• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුළු ලෝකෙම අපේ දිහා බලාගෙන සිටිද්දී හමුදාව පොලිසිය මේ විදිහට හැසිරෙන එක හරිද? රටට වරදියිද?

July 10, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
මුළු ලෝකෙම අපේ දිහා බලාගෙන සිටිද්දී හමුදාව පොලිසිය මේ විදිහට හැසිරෙන එක හරිද? රටට වරදියිද?
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ මහජන ආරක්ෂාව, නීතිය හ සාමය රැකීම භාරව ඇත්තේ පොලිසියටය. යුද, ගුවන්, නාවික යන ත්‍රිවිධ හමුදා එම කටයුතු සඳහා කැඳවන්නේ නැත. එහෙත් මේ දවස්වල හන්දියක් හන්දියක් ගානේ දක්නට ඇත්තේ අවි අමෝරාගත් හමුදා සෙබළුන්ය. අද වන විට දකුණුකරයේද ඇත්තේ යුද තත්ත්වයක් යැයි කියා සිතෙන තරමට මහා මාර්ගය පවා හමුදාකරණය වී ඇත්තේය. කොතරම් නැති බව කියූවත් මහ මඟ ක්‍රියත්මක හමුදා මෙහෙයුම් මිනිස් ඇසට මෙන්ම නිදහස් ජීවිතයටද ගෙන එන්නේ බාධාවකි.

අගමැති රනිල් වික්‍රමසිංහට අනුව නම් මේ ලංකා ඉතිහාසයේ නරකම කාලයය. පෝලිම් නැති හන්දියක් සොයාගැනීම නොමළ ගෙයකින් අබ මිටක් සොයා ගැනීමට දෙවැනි නැත. තෙල්ද, ගෑස්ද, කිරිපිටිද කියා නැත, සෑම පෝලිමක්ම එක වගේය. මුල් අවස්ථාවේ පෝලිම්වලින් අහන්නට දකින්නට තිබුණේ විපත වින්දනය කරනා මිනිසුන්ගේ කෙළි කවටකම්ය. අනතුරුව පෝලිම්වල දෝරේ ගලා ගියේ මිනිසුන්ගේ දුක්කම්කටොලුය. එවන් පෝලිම් ඉක්මනින්ම නිරායුද මිනිසුන්ගේ කලකිරීම සහ ආණ්ඩු විරෝධය විදහාපාන තැන් බවට පත්විය. එකී විරෝධය මර්දනය කරන්නට ආණ්ඩුව පොලීසිය කඳව්වේය. පොලිස් නිලධාරීන්ගේ අත්තනෝමතික හැසිරීම් නිසා තෙල් ටිකක් ගහගන්නට පෝලිමේ සිටි හුදීජනයාට සිදුවූයේ ‘තෙල් ගාගැනීමට’ය. ඇතැම් තැන්හි තෙල් ගාගැනීම පමණක් නොව පත්තුද බැඳගන්නට සිදුවිය. ඒ, සීමාන්තිකව මුදාහළ පොලිස් ප්‍රචණ්ඩත්වය නිසාය.

පොලීසිය මදිවාට ආණ්ඩුව තෙල් පෝලිම් විනයවත් කරන්නට හමුදාවද කැඳෙව්වේය. ඉන් සිදුවූයේ අරගලය උත්සන්න වීමය. මුලින්ම තෙල් පෝලිම්වලින් වාර්තා වූයේ පොලිස් හමුදා ගැටීම්ය. එහෙත් අද වන විට රට පුරා පිරවුම්හල් අසල පෙන්වනු ලබන්නේ ‘මිලිටරි ඔපරේෂන්’ය. අතීතයේ උතුරේ ක්‍රියාත්මක ‘මානුෂීය මෙහෙයුම්’ ගෙයි මැද සාලයේ සිට හුරේ දමමින් නැරඹූ දකුණේ වැසියෝ අද එවැනිම මෙහෙයුමක ප්‍රායෝගික වින්දිතයන් බවට පත්ව ඇත්තාහ. සැකෙවින් පවසන්නේ නම් අද වන විට තෙල් පෝලිම් චිකාගෝ පන්නයේ ක්‍රියාන්විතයන්ගෙන් පිරී ගිය තැන් බවට පත්ව අවසන්ය. කුරුණෑගලදී ලුතිනන් කර්නල්වරයෙක් තරුණයකුට ‘පා සරඹ’ පෙන්වද්දී, පානදුරේදී ගුවන් සෙබළුන් පිරිසක් තෙල් පෝලිමක පීඩිතයන්ට ‘ගුවන් ප්‍රහාරයක්’ එල්ල කර තිබිණි. ඉවසලා බැරිම තැන තවත් ටිකක් ඉවසා එයද ඉක්මවා ගිය ඇඹිලිපිටියේ තරුණයකු හමුදාවටද පිහියකින් ‘රම්බෝ’ පාඩමක් කියාදී තිබේ. මේ, පසුගිය සතියේ වර්තා වූ සිරස්තලවලින් කිහිපයක් පමණි.

ආතතිය ඉහවහා ගිය සමාජයක් පාලනය කරන්නට සන්නද්ධ හමුදාවන් කැඳවීම වූ කලී සිවිල් සමාජය ගැන මෙලෝ සංසාරයක් දන්නා පාලකයෙක් කරන වැඩක් නොවේ. එහෙත් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වූ කලී සිවිල් සමාජයක හැසිරීම පිළිබඳ සංවේදී නැති බැරැක්ක චින්තනය ඉහවහා ගිය නායකයෙකි. සෞඛ්‍ය අමාත්‍යාංශ‍යේ සිට පාරිභෝගික අධිකාරිය දක්වා සියලු සිවිල් ආයතන මිලිටරීකරණය කිරීම ඔහුගේ ධුර කාලය ආරම්භයේ සිටම දැකගත හැකි විය. මේ ක්‍රියාව ජගත් මානව හිමිකම් කවුන්සිලයේ පවා විවේචනයට ලක්විය. ජනාධිපතිවරයා හෝ ඔහු වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ හැටනව ලක්ෂයේ කුලකයට මේවා ඒ තරම් ප්‍රශ්න වූයේ නැත. ඔවුහු සතුටු සිතින් ඒවා ඉවසා වැදෑරූහ.

මේ ගෙවෙන්නේ ජූලි මාසයයි. තවත් මාස දෙකකින් ජිනීවා මානව හිමිකම් කොමිසම රැස්වෙයි. මාර්තු මාසයේ එකී කොමිසමේ සභාවාරයේදී රුසියානු යුක්‍රේන යුද්ධයට මුල්තැන ලැබී ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය දෙවැනි විය. එහෙත් මෙවර එසේ වන්නට හැටියක් නැත. කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් ඊට මුහුණ දීමට අපට සිදුවනු ඇත. එවන් සන්දර්භයකදී සිවිල් සමාජ ගැටලුවක් කළමනාකරණය කිරීමේදී ලංකාවේ ආණ්ඩුව මීට වඩා මිනිස් අයිතීන්ට බර තබා කටයුතු කළ යුතුය. එහෙත් මේ ආණ්ඩුව වතුර ඉල්ලූ රතුපස්වල මිනිසුන්ට යුද හමුදාවේ 58 වැනි සේනාංකය අතේ උත්තර යැවූ ආණ්ඩුවම බව අප අමතක නොකළ යුතුය. රටේ පවතින නීතිය හිතු හිතූ හැටියට නවමින් තෙල් පෝලිම්, ගෑස් පෝලිම් ගානේ ස්වයංක්‍රීය අවිගත් සෙබළුන් යොදවනවාට වඩා මිනිසුන්ගේ දැවෙන ප්‍රශ්න විසඳීමට මුල් තැන දුන්නේ නම් මේ අර්බුදය මෙතරම් දුර යන්නේ නැත. ආර්ථික අර්බුදයෙන් දිනෙන් දින බැට කන ලාංකිකයන් හමුවේ මුදාහැරෙන රාජ්‍ය ප්‍රචණ්ඩත්වය බලා සිටිනු නොහැකි තැන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික නියෝජිත හානා සිංගර් සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජූලී චංග් වහා ඒ පිළිබඳ මැදිහත් වන්නැයි ලංකා රජයට බලකරමින් ප්‍රකාශ දෙකක් නිකුත් කළේ මීට දින කිහිපයකට පෙරය.

ශ්‍රී ලංකාව මේ වන විට පසුවන්නේ ඉතා අවදානම් අඩියකය. කිසියම් බාහිර පාර්ශ්වයක උදව් නැතිව වැඩි කාලයක් ලාංකික අපට හුස්ම අල්ලා සිටිය නොහැක. 2,500 වසරක ඉතිහාසය හෝ ඊටත් වසර හාරපන්දහසක් ඔබ්බෙන් ඇතැයි සිතන රාවණ ෆැන්ටසියෙන් මේ මොහොතේ ලාංකිකයන්ට හව්හරණක් නැත. ජාත්‍යන්තර සහාය නැතිව ඉදිරියක් ගැන සිතන්නටවත් බැරිය. ඈතින් හෝ පෙනෙන්නේ අයි.එම්.එෆ්. එකේ එළිය පමණි. ලෝක බැංකුව පමණක් නොව අසල්වැසි ඉන්දියාව පවා අපේ උදව්වට එන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අප කෙරෙහි දක්වන ප්‍රතිචාර නිරීක්ෂණය කිරීමෙන් පසුවය. රනිල් කෙතරම් ලිබරල්වාදියෙක් වුවද ඇමෙරිකාව පවා ඔහුට අපේක්ෂිත සහාය දුන්නේ නැත. ඒ, ඔහු අගමැති වන විට ලංකාවේ හදිසි නීතිය පනවා සාමකාමී උද්ඝෝෂණ වර්ධනය කිරීම නිසාය. රනිල් අගමැති වූවාට පසුව හෝ තත්ත්වයේ වෙනසක් සිදුව නැත. තෙල් පෝලිම්වල දුක් විඳින මිනිසුන්ට සන්නද්ධ හමුදා සෙබළුන් පහර දෙන්නේ පාතාල මැරයන් විලසය. ශීලාචාර ලෝකය මිනිසුන් සහ මිනිස් අයිතීන් ගැන සිතන්නේ අපට වඩා දියුණු ආකාරයෙන්ය. එවන් ලෝකයක් සමග ගනුදෙනු කිරීමේදී ලංකාවේ හමුදාවට ඉඩි අමීන්ගේ හෝ බොකස්සාගේ නැතිනම් පොල්පොට්ගේ හමුදාව මෙන් කටයුතු කළ නොහැක. අද වන විට ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ඉහළ හමුදා නිලධාරීන්ට බෙහෙතක් හේතක් ගන්ටවත් ඇමෙරිකාව ඇතුළු රටවල් ගණනාවකට යා නොහැකි ලෙස තහනම් පැනවී අත්තේය. ඒ, 2009 අවසාන සටන සමයේ සිදුවූයේ යැයි කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට ඔවුන්ට චෝදනා එල්ල වීම නිසාය.

වසර ගණනාවක සිට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවේ ශ්‍රී ලංකාව චෝදනාවන්ට ලක්වෙයි. එවැනි චෝදනාවන් සහසුද්දෙන් තහවුරු කරන්නට කුරුණෑගලදී තරුණයකුට පා පහර දෙන ලුතිනන් කර්නල් වැන්නෝ හොඳ සාක්ෂිකරුවෝය. දකුණට මෙහෙම නම් උතුරට කොහොම තියෙන්නට ඇද්දැයි සිතාගන්නට අසීරු නැත. එම තරුණයාට පහර දුන්නාට අමතරව එකී සිදුවීම වීඩියෝ කර සමාජයට මුදාහළ තරුණයා සොයා ගිය හමුදා මැරයන් ඔහුට මරණීය තර්ජන එල්ල කර ඇති බව වාර්තා වේ. මේ වන විට එම පුද්ගලයා සිය පවුල සමග ගම රට හැර ගොසිණි. මේවා ලංකාවට සුළු දේවල් විය හැකිමුත් ශීලාචාර ලෝකයට ලොකු දේවල්ය. ඇමෙරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් මරාදැමූ අවස්ථාවේ ඊට එරෙහිව පෙළපාළි ගිය අපි තවමත් තෙල් පෝලිම් ආශ්‍රිතව ක්‍රියාත්මක හමුදා පොලිස් ප්‍රචණ්ඩත්වයට සමාජයක් ලෙස එරෙහි නොවන්නෙමු. ඇතැම් විට කේවල ලෙස අප මුහුණ දෙමින් සිටිනා අර්බුද වඩාත් සංකීර්ණ වීම ඊට හේතුව විය හැකිය.

ශ්‍රී ලංකව ඍණ මට්ටමකට වැටී ඇති අර්ථිකයක් සහිත රටකි. යම් තරමකට හෝ ඉන් ගොඩ ඒමට අපි ලෝකයේ ආධාර බලාපොරොත්තු වන්නෙමු. එහෙත් මේ ආකාරයේ මානව හිමිකම් උල්ලංඝනය වන රටකට ආධාර දීමට ලෝකයේ කිසිම රටක් ඉදිරිපත් වන්නේ නැත. එමතුදු නොව ශ්‍රී ලංකාවේ දැවැන්ත අපනයන ගැනුම්කරුවා වන්නේ ඇමෙරිකාව ප්‍රමුඛ යුරෝපයයි. වියට්නාමය, බංග්ලාදේශය වැනි රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ නිෂ්පාදන පිරිවැය ඉතා ඉහළ බැවින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදන යුරෝපා වෙළෙඳ පොළේ සිය ආධිපත්‍යය තහවුරු කරගෙන සිටිනුයේ ජී.එස්.පී. ප්ලස් සහනය නිසාය. මෙම සහනය ව‍රක් ශ්‍රී ලංකාවට අහිමිවූ අතර 2017 යහපාලන රජය සමයේ එකී සහනය යළි දිනාගන්නට ශ්‍රී ලංකාව සමත් විය. රට තුළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි නොකිරීම, දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවගේ ආගමික සහ සංස්කෘතික නිදහසට බාධා කිරීම වැනි චෝදනා නිසා අපි යළිත් ජී.එස්.පී. ප්ලස් සහනය අහිමි වීමේ මුවවිටටම පැමිණ සිටින්නෙමු. එවන් තත්ත්වයක් හමුවේ රට පුරා ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව පොලිසිය සහ හමුදාව මේ ආකාරයෙන් ප්‍රචණ්ඩත්වය මුදාහැරීම ලෝක ආධාර ලබා යළි නැඟී සිටීමට අප දරන උත්සාහය පරාජය කිරීමට හේතු විය හැකිය.

එපමණක්ද නොව රට තුළ සිදුවන ඇතැම් කේවල සිදුවීම් පවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වැනි ආයතනවල දැඩි අවධානය දිනාගනී. ලේඛක ‘ශක්තික සත්කුමාර’ අසාධාරණ ලෙස සිරගත කිරීම, තරුණ කවියකු වූ අහ්නාෆ් ජසීම් සහ නීතිඥ හිජාස් හිස්බුල්ලා බන්ධනාගාරගත කිරීම වැනි සිදුවීම් ජගත් මානව හිමිකම් කොමිසමේ දැඩි අවධානයට ලක්වීම ඊට නිදසුන්ය. එම නිසා මීළඟ මානව හිමිකම් සැසියේදී ශ්‍රී ලංකාවට මේ දිනවල රටේ සිදුවන හමුදා පොලිස් පහරදීම් පිළිබඳ දැඩි අවධානයක් යොමුවීමට ඉඩ තිබේ. එවැනි අවස්ථාවල පෙරදී මෙන් අප වෙනුවෙන් නිශේධ බලය යෙදවීමට රුසියාව හෝ චීනය ඉදිරිපත් වන්නේ නැති බව දැන් තබා සිතට ගත යුතුය.

ලංකාවේ ආණ්ඩුව හමුදාව යොදවා ඇත්තේ තනිකරම සිවිල් සමාජ ගැටලුවක් විසඳීමටය. එහෙත් දශක තුනක යුද්ධයකට දායක වූ පමණින් කිසිම හමුදාවකට සිවිල් සමාජ ගැටුම් කළමනාකරණයට හැකියාව ලැබෙන්නේ නැත. එවන් හමුදාවක් යෙදවීමෙන් පමණක් ආතතිය පුපුරා යන සමාජයකින් විනයවත් ශික්ෂාකාමී හැසිරීම් බලාපොරොත්තු විය නොහැක. ඒ බව දැන දැනත් යුද හමුදාව පෙට්‍රල් පෝලිම්වලට ‘බැස්සවීමෙන්’ ආණ්ඩුව බලාපොරොත්තු වූයේ කුමන ආකාරයේ ප්‍රතිඵලයක් දැයි වටහාගත නොහැකිය.



අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

රනිල්ගේ ගෙදර ගිනි තියන වෙලාවේ ‌සජබ තරුණ බලවේගයේ ප්‍රධානී රෙහාන් ජයවික්‍රමත් එතැන හිටියාද? (VIDEO)

Next Post

වැඩේ ඉවර නෑ! පාර්ලිමේන්තුවෙන් පිටත ජනතා කවුන්සිලයක් හදන්න පෙරටුගාමීන් තීන්දු කරයි! (VIDEO)

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණදීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා...

Read more
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.