අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ගිනි තබන අවස්ථාවේ සමගි තරුණ බලවේගයේ ප්‍රධානී රෙහාන් ජයවික්‍රම මහතා සිටි බවට සමාජ මාධ්‍ය ජාලාවල පැතිර යන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව ඒ මහතා සදහන් කරයි.
විශේෂ වීඩියෝවක් නිකුත් කරමින් ඒ මහතා කියා සිටින්නේ තමන් ඒ අවස්ථාවේ එහි නොසිටි බවකි.
තමන් ඊට සම්බන්ධ නම් අවශ්‍ය ඕනෑම පරීක්ෂණයකට මුහුණ දීමට සුදානම් බවද ඒ මහතා කියා සිටියේය.










