අමුඩ ගැස්සුවේය. අද ඒ නාමල් මලයාගේ ආණ්ඩුවේ වී මිල 120කි.

ඇතුලත්මුදලි හදිසියේ අභාවප්‍රාප්ත වීමෙන් පසුව ප්‍රවාහන ඇමැති ධුරය ලද ඔහුගේ නෝනා කොටුවේ දුම්රියපළ බලන්න ගොස් කොස්සක් රැගෙන වේදිකාව ඇමදුවාය.
ඔය වාගේම සිරිසේන ලොක්කාත් ජනාධිපති වී පාර්ලිමේන්තුවෙන් දෙන එක බත් ඇටයක් හෝ නොගිලින බව දිවුරා පවසා ඊට වැඩිය අපේ ගෙදර උන්දැ නෙලුම් කොළේ ඔතා දෙන බතේ වටිනවා යැයි කීවේය. උන්නැහේට පස්සෙ ඒක අමතක වූවා සේය.

අපේ මාලිමා මන්ත්‍රීවරුත් දැන් දැන් ඒ සින්දුවම ගහන බව පාර්ලිමේන්තුවේ kitchen කිචන් එක පැත්තෙන් ලැබෙන ඉතා චිශ්වාසකටයුතු ආරංචිවලින් දැනගන්නට තිබේ.
එසේම මලයා ඇතුළු නඩේට පුටුවල ඉඳගන්නා තුරු හරි කැසිල්ලක් තුබුණේය. ඒ පාස්කු ප්‍රහාරයේ කොත්මොළකරුත්, ලසන්ත වික්‍රමතුංගගේ, එක්නැළිගොඩගේගේ සහ තාජුදීන්ගේ වැඩකාරයන් ටික ලෝකෙට පෙන්වන්නට ගේන්නටය. දැන් ඒ ගාය ඇල්මැරිලා වගේය. තාමත් අමුඩ ගහන්නට හරිබරි ගැහෙනසේය. ඕකට අරක්ගත් හොරුන් දෙසිය විසිපහම අල්ලනවා……ආ…යැයි බෙරිහන් තැළුවෝය. බල්ලගෙ හොක්ක තමයි. අපට සැක අපට නොපෙනෙන්න හොරෙන් හොරෙන් කාටවත් නොපෙනෙන්නවත් ඇල්ලුවාද කියන එකය.

Sri Lanka Latest News

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

සුද්දාගේ කාලේ නැව් 4ක් පුරවලා ලංකාවෙන් පුස්කොළ පොත් අරන් ගියා! AI තාක්ෂණයෙන් සියල්ල කියවන්න ලෑස්ති වෙයි! අවුරුදු 2500ක් පැරැණි හෙළ රහස් සුද්දො හෙළිකර ගන්නයි යන්නේ! Sri Lanka Latest News

Next Post

උතුරට යද්දී නිහඬව හිටගෙන ඉන්න කීරමලේ යකඩ යකා! Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.