• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇත්තටම එක්ස්ප්‍රස් පර්ල් නඩුවක් සිංගප්පූරුවේ පැවරුවාද? පැවරුවා නම් නඩු අංකය මොකද්ද? වහාම පිටපතක් පාර්ලිමේන්තුවට දෙන්න! විජයදාසට විමල් ලියුමක් යවයි! විමල් කියන විදිහට නඩුවක් දාලා නෑ වගේ?

May 10, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
ඇත්තටම එක්ස්ප්‍රස් පර්ල් නඩුවක් සිංගප්පූරුවේ පැවරුවාද? පැවරුවා නම් නඩු අංකය මොකද්ද? වහාම පිටපතක් පාර්ලිමේන්තුවට දෙන්න! විජයදාසට විමල් ලියුමක් යවයි! විමල් කියන විදිහට නඩුවක් දාලා නෑ වගේ?
Share on WhatsAppShare on Facebook

මුහුදු බත් වූ එක්ස්ප්‍රස් පර්න් නෞකාව හේතුවෙන් මෙරට සමුද්රීය පරිසර පද්ධතියට සිදු වූ හානිය පූර්ණය කර ගැනීම සදහා වන්දි ඉල්ලා, අමාත්‍යවරයා සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් හගවන ආකාරයට සිංගප්පූරු අධිකරණයක සැබෑවටම නඩු පවරා ඇත්නම්, එම නඩුවේ නඩු අංකය සහ එහි පිටපතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඉල්ලා සිටියි.

එම තොරතුරු ලබා දෙන ලෙස ඉල්ලමින්, මන්ත්‍රීවරයා අධිකරණ අමාත්‍යවරයා වෙත යොමු කර තිබෙන ලිපිය පහත උපුටා දක්වමු.

විජයදාස රාජපක්ෂ මැතිතුමා,

අධිකරණ අමාත්‍ය,

අධිකරණ අමාත්‍යාංශය

අංක 19, සංඝරාජ මාවත,

කොළඹ 10.

ගරු අමාත්‍යතුමනි,

එක්ස්ප්‍රස් පර්ල් පරිසර විනාශයේ හානිපූරණ ක්‍රියාවලියේ විනිවිදභාවය සුරැකීම

එක්ස්ප්‍රස් පර්ල් අනතුර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ නඩු පැවරීම සඳහා ඇති හැකියාව තව දින 10ක් වැනි ඉතා සුළු කාලයක් ඇතුළත කාලාවරෝධී වේ. 2021 මැයි 20 දින ගිනිගෙන, දින 12ක් පුරා ගිනි ඇවිලී, ජූනි 02 දින සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා මුහුදේදී මුහුදුබත් වුණු මෙම නැව හේතුවෙන් සිදුවූ පරිසර විනාශය මෑත ලෝක ඉතිහාසයේ සිදුවූ විශාලතම සමුද්‍ර දූෂණය ලෙස සැලකේ. මෙම ගිනි ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාවට සිදුවූ පාරිසරික හානිය පමණක් ඩොලර් බිලියන 6.4ක් ලෙස ශ්‍රී ලංකාවේ සමුද්‍ර පරිසරය සම්බන්ධ වගකිව යුතු කේන්ද්‍රීය ආයතනය වන සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය(MEPA) විසින් පත් කළ විශේෂඥ කමිටුව ගණන් බලා ඇත.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ හිටපු සභාපතිනියගේ නිර්දේශය වූයේ ශ්‍රී ලංකා මුහුදු තීරයේ සිදු වූ මෙම විනාශය සම්බන්ධයෙන් නඩු පැවරීම ශ්‍රී ලංකාවේදී සිදු කළ යුතු බව ය. එසේම එහි වත්මන් සභාපතිවරයා විසින් පත් කළ විශේෂඥ කමිටුවේ මතය වන්නේ ද මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ නඩු පැවරීම වඩාත් සුදුසු බව ය. පාර්ලිමේන්තුව මගින් පත්කරන ලද “පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව” විසින් ද නිර්දේශ කර ඇත්තේ මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ නඩු පැවරීම සුදුසු බව ය. මෙම අනතුර සම්බන්ධයෙන් පියවර ගැනීමේ ව්‍යවස්ථාපිත වගකීම දරන සියලුම ආයතන සහ ඒ පිළිබඳ ප්‍රාමාණික විශේෂඥයන් සියල්ලන්ගේ ඒකමතික තීරණය එසේ වී තිබියදී අදාළ නඩු පැවරීම සිංගප්පූරුවේදී සිදු කිරීමට අත්තනෝමතිකව තීරණය කරනු ලැබූයේ කුමන සාධාරණ හේතුවක් මත ද යන්න රජය විසින් පළමුව ජනතාව හමුවේ හෙළිදරව් කළ යුතුව ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිදි ජනතාවගේ පරමාධිපත්‍යය, අධිකරණ මගින් ක්‍රියාත්මක කිරීම පාර්ලිමේන්තුවේ වගකීමකි. එසේම බලධාරී ආයතන සහ අදාළ විෂය පිළිබඳ ප්‍රාමාණික විද්වතුන්ගේ නිර්දේශයට පටහැනි තීරණ රජය විසින් ගනු ලැබූ අවස්ථාවක එසේ සිදු කළේ මන්දැයි යන්න දැනගැනීමේ ජනතාවගේ අයිතිය මෙන්ම අදාළ තීරණය සාධාරණ බව ජනතා පරමාධිපත්‍ය නියෝජනය කරන පාර්ලිමේන්තුවට පැහැදිලි කිරීමේ රජයේ වගකීම ද එකිනෙක හා බැඳී පවතී.

එබැවින්,

1. “අධිකරණ අමාත්‍යවරයා ලෙස ඔබතුමන් සහ රජයේ නියෝජිතයන් විසින් ජනතාවට අඟවන පරිදි මේ සම්බන්ධයෙන් නඩුවක් සිංගප්පූරුවේ පවරා ඇත්ද?” යන්න නිශ්චිතව තහවුරු කරන ලෙසත්

2. එසේ නඩු පවරා ඇත්නම් එහි නඩු අංකය සහ එම නඩුවේ (පෙත්සමේ) පිටපතක් වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසත්

3. “අදාළ නඩුව ශ්‍රී ලංකාවේ පවරන ලෙස සිදු කර ඇති ආයතනික හා විශේෂඥ නිර්දේශ අතික්‍රමණය කරමින් එම තීරණය ගනු ලැබුවේ කුමන විද්‍යාත්මක කරුණු, නිර්දේශයන් හා පූර්වාදර්ශයන් මතද? යන්න ජනතාවට සහ පාර්ලිමේන්තුවට හෙළිදරව් කරන ලෙසත් ඉල්ලා සිටිමි.

“මෙම සමාගම් සිංගප්පූරුවේ ලියාපදිංචි වී ඇති සමාගම් බැවින් එම රටේ නඩු පැවරීම වඩාත් සුදුසු ය” යන්න මේ වනවිටත් නිෂේධනය වී ඇත්තේ මේ සම්බන්ධයෙන් වෙනත් සංවිධාන විසින් මෙරටදී පවරා ඇති නඩුවලට එම විදේශීය සමාගම්වල නියෝජිතයන් දැනටමත් පෙනී සිටින බැවිනි.

එසේම කිසියම් හේතුවක් මත මෙම නඩුවේ වන්දිය නොලැබී ගියහොත් හෝ ඉතාමත් අවම නාමික වන්දියක් ශ්‍රී ලංකාවට ලැබුණහොත් අදාළ නඩුව සිංගප්පූරුවේ පැවරීම සම්බන්ධයෙන් වගකීම දරන්නේ කවරෙක් ද? යන්න ජනතාවට වහාම හෙළිදරව් කිරීම මගින් එක්ස්ප්‍රස් පර්ල් හානිපූරණ ක්‍රියාවලියේ විනිවිදභාවය තහවුරු කිරීමට රජය බැඳී සිටින බව ද අවධාරණයෙන් සිහිපත් කරමි.

මෙයට ව්ශ්වාසී,

විමල් වීරවංශ (පා.ම.)

නායක,

ජාතික නිදහස් පෙරමුණ,

2023-05-09

SendShareShare
Previous Post

අදයි හෙටයි තියන්න තිබූ එක්ස්ප්‍රස් පර්ල් විවාදය ‌අධිකරණ ඇමැති විජයදාස අන්තිම මොහොතේ දෙන්න බෑ කියයි! විපක්ෂයෙන් ආණ්ඩුවට දැඩි විරෝධයක්! කතානායක පාර්ලිමේන්තුව කල් තියයි! විවාදය නොදුන්නොත් දවස් දෙකේම වෙන වැඩක් නෑ!

Next Post

පොහොට්ටුවේ අයත් කියනවා! පාර්ලිමේන්තුවේදිත් කියවුණා! සමාජ මාධ්‍ය ජාලවලත් හෝ ගාලා යනවා! අවුරුදු 16 සිසුවියගේ මරණයට ඇල්ලුවේ අරගලයේ සිටි කළුතර නායකයාද? මෙන්න ඇත්ත කතාව!

MORE NEWS

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

Load More
ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාභයගේ නඩුවට නාමල් රාජපක්ෂත් අධිකරණයට.. Sri Lanka Latest News

Read more
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.