• About us
  • Contact us
Tuesday, June 16, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 600ක් පසුපස බුද්ධි අංශ ලුහුබඳී!

September 3, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 600ක් පසුපස බුද්ධි අංශ ලුහුබඳී!
Share on WhatsAppShare on Facebook

කෝටිපති ව්‍යාපාරිකයන්ට සහ  හිතවතුන්ට  බදු දැලෙන් පැන යෑමට උදව් කරන රේගු සහ ආදායම් බදු නිලධාරීන් හය සියයකට වැඩි පිරිසක් සම්බන්ධයෙන්  බුද්ධි අංශ රජයට කරුණු වාර්තා කර ඇත.

රජයට බාරදී ඇති විශේෂ බුද්ධි අංශ වාර්තාවක් මඟින්  මෙම කරුණු  අනාවරණයවී ඇති බව ආණ්ඩුවේ ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ අනුව මෙම වංචනික නිලධාරීන් සම්බන්ධයෙන් තවදුරටත් විස්තර ලබා දෙන ලෙස රජය එම බුද්ධි අංශයට දැනටමත් දැනුම්දී ඇත.

මේ අතර ශ්‍රී ලංකා රේගුවට  සහ දේශීය  ආදායම් දෙපාර්තමේන්තුවට වාර්ෂිකව   අයකර ගත හැකි රුපියල් කෝටි දස  දහසකට වැඩි බදු මුදලක් ඒවායේ විවිධ දූෂණ වංචා සහ අක්‍රමිකතා හේතුවෙන් අහිමි වන බව විශේෂ අධ්‍යයනයකින් රජයට කරුණු අනාවරණයවී ඇත.

මේ තත්වය වැළැක්වීම සඳහා ආදායම් කළමනාකරණයට විධිමත් ආයතනයක් පිහිටුවීමට  රජයේ ඉහළ පෙළේ අවධානය යොමුවී ඇතැයි  වාර්තා වේ.

අයකර ගත හැකි බදු ආදායම් විශාල වශයෙන්  නිලධාරීන්ගේ වැරදි ක්‍රියා නිසා අහිමි වන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීද  දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරී ඇත.

මහින්දානන්ද අලුත්ගමගේ සහ රෝහිත අබේගුණවර්ධන යන මන්ත්‍රීවරුන් ඒ සම්බන්ධයෙන් එහිදී  පුළුල්ව කරුණු පැහැදිලි කර තිබිණ.

විවිධ වංචනික ක්‍රියා නිසා අහිමි වන මෙම ආදායම යළි ලබා ගැනීමට කටයුතු කළහොත් රටේ ආර්ථික අර්බුදය සැලකිය යුතු ප්‍රමාණයකින් විසඳිය හැකි බව මන්ත්‍රීවරුන් රැසක් මෙම රැස්වීමේදී  ජනාධිපතිවරයාට කරුණු පෙන්වාදී ඇත.

ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇතැයි  දැනගන්නට ඇත.

මේ අතර  වෛද්‍යවරුන්, නීතිඥයන් ,උපකාර පන්ති ගුරුවරුන් මත්පැන් ශාලා හිමිකරුවන් සහ  ඉන්ධන පිරවුම්හල් හිමියන්  ඇතුළු විශේෂ ආදායම් උපයන පන්දහසකට වැඩි පිරිසක් ආදායම් බදු ගෙවීම මග හැර සිටින බවද  රජයට කරුණු වාර්තාවී ඇත.

මෙම  පුද්ගලයන්ගෙන් බදු මුදල් නිසි ලෙස අයකර ගැනීම සම්බන්ධයෙන්ද රජයේ විශේෂ අවධානය යොමු වී ඇත. -ලංකාදීප

SendShareShare
Previous Post

දේශපාලන නායකයන් හදන්න මහින්දගෙන්-නාමල්ගෙන් ඇකඩමියක්! (PHOTOS)

Next Post

නාලන්දා-ශාන්ත ජෝන් හෙට ‌රගර් අවසන් පූර්ව තරගයේ!

MORE NEWS

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගැනීම වළක්වන්න ඉල්ලමින් ගෝඨාත් අභියාචනාධිකරණයට යයි!  I Sri Lanka Latest News

ගල් අඟුරු කොමිසම නොරොච්චෝලේ වැඩ බලන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගල් අඟුරු කොමිසම නොරොච්චෝලේ වැඩ බලන්න යයි! PHOTOS I Sri Lanka Latest News

ඡන්ද කාලෙ ‘මේ පාර අපි මාලිමාවට’ කියලා ස්ටිකර් ගහගත්ත අය මේ පාර බෝඩ් උස්සගෙන ජනාධිපති කාර්යාලය ඉස්සරහට ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්ද කාලෙ ‘මේ පාර අපි මාලිමාවට’ කියලා ස්ටිකර් ගහගත්ත අය මේ පාර බෝඩ් උස්සගෙන ජනාධිපති කාර්යාලය ඉස්සරහට ඇවිත්! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම! පූජිත්ගේ හේමසිරිගේ නඩුව යළි කැඳවන්න ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කරයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර නඩුවක එක තීන්දුවක් ජුලි 31 එනවා! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අර්බූද ගොඩක් මැද අනුර පළමු කාර්තුවේ ආර්ථිකය ගොඩදාගනී! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ හිටපු CID මැදිරියට මානව හිමිකම් කොමිසම යයි! අඩුපාඩු ගොඩයි! හරියට වාතාශ්‍රය එන්නෙත් නෑ! I Sri Lanka Latest News

Load More
මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගැනීම වළක්වන්න ඉල්ලමින් ගෝඨාත් අභියාචනාධිකරණයට යයි!  I Sri Lanka Latest News

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන...

Read more
ගල් අඟුරු කොමිසම නොරොච්චෝලේ වැඩ බලන්න යයි! PHOTOS I Sri Lanka Latest News

ගල් අඟුරු කොමිසම නොරොච්චෝලේ වැඩ බලන්න යයි! PHOTOS I Sri Lanka Latest News

ඡන්ද කාලෙ ‘මේ පාර අපි මාලිමාවට’ කියලා ස්ටිකර් ගහගත්ත අය මේ පාර බෝඩ් උස්සගෙන ජනාධිපති කාර්යාලය ඉස්සරහට ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ඡන්ද කාලෙ ‘මේ පාර අපි මාලිමාවට’ කියලා ස්ටිකර් ගහගත්ත අය මේ පාර බෝඩ් උස්සගෙන ජනාධිපති කාර්යාලය ඉස්සරහට ඇවිත්! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම! පූජිත්ගේ හේමසිරිගේ නඩුව යළි කැඳවන්න ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කරයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර නඩුවක එක තීන්දුවක් ජුලි 31 එනවා! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අර්බූද ගොඩක් මැද අනුර පළමු කාර්තුවේ ආර්ථිකය ගොඩදාගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.