ලංකාවට රැගෙන පැමිණි විස රසායනික සහිත බවට තහවුරුව ඇති පොහොර නෞකාව සම්බන්ධයෙන් මතුව ඇති අර්බූදය විසදා ගැනීම සදහා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, කෘෂිකර්ම ලේකම් උදිත් කේ ජයසිහං, රාජ්‍ය අමාත්‍යංශ ලේකම් එම්. එන්. රණසිංහ සහ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් අජන්තද සිල්වා ඇතුලු පිරිස චීන තානාපති කී සෙන්හොංග් මහතා හමුවීමට ගොස් ඇති බව වාර්තා වේ.
මෙම හමුව ඊයේ සවස චීන තානාපති කාර්යාලයේදී පැවැත්වී ඇති බව දැනගන්නට ඇත.
සාමාන්‍යයෙන් රාජ්‍යතාන්ත්‍රික අර්බූදයක් හට ගැනීමෙන් අනතුරුව සාමාන්‍ය සම්ප්‍රදාය වී ඇත්තේ අදාළ රටේ තානාපතිවරයා කැදවා එම ගැටලුව විසදා ගැනීම වුවද මේ අයුරින් සියලුම අමාත්‍යවරුන් සහ රාජ්‍ය නිලධාරීන් අදාළ තානාපතිවරයා මුණ ගැසීමට ගොස් තිබීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ විවිධ පිරිස් මවිතය පළ කොට ඇති බව පැවසේ.
කෙසේවෙතත් මෙම සාකච්ජාවලදී දෙපාර්ශ්වයටම පිළිගත හැකි රසායනාගාරයක අදාළ පොහොර තොග නැවතත් පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් සාකච්ජා වී ඇති බව දැනගන්නට ඇත.
ලංකාවේ සිදුකළ පරීක්ෂණ 3කදීම අසමත් වූ මෙම පොහොර නෞකාව මේ වනවිට දෙවුන්දරට නාවක සැතපුම් 12ක් දුරින් නවතාගෙන සිටින බව වාර්තා වේ.










