අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාන් ගෙඩියක මිල රුපියල් 30කින් ඉහළ නැංවීමට තීරණය කොට ඇත.
ඒ අනුව පාන් රාත්තලක නව මිල රු. 170ක් වනු ඇත.
අනෙකුත් බේකරි නිෂ්පාදනද රුපියල් 10කින් ඉහළ නැංවීමට නියමිතය.
පිටි මිල ඉහළ නැංවීම හේතුවෙන් මෙසේ බේකරි නිෂ්පාදන මිල ඉහළ නංවන බව පැවසේ.










