යුද්ධය අවසන් කිරීම සඳහා අමෙරිකාව විසින් ඉදිරිපත් කළ සටන් විරාම කොන්දේසි ඉරානය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.Sri Lanka Latest News
ඉරාන ජ්‍යෙෂ්ඨ දේශපාලන-ආරක්ෂක නිලධාරියෙක් අද (25) එරට රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ පවසා ඇත්තේ, යුද්ධය අවසන් වන්නේ ඉරානයේම නියමයන් සහ කාලරාමුව මත පමණක් බවය.
යුද්ධය අවසන් වන වේලාව නියම කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඉරානය ඉඩ නොදෙන බවද එම නිලධාරියා වැඩිදුරටත් පවසයි.
මෙහිදී ඉරාන විසින් යුද්ධය අවසන් කිරීමට කොන්දේසි 5ක් පනවා තිබේ.
එනම්,
සතුරාගේ ‘ආක්‍රමණ සහ ඝාතන’ සම්පූර්ණයෙන්ම නැවැත්වීම.
ඉරානයට එරෙහිව යළි යුද්ධයකට නොඑන බවට සහතිකය.
යුද හානි සහ වන්දි ගෙවීම් සම්බන්ධනේ පැහැදිලි අර්ථ දක්වන ලද සහතිකය.
කලාපය පුරා යුද්ධයට සම්බන්ධ වී සිටින සියලුම ප්‍රතිවාදී කණ්ඩායම් සහ ඊට සහාය දක්වන්නන් යුද්ධය අවසන් කිරීම.
ඉරානයේ ස්වාභාවික සහ නීත්‍යානුකූල අයිතියක් හෝමූස් සමුද්‍ර සන්ධිය ඉදිරියත් ඉරානයේ ස්වෛරීභාවය මතම ක්‍රියාත්මක කිරීම.
යන කොන්දේසිය.











