• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෝටි 48 ලොකුද? Sri Lanka Latest News

June 21, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
කොච්චර අමාරුකම් තිබුණත් ආණ්ඩුව ගිය අවුරුද්දේ අත දිගහැර වියදම් කරලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රුපියල් කෝටි 48ක තෑගි මල්ලක් ජයග්‍රහණය කරපු පුද්ගලයෙක් ගැන මේ දවස්වල ලොකු කතාබහක් ඇති වෙනවා. මේක හරියට කතාබහවල් ඇතිවෙන කාලයක්නේ. එයාර් ඉන්දියා ප්ලේන් එකේ කඩාවැටීම, ඊශ්‍රායල් – ඉරාන යුද්ධය, මේ හැම දේම මිනිස්සු අතර විශාල කතාබහවල් නිර්මාණය කරන ලංකාවේ මේ කෝටි 48ක දිනුම ලැබෙන්නේ. එතකොට කෝටි 48 ලොකුද? මේක තමයි අපි කතා කරන්න යන මාතෘකාව. ඇත්තටම කෝටි 48 ලොකුයි. ලියුම්කරු වෙච්ච මට නම් ඒක හරි ලොකුයි. අපි වගේ දුප්පත් මිනිස්සුන්ට කෝටි 48ක් හම්බ වුණොත් අපේ ජීවිත උඩු යටිකුරු කරන්න පුළුවන්. හැබැයි ඔබ දන්නවද මේ කෝටි 48ක තෑගි මුදල සම්පූර්ණයෙන්ම අදාළ ජයග්‍රාහකයාට නොලැබෙන බව? අදාළ ජයග්‍රාහකයාට ලැබෙන්නේ මේකෙන් විශාල බදු මුදල් කීපය ඉවත් වුණාට පස්සේ. ඒ බදු මුදල්වල ඉලක්කම් ගණිතයන් අපිට කියන්න බැරි වුණාට ලොකු අගයකින් අඩුවෙනවා. අපි ආසන්න වශයෙන් හිතමු කෝටි 40ක් කියලා. Sri Lanka Latest News

එතකොට මේ කෝටි 40ක් ලැබුණම මේ මනුස්සයට මොනවද මේ කෝටි 40න් කරන්න පුළුවන්? අපි දන්නේ නෑ ඔහු මොනවා කරයිද කියලා. හැබැයි කරන්න පුළුවන් මොනවද? ලංකාවේ තියෙන ඉතාම ඉහළ වටිනාකමක් සහිත වාහන අපි ආසන්න වශයෙන් හිතමු වී8 එකක් කියලා. ලංකාවේ දේශපාලකයෝ, කෝටිපතියෝ, සල්ලිකාරයෝ, ව්‍යාපාරිකයෝ සාමාන්‍යයෙන් යන වාහනයක් තමයි වී8 එක කියලා කියන්නේ. ඊට අමතරව තව වාහන ගොඩක් තියෙනවා. අපි ආසන්න වශයෙන් හිතමු වී8 එකක් කියලා. ඔහුට වී8 එකක් ගන්න කෝටි 10ක් විතර වියදම් කරන්න සිද්ධ වෙනවා. එතකොට ඔහුට තව තියෙන්නේ කෝටි 30යි. ඊට අමතරව මේ කෝටි 30 අතරේ කොළඹ නගරයට ආසන්න ප්‍රදේශයක, ඉතා අසන්නේමත් නෙමෙයි ඉඩමක පර්චස් 40ක් ගත්තොත් ඔහුට කෝටි 40 වියදම් කරන්න සිද්ධ වෙනවා. අපි හිතමු පර්චස් 40ක් අවශ්‍ය නෑනේ මනුස්සයෙක්ට ජීවත් වෙන්න, පර්චස් 15ක ඉඩමක් ගන්නවා කියලා. ආසන්න වශයෙන් පර්චස් 15ක ඉඩමක් ගන්න කෝටි පහළොවක් විතර වියදම් වෙනවා. අපි මේ කියන්නේ කොළඹ නගරයේ කුරුඳුවත්තේ, කොල්ලුපිටිය බම්බලපිටිය නෙමෙයි. ඊට තරමක් ඈතින් කොළඹ ආශ්‍රිතව.

එතකොට ඔහුට කොළඹ ආශ්‍රිතව හොඳ ඉඩමකට තව කෝටි 15ක් වියදම් වෙලා. දැන් ඔහුගේ කෝටි 25ක් ඉවරයි. තව තියෙන්නේ කෝටි 15යි. ඒ කෝටි 15න් ඔහුට ජීවත් වීම සඳහා අවශ්‍ය කරන ගේදොර ටික හදලා, ඒක හදන්න ගෙදරට අවශ්‍ය කරන වියහියදම් ටික දරලා ඇඳුමක් පැලඳුමක් අරගෙන හරියට ඔරලෝසුවක් ගත්තත් කෝටි 40 ඉවරයි. ලංකාවේ මුදල අව ප්‍රමාණය වීමේ ප්‍රතිඵලය තමයි කෝටි 48ක තෑගි මුදල. එහෙම නැතුව මේ කෝටි 48ක තෑගි මුදල කියන්නේ මහ දැවැන්ත තෑගි මුදලක් දැවැන්ත ජයග්‍රහණයක් කියලා අපි නොහිතන්නටයි අවශ්‍ය වෙන්නේ. දැන් ලංකාවේ ඉස්සර ‘හාර ලක්ෂෙ මංකොල්ලෙ’ කියලා චිත්‍රපටයක් හැදුවා වගේ අද හදන්න තියෙන්නේ බිලියන හතරෙ මංකොල්ලේ කියලා. ඒකට හේතුව ලංකාවේ මුදල් ප්‍රමාණය ඉතාම අව ප්‍රමාණයකට ලක් වෙලා ඉවරයි.

ලංකාවේ කෝටි 40ක ප්‍රමාණයක ලොතරැයි දිනුමක් දක්වා පහළ වැටීමේ ප්‍රතිඵලය තමයි අපි මේ දකින්නේ. ඒකට මේ ආණ්ඩුව වගකියන්න ඕනෙ. මේ ආණ්ඩුව වැරදියි, මාලිමාව වැරදියි, අනුර කුමාර වැරදියි කියලා අපි චෝදනා කරනවා නෙවෙයි. නමුත් යම්කිසි රටක විශාල තෑගි මුදල් මිනිස්සුන්ට ලැබෙනවා නම්, විශාල මුදල් ප්‍රමාණයක් මිනිසුන්ගේ අතට පත්වෙනවා නම් සැලකිලිමත් විය යුත්තේ ඒ මුදල්වලින් ඔවුන්ට කරන්න පුළුවන් මොනවද කියන එක. දැන් ලංකාවේ ඔබ දන්නවද දන්නේ නෑ චොකලට් මිල ඉතාම ඉහළ තැනකට ගිහිල්ලා. රත්තරන් මිල ඉතාම ඉහළ තැනකට ගිහිල්ලා. වාහන මිල කවුරු කොහොම කිව්වත් ඉහළ තැනකට ගිහිල්ලා. අලුතෙන් වාහන ලංකාවට ගෙනල්ලා මේක සමථයට පත්කරන්න හැදුවත් කරන්න බැහැ. ඉඩකඩම්වල මිල තවත් ඉතාම ඉහළ අගයකට ගිහිල්ලා තියෙන්නේ.

කොළඹ නගරය ආශ්‍රිතව නිවාස සංකීර්ණවල ඉලක්කම් අගයන් මනුස්සයෙකුට විශ්වාස කරන්න බැරි තරම් ඉහළයි. මෙන්න මේ තත්ත්වය යටතේ තමයි මේ කෝටි 48 තෑගි මුදල මහජනතාවට ලැබෙන්නේ. මේ යන විදිහට ඇත්තටම කෝටි 40ක, 50ක තෑගි නැතුව මිනිසුන්ට ජීවත් වෙන්න බැරි තැනකට අපේ රට පත්වෙමින් යනවා. අපේ රටේ හෝටලයක සාමාන්‍ය මනුස්සයෙකුට නතර වෙන්න බැරි තරමට ජීවන වියදම් දර්ශකය පරතරය නිර්මාණය වෙමින් පවතිනවා. ලංකාවෙ සාමාන්‍ය කෑම වේලක් මනුස්සයෙකුට රහ බලන්න බැරි තරමට ජීවන වියදම් දර්ශකය පරතරය නිර්මාණය වෙලා තියෙනවා. අන්න ඒ පරතරය පිළිබඳ වෙච්ච ඉතාම වැදගත් පණිවුඩයක් තමයි මේ කෝටි 48 දිනුම.
මේ විදියට ඉදිරි කාලයේදීත් ලංකාවේ ලොතරැයි දිනුම්වල අගය කෝටි 40, 50, 60, 70, 100 දක්වා ඉහළ යාමට ඉඩ තියෙනවා. ඊට හේතුව දැන් කෝටි 40ක් කියන්නේ මනුස්සයෙක්ගේ ජීවිතය එහෙමටම පෙරළා දැමිය හැකි මුදලක් නෙවෙයි. මීට අවුරුදු 50කට කලින් ලක්ෂ 4කින් කරපු දේවල් අද කෝටි 40කින් කරන තැනට පත්වෙලා තියෙනවා. මේකට වගකිව යුත්තේ අවුරුදු ගණනක් තිස්සේ අපේ රට පාලනය කරපු, අපේ රටේ ඉතාම දක්ෂ පාලක පන්තිය. දැන් හාල් කිලෝ එකක මිල රුපියල් 400කට ආසන්නයි. පොල් ගෙඩියක මිල රුපියල් 200 හෝ 200 ඉක්මවා යන මිලක් අරගෙන තියෙනවා. මේ තමයි වැඩිවීම. මේ තමයි හිතාගන්න බැරි වැඩිවීම. මේ තමයි අදහන්න බැරි විදියේ ඉහළ යාම. ටිකෙන් ටික මේ පෙන්නන්නේ 5000 කොළේ වෙනුවට 10,000 කොළය, 20,000 කොළය මිනිස්සු අතරට පත්වීමේ යුගය නිර්මාණය වන බව. ඒ නිසා කෝටි 48 තෑගි මුදල ලොකුයි කියලා හිතන්න එපා. කෝටි 48 කියන්නේ ඔබේ, අපේ ජීවිතයට දැන් කෝටියක් මුදල් අවශ්‍ය වන කාලය ඇවිල්ලා කියන එකට ලැබුණු පළමු ඉඟිය. ඉස්සර ලක්ෂයක් වුණාට දැන් ඔබට කෝටියක් අවශ්‍යයි. සාමාන්‍ය මඟුල් ගෙදරක ගිහිල්ලා රුපියල් 5000ක මුදලක් දීලා ගෙදර එන්න බැරි තරමට කෑම ප්ලේට් එකක පවා මිල ඉහළ ගිහිල්ලයි තියෙන්නේ. ඒ නිසා දැන් වාහනයක් ගන්න ඕනෙ නම් කෝටි දහයක් එකතු කරගන්න අපේ තරුණයන්ට මහන්සි වෙන්න සිද්ධ වෙනවා. ජීවිතේ ගොඩනගා ගන්න නම් කෝටි පහ, හයක් හොයාගන්න වෙන කාලය නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා ඇත්තටම අපේ රටේ කෝටි 48ක් ලොකු නෑ.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ආණ්ඩුව පුනරුදයට මග පටන් ගනී! I Sri Lanka Latest News

Next Post

ඉරානයයි ඊශ්‍රායලයයි ගහගනිද්දී ලංකාව ගුටිකයිද? බොර තෙල් මිල දැනටමත් 8%කින් ඉහළ ගිහින්! ඉරානය ඩොලර් මිලියන 65ක තේ අපෙන් ගන්නවා! රටවල් දෙකේම ලාංකිකයෝ රස්සා කරනවා! Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.