• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉරානි සහ හරිනි! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

January 17, 2026
in Exclusive, Gurudawa
Reading Time: 3 mins read
A A
ඉරානි සහ හරිනි! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රීමතී ඉරානි ඉන්දියාවේ පමණක් නොව ලංකාවෙත් ජනප්‍රිය චරිතයකි. ඇය ලංකාවේ ජනප්‍රිය වුණේ ‘මහගෙදර’ ටෙලිනාට්‍යයේ චරිතය වූ ‘තුල්සි’ චරිතයෙනි. ටෙලිනාට්‍ය පටන් ගනිද්දීම සිය මහගෙදරට ආරාධනා කරන තුල්සිගේ රංගනය ලංකාවේ රසිකයෝ ආදරයෙන් වැලඳ ගත්හ. ඇය එම ටෙලිනාට්‍යයෙන් ඉන්දියාවේද අතිශයින් ජනප්‍රිය විය. තුල්සි විරානි නම ඉන්දියාවේ සෑම නිවසකම වගේම ලංකාවේත් සෑම නිවසකම හුරුපුරුදු නමක් විය.Sri Lanka Latest News

භාරතීය ජනතා පක්ෂය ඇයට ඉව අල්ලන්නේ ඇය ඉන්දීය මධ්‍යම පන්තියේ බිරියක සහ මවක ලෙස තුල්සි විරානි නමින් මවපු ප්‍රතිරූපය නිසාය. ඇය 2003 භාරතීය ජනතා පක්ෂයට සම්බන්ධ වූවාය. භාරතීය ජනතා පක්ෂයේ ඉහළ තනතුරුවලට පත්වූ ඇයට භාරතීය ජනතා පක්ෂ නායක සහ අගමැති මෝදි දුන්න චැලේන්ජ් එක ‘අමෙති’ ආසනය. අමෙති ආසනය ගාන්ධිවරුන්ගේ දේශපාලන නින්දගමය. අත්තනගල්ල බණ්ඩාරනායකවරුන්ගේ දේශපාලන බළකොටුව වූවා සේ, හම්බන්තොට රාජපක්ෂවරුන්ගේ බළකොටුව වූවා සේ අමෙති ආසනය ගාන්ධිවරුන්ගේ බළකොටුව විය. ගාන්ධිලා හැමදාම පාර්ලිමේන්තු ආවේ අමෙති ආසනයෙනි. ගාන්ධිලාට ආණ්ඩුව නැති වුණත් අමෙති ආසනය නැති නොවීය. මෝදි තුල්සිට අමෙති ආසනය දුන්නේ පුළුවන් නම් ගාන්ධිලාගේ බළකොටුව සුනුවිසුනු කර දමන්න කියාය. එහෙත් 2014 මහ මැතිවරණයේදී ඇයට රාහුල් ගාන්ධි පරාජය කරන්න බැරි විය. රාහුල් අමෙති ආසනය දින්නේය. මෝදි ඇයව ඉන්දියාවෙ අධ්‍යාපන ඇමැති ලෙස පත්කරනු ලැබීය. ඇය අධ්‍යාපන ඇමැති වී අත්තනෝමතික ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය පාලනය කරන්න උත්සාහ කළාය. ඇය දිල්ලි විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලා වෙනස් කරන්න, වෙනස් කරපු පාඨමාලා යළි ඇතිකරන්න ගුරු සිසු විරෝධය මධ්‍යයේ උත්සාහ කළාය. ඇයගේ අත්තනෝමතික පාලනයට එරෙහිව තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ ඉවත් විය. ප්‍රකට න්‍යෂ්ටික විද්‍යාඥයෙක් ඉවත් විය. ඇය විශ්වවිද්‍යාල පාඨමාලාවල ජර්මානු භාෂාව වෙනුවට සංස්කෘත භාෂාව හඳුන්වා දෙන්න ගොස් ඇයට විශ්වවිද්‍යාල තුළින් විශාල විරෝධයක් එල්ල විය. ඇය විශ්වවිද්‍යාලවල සාකච්ඡා සම්මන්ත්‍රණ තහනම් කළාය. ඇය මහ මැතිවරණවලට ඉදිරිපත් කළ අධ්‍යාපන සුදුසුකම් ව්‍යාජ ඒවා බව විපක්ෂය චෝදනා කරන්න පටන් ගත්හ. ව්‍යාජ අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කිරීම නිසා ඇය අධ්‍යාපන ඇමැති ධුරයට නුසුදුසු බවට අධ්‍යාපනඥයෝ සහ වෘත්තිකයෝ චෝදනා කළහ. ඉරානිගේ අධ්‍යාපන සුදුසුකම් ව්‍යාජ බවට චෝදනා කරමින් විපක්ෂය උසාවි ගියේය. රට පුරා ඇයට එරෙහිව විරෝධතා මතුවිය. එම විරෝධතාවලදී ඇය කීවේ ඇය කාන්තාවක් නිසා කාන්තාවක් අධ්‍යාපන ඇමැති ධුරයට පත්කිරීම ඉවසාගත නොහැකිව පුරුෂාධිපත්‍ය විපක්ෂය ඇයට චෝදනා කරන බවය. භාරතීය ජනතා පක්ෂය, පක්ෂයේ කාන්තා බළකාය ඇයට පක්ෂව පාරට බැස්සවීය. ඇය කාන්තා කාඩ් එක පෙන්වමින් චෝදනාවලින් නිදහස් වෙන්න උත්සාහ ගත්තාය. උසාවිය ඇයගේ අධ්‍යාපන සුදුසුකම් ව්‍යාජ බවට තීන්දුවක් දුන්නේය. ලැජ්ජාවට පත්වෙද්දී ඇයව අධ්‍යාපන ඇමැති ධුරයෙන් ඉවත් කොට ඇයට ඇඟලුම් ඇමැති ධුරය දුන්නේය.

ඇයත් කොපමණ බාධා ආවත් මෝදි දුන්න චැලේන්ජ් එකට පිටුපෑවේ නැත. ඇය 2019 මහ මැතිවරණයට ආවේ අමෙති ආසනයෙන් ගාන්ධිලා පන්නන බවට සපථ කරලාය. ඇය අමෙති ආසනයෙන් රාහුල් ගාන්ධිව පරාජය කළේ ගාන්ධිවරුන්ගේ ඔටුන්න හිමි කුමාරයාගේ අමෙති ඔටුන්න ගලවා කුඩුපට්ටම් කරමිනි. මෝදි පමණක් නොව මුළුමහත් ඉන්දියාවම මේ යකඩ ගැහැනිය ගැන මවිත විය. මෝදිට පසු භාරතීය ජනතා පක්ෂ නායිකාව ඇය යැයි ඉන්දීය දේශපාලන විචාරකයෝ අනාවැකි කීහ. මෝදි ඇයව කාන්තා සහ ළමා කටයුතු ඇමැති ධුරයට පත්කරනු ලැබීය. වරක් ඇයට විපක්ෂයේ පාක්ෂිකයෙක් වළලුවලින් දමාගැසීය. තවත් වරෙක ඇයට විපක්ෂයේ පාක්ෂිකයෝ හූ කීහ. ගල්වලින් දමාගැසූහ. ඇය මේ ප්‍රහාර ජනතාවට පෙන්වා ජනතාවගේ අනුකම්පාව දිනාගන්න සමත් වූවාය. ගාන්ධිලාව අමෙති ආසනයෙන් පාරට ඇදලා දමපු ඉරානිට විපක්ෂය පණ බය විය. ඉරානිට එරෙහිව කතා කරන විපක්ෂය කාන්තා අභිමානයට එරෙහි වන්නන් යැයි භාරතීය ජනතා පක්ෂ කාන්තා කමිටුව විශාල ප්‍රචාරයක් කළත් විපක්ෂය ඇයට එරෙහිව සටන අතහැරියේ නැත.

ශ්‍රීමතී ඉරානි ජනප්‍රිය නිළියක් සහ දේශපාලනඥවරියක් වුණාට ඇමැතිවරියක් ලෙස අසමත් වූවාය. ඇය අධ්‍යාපන අමාත්‍යාංශයේ සිටියදීත් අසමත් වූවාය. කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේදීත් අසමත් වූවාය. ඇය අමෙති ආසනය තුළින් ජන අප්‍රසාදයට පත්වූවාය. භාරතීය ජනතා පක්ෂයට නිධානයක් වූ ඉරානි වැඩි කලක් නොයා භාරතීය ජනතා පක්ෂයට සුදු අලියෙක් විය. 2024 මහ මැතිවරණයේදී කොංග්‍රස් පක්ෂය සිය සාමාජිකයකු වූ කිෂෝර් ලාල් දමා ශ්‍රීමතී ඉරානිව ඡන්ද 16,7196කින් පරාජය කරනු ලැබුවේ ඉන්දියාවම මවිතයට පත් කරවමිනි.

මෝදිට පසු ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ නායිකාව යැයි කියා ඉන්දීය දේශපාලන විචාරකයන් කී ශ්‍රීමතී ඉරානි පරාජයේ වේදනාව දරාගන්න බැරිව දේශපාලනයෙන් ඉවත් වී යළි ටෙලිනාට්‍ය රඟපාන්න ගියාය.

මේ ශ්‍රීමතී ඉරානිගේ චරිත කතාව මතකයට එන්නේ ලංකාවේ අධ්‍යාපන ඇමැතිනි හරිනි අමරසූරියට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙන එන්න ගොස් සිද්ධ වූ ඛේදවාචකය දෙස බලද්දීය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙන ඒමට පෙර ඇය ඉරානි මෙන් විශ්වවිද්‍යාලවල සාකච්ඡා, සම්මන්ත්‍රණ තහනම් කරන්න පටන් ගත්තාය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම්මන්ත්‍රණයක් ඇය තහනම් කළාය.
කොළඹ යූ.ඇන්.පී.යේ බළකොටුවකි. ජේ.ආර්.ලා, ප්‍රේමදාසලා, ලලිත් ඇතුලත්මුදලිලා, රනිල්ලා වැනි පතාක නායකයන් බිහිවූයේ කොළඹ යූ.ඇන්.පී. බළකොටුවෙනි. ඒ නායකයන්ට අභියෝග කරන්න නායකයෙක් යූ.ඇන්.පී. විරෝධී පක්ෂවලින් බිහි නොවීය. හරිනි ඉතිහාසගත වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාවක් ගනිමින් 2024 මහ ඡන්දයේදී කොළඹ යූ.ඇන්.පී. බළකොටු සුනුවිසුනු කර දැමීය.
ශ්‍රීමතී ඉරානිට මෝදි අධ්‍යාපන අමාත්‍යාංශය දුන්නා වගේ හරිනිටද අනුර අධ්‍යාපන අමාත්‍යාංශය භාරදුන්නාය.

ඇය අධ්‍යාපන ඇමැති ලෙස පත්වන විට ලංකාවේ නොම්මර එකේ ව්‍යාපාරිකයා වන ධම්මික පෙරේරා ඩී.පී. එඩියුකේෂන් නමින් නොමිලේ දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනය දෙමින් පාසල් අධ්‍යාපනය ඩිජිටල් කරන්න විශාල උත්සාහයක් ගනිමින් සිටියේය. කොවිඩ් කාලයේ ළමයින්ට අධ්‍යාපනය දිය හැකි ක්‍රමයක් හොයාගත නොහැකිව ගෝඨාගේ ආණ්ඩුව අසරණව සිටියදී ළමුන්ට නොමිලේ ඔන්ලයින් අධ්‍යාපනය දෙන්න ඩී.පී. එඩියුකේෂන් පටන් ගත්තේ ධම්මික පෙරේරාය. 2029 වනවිට ඔහු ළමා මනස ඩිජිටල් නිර්මාණකරණයට යොමු කරන වැඩපිළිවෙළක්ද ඔන්ලයින් හරහා පටන් ගෙන තිබිණි. හරිනි අධ්‍යාපන ඇමැති වී ඩී.පී. එඩියුකේෂන් හරහා සිදුවන ඔන්ලයින් අධ්‍යාපන විප්ලවය ගැන සොයා බැලුවේත් නැත. ඇය අධ්‍යාපන ඇමැති ලෙස ලංකාවේ ඩිජිටල් අධ්‍යාපනය නගාසිටුවන්න කිසිදු වැඩපිළිවෙළක් දියත් කළේත් නැත. ඇය ඒ වෙනුවට අධ්‍යාපන විශේෂඥයන්ගේ හෝ පාර්ලිමේන්තුවේ සර්ව පාක්ෂික සාකච්ඡාවකින් තොරව අධ්‍යාපනය තනි මතයට වෙනස් කරන්න ගියාය. ඇය වැඩ වරද්දා ගත්තේ එතැනය. ඇයගේ ප්‍රතිසංස්කරණවලට එරෙහිව විපක්ෂය පාරට එද්දී ඇයත් ශ්‍රීමතී ඉරානි වගේ කාන්තා කාඩ් එක ප්ලේ කරන්න උත්සාහ කළාය. එයද අසාර්ථක විය. ආණ්ඩුව අවසානයේ විපක්ෂයේ විරෝධතාව ඉදිරියේ දණ නැමීය.

2024 ජනාධිපතිවරණයේදීත් මහ මැතිවරණයේදීත් ජවිපෙට නිධානයක් වූ හරිනි දැන් ජවිපෙට සුදු අලියෙකි. ශ්‍රීමතී ඉරානිට වුණේත් ඕකමය.

‘ඒ කියන්නේ ඊළඟ ඡන්දය වනවිට ශ්‍රීමතී ඉරානිට අත්වූ ඉරණම හරිනිටත් අත්වෙයිද…?’

ඒක තවම කියන්න බැරිය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ජින්තුපිටිය 125 වත්තේ පාතාල වෙඩි වරුසාවෙන් තුවාල ලැබූ අවුරුදු හතරේ සහ අවුරුදු තුනේ දරුවාගේ තත්ත්වය යහපත් අතට! එක් අයකු මරුට! පොලිස් ටීම් 3ක් වැඩ පටන් අරන්! I Sri Lanka Latest News

Next Post

ඒරාෂ්ටක මාරකයෙන් බේරෙන්න ඉසිවරු දුන් විස්මිත ‘මෘතුංජය’ දිව්‍ය ඖෂධය!මන්ත්‍ර බලය ජීවම් වීමට නම් මස් මාංශයෙන් තොරව පේවී සිටින්න…! Sri Lanka Latest News

MORE NEWS

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News
Exclusive

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

Load More
හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News
Exclusive

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

එක්සත් ජාතික පක්ෂයේ සෙංකඩගල ආසන සංවිධායක ආචාර්ය චමින්ද මලලසේකර මහතා එම පක්ෂයෙන් ඉල්ලා අස්වීමට පියවර ගෙන ඇත.Sri Lanka Latest News...

Read more
අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.