තමන්ට පාර්ලිමේන්තුවේදී සිදු කළ හිරිහැර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් දෙදෙනා වන ප්‍රගීත් පෙරේරා සහ කසුන් සමරවීර යන මහත්වරුන් විසින් වැලිකඩ පොලිසියට කළ පැමිණිල්ල සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පරීක්ෂණයක් සිදු කොට නැති බව වාර්තා වේ.
ඔවුන් දෙදෙනා මෙම පැමිණිල්ල ඉදිරිපත් කොට තිබුණේ ඉකුත් 17 වැනි දිනය.
චෝදනා 3ක් යටතේ මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණු අතර එම චෝදනා වන්නේ දුරකතන පැහැර ගැනීම, මරණ තර්ජන එල්ල කිරීම සහ අඩත්තේට්ටම් කිරීමය.
මෙසේ චෝදනා එල්ල වී ඇත්තේ ඉන්දික අනුරුද්ධ සහ ඩී. වීරසිංහ යන පොහොට්ටු මන්ත්‍රීවරුන්ටය.










