ඉදිරි කැබිනට් සංශෝධනයකදී විෂයයන් කිහිපයක් ඇති කැබිනට් අමාත්‍යවරු තමන්ගේ විෂයයන් ඉවත් කරනවාට ඇති අකැමැත්ත දැනුම් දී ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි. Sri Lanka Latest News
ඇතැම් කැබිනට් අමාත්‍යාවරුන් ජනාධිපතිවරයාට හා ජනාධිපතිවරයාට හිතවත් පුද්ගලයින්ට තමන්ගේ අමාත්‍යාංශවල විෂය පථයන් ඉවත් නොකරන ලෙස පවසා ඇති බවද දැනගන්නට තිබේ.
පසුගියදා පැවැති පොදුජන පෙරමුණේ මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ වූයේ දිස්ත්‍රික් නායකයින්ට අනිවාර්‍යෙන්ම කැබිනට් අමාත්‍යාංශ ලබාදිය යුතු බවයි.
ඒ අනුව එසේ කිරීමට නම් දැනට අමාත්‍යංශ දෙක තුන පවතින ඇමැතිවරුන්ගෙන් ඒවා ඉවත් කළ යුතුව තිබේ.
මෙහිදී පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුවට තේරී පසුව ස්වාධීන වූවා යැයි ප්‍රකාශ කරන ලද මන්ත්‍රීවරුන් තම අමාත්‍යාංශ ඉවත් කරනවාට දැඩිව අකැමැත්ත ප්‍රකාශ කොට ඇති බවද දැනගන්නට තිබේ.










