• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රැට්ටගේ ඩිලාන්ගේ කෝනාරගේ කෝටි 450 කතාවේ ඇතුල් පැත්ත…

July 25, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
රැට්ටගේ ඩිලාන්ගේ කෝනාරගේ කෝටි 450 කතාවේ ඇතුල් පැත්ත…
Share on WhatsAppShare on Facebook

‘අරගලයත් එන්.ජී.ඕ. වැඩක්ලු නේ…? පිටරටින් කෝටි ගණන් සල්ලි එනවාලු’
‘අද පත්තරේත් තිබුණා අරගලයේ ලොක්කෝ තුන්දෙනකුට පිටරටින් කෝටි ගණනක් එවලාලු…’
‘අරගලයට පිටරටින් සල්ලි එනවලු. අපේ ළමයි දුක් විඳිනවා ලොකු එව්වෝ කෝටි ගණන් සල්ලි හොයනවා’

මේ, පසුගිය දින කිහිපයේ රටේ බොහෝ තැන්වල සාකච්ඡාවට ලක්වූ කාරණයක පොදු සිරස්තලය. මීට ප්‍රස්තුත වූ පුවත ගාලුමුවදොර අරගල බිමට නායකත්වය දෙන රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා, කෝනාර සහ ඩිලාන් යන තරුණයන් තිදෙනකුට විදේශයක සිට විශාල මුදල් සම්භාරයක් ලැබීමය. අරාබි නිසොල්ලාසය පරදවන ප්‍රබන්ධයක් වූ මෙකී කතාව සැකෙවින් මෙසේය.

රැට්ටා, කෝනාර සහ ඩිලාන් මෑතභාගයේ ලංකා බැංකුවේ යූනියන් පෙදෙස ශාඛාවේ ගිණුම් තුනක් ආරම්භ කර ඇත. ඉන් කෙටි කලකට පසු එකී ගිණුම් තුනට විදේශයකින් සැලකිය යුතු මුදලක් ලැබී ඇත. මුදල ලැබී කෙටි වේලාවකින් රැට්ටා, කෝන ාර සහ ඩිලාන් යූනියන් පෙදෙස ලංකා බැංකුවට යන්නේය. ඒ යන්නේ ටොයෝටා ප්‍රියස් වර්ගයේ මොටෝ රියක නැඟීගෙනය. (ලංකා බැංකුව තමන්ගේ ගනුදෙනුකාරයන් යන එන වාහන පිළිබඳ මෙතරම් සැලකිල්ලක් දක්වන බව ලියුම්කරු දැන ගත්තේ මේ සිදුවීමෙනි).

බැංකුවට ඇතුළුවන තරුණයන් තිදෙනා සතයක් ඉතිරි නොකර මුළු මුදලම ආපසු ලබාගනී. එහිදී මෙම මුදල් ලැබීමට හේතුව කුමක්දැයි බැංකු කළමනාකරු තරුණයන්ගෙන් විමසා ඇත. ඒ විමසීමට යකා වැහෙන තරුණයන් තිදෙනා තමන් ගාලුමුවදො‍ර අරගලකරුවන් බවත්, ප්‍රශ්න ඇසුවොත් පසු දින විත් බැංකුව වටලන බවත් පවසා එතැනින් නික්ම ගොස් ඇත.

බැලූ බැල්මට ඕපාදූපයක් බව පෙනෙන මේ පුවත මුලින්ම සංසරණය වන්නේ සමාජ මාධ්‍යයක් වූ වට්ස් ඇප් ඔස්සේය. කෙටි කලකින් එය ෆේස්බුක් ප්‍රමුඛ සෙසු සමාජ මාධ්‍යයන්හිද පැතිර යන්නේය. දෙදිනක ඇවෑමෙන් මෙකී පුවත ජාතික පුවත්පත්වලටද පැමිණෙන්නේය. සමාජ මාධ්‍යයන්හි දෙතුන් දිනක් පිළුණු වූ පුවතක් සාමාන්‍ය වශයෙන් ජාතික පුවත්පතකට වද්දා නොගන්නේය. එහෙත් මෙකී පුවතට කාගේ හෝ ලොක්කකුගේ තල්ලුවක් තිබූ නිසා දෙතුන් දිනක් පමාවී හෝ පුවත් පත් පිටුවක ඉඩක් ලැබෙන්නේය. පුවත්පතක තිබූ නිසා රූපවාහිනී නාලිකා පත්තර සිරස්තලවලට මෙකී පුවතද අත්‍යාලංකාර සහිතව කියවන්නේය. ගාලුමුවදොර අරගලකරුවෝ ඩොලර් ගරන එන්.ජී.ඕ. නඩයක් බව සමාජගත කිරීම මෙකී පුවතේ අරමුණ වන්නේය.

මේ පුවත පිළිබඳ වීඩියෝවකින් පිළිතුරු දෙන රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා පවසනුයේ තිර පිටපත් ලිවීමේදී රනිල් වික්‍රමසිංහ රජය මීට වඩා දක්ෂයන්ගේ සහාය ලබාගත යුතු බවයි. එමෙන්ම අරගලයෙ මූලික ඉල්ලීම විගණනය බවත්, එබැවින් විගණනය තමාගෙන් අරඹන ලෙසත් ඔහු ඉල්ලා සිටී. එමෙන්ම මේ සාවද්‍ය පුවත පළකළ මාධ්‍යයට එරෙහිව නඩු පවරන බවද ඔහු කියා සිටී.

අරගලය දිය කරන්නට ආණ්ඩුව අලුත් ප්‍රවේශයකින් සටනට බැස සිටින බව රහසක් නොවේ. ලක්ෂ 450 පුවත ඉන් එකක් පමණි. සෙබළුන්ගෙන් තුවක්කු පැහැරගැනීම එවැනි තවත් එකකි. මැයි 09 වැනිදා ගෙවල් ගිනිතැබීම ගැනද සමාජයේ ඇත්තේ සැකයකි. එමෙන්ම මෑතක සිට අරගල භූමි තුළ හටගන්නා ආරවුල් සහ ගැටීම්ද වර්ධනය වෙමින් පවතී. ඒවාට විගස මාධ්‍ය ආවරණයක්ද ලබාදීමට කටයුතු සම්පාදනය වී ඇත. අරගලය නරඹන්නට ආ කාන්තාවක අනියම් පෙම්වතකු සමග පලාගිය පුවතට මාධ්‍ය ලබාදුන් ප්‍රසිද්ධිය ඊට උදාහරණයකි. අනියම් පෙම්වතකු සමග ලංකාවේ කාන්තාවක් පලාගිය මුල්ම අවස්ථාව මෙය නොවේ. පලායාමට අරගලයේ නම ගෑවීමෙන් බලාපොරොත්තු වනුයේ එහි සුජාත බව අභියෝගයට ලක්කිරීමය. ආණ්ඩුව එසේ කරන්නේ ඇයි දැයි වටහා ගැනීම අසීරු නැත. එමෙන්ම, අරගලයේ නම භාවිත කරමින් නොසණ්ඩාල වැඩ කරන්නන්ගේ සංඛ්‍යාවද ඉහළ යමින් පවතී. මාධ්‍ය ආයතනවලට කඩාපැනීම ඊට එක නිදසුනකි. මේ සියල්ල මේ ආකාරයෙන් සිදුවන්නේ ගාලුමුවදොර අරගලය නතර කිරීමට බැරි නිසා එය දියකර දැමීමට ආණ්ඩුව තීරණය කර ඇති නිසාය. අරගලකරුවෝ තම තියුණු බුද්ධිය පෙන්විය යුත්තේ දැන්ය. කිසිමාකාරයක අනීතික කටයුත්තකට මැදිහත් නොවී සිය අරගලය ඉදිරියට ගෙනයෑම ඔවුනගේ එකම අරමුණ විය යුතුය. මන්ද යත් මාමාගේ ව්‍යවස්ථාව වනපොත් කළ බෑණා එහි රිංගා යා හැකි තැන් පමණක් නොව ඒ තුළ ඇටවිය හැකි උගුල්ද හොඳින්ම දන්නා බැවිනි.

ගාලුමුවදොර අරගලකරුවන්ගේ අරමුණුවලට පහර දීම සහ එකී සටන් ව්‍යාපාරය පිළිබඳ සමාජයේ පවතින සද් ආකල්ප දියාරු කිරීම මෙවැනි මඩ පුවත් නිර්මාණය කිරීමේ අරමුණය. ඉන් ගම්‍ය වනුයේ මෙකී අරගලය දියකිරීමේ සාම්ප්‍රදායික ක්‍රමය වූ සන්නද්ධ මැදිහත් වීම වත්මන් පාලකයන් අතහැර ඇති බව නොවේ. මේ ලිපිය ලියන විටත් ගාලුමුවදොර අරගලකරුවන් ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයෙන් ඉවත් කිරීමට එවැනි මැදිහත්වීමක් කර අවසානය. අරගලකරුවන්ට රාජ්‍ය දේපොළ භාරදී ඉවත් වන්නැයි නීතිඥ සංගමය පවා කල් ඇතිව පවසා තිබුණේ මෙවැනි ප්‍රහාරයක් එල්ලවීමේ අවදානම දුටු නිසාය.

සැබැවින්ම මේ ආකාරයේ අසත්‍ය ප්‍රචාරයන්ගේ අරමුණ අරගලකරුවන් තහවුරු කරගෙන සිටින හොඳ නම කිළිටි කිරීම සහ සමාජයෙන් ඔවුන්ට ලැබෙන ආශීර්වාදය නැතිකර දැමීමය. ඊට අමතරව අරගලකරුවන් අතර මතභේද වපුරා අරගලය ‘අල’ කිරීමද මෙවැනි ප්‍රචාර දියත් කිරීමේ අරමුණයි. වත්මන් ජනාධිපති වූ කලී අමුතුම ආකාරයේ දේශපාලන ‘තියරියක්’ සහිත අයෙකි. ඕනැම පද්ධතියක් තුළට කාවැදී එහි දිශානතීන් වෙනස් කර අයාලේ යවා විනාශ කිරීම ඔහුට සුළු දෙයකි. උතුරේ යුද්ධය පැවැති සමයේදී කොටි සංවිධානය දෙකඩ කොට කරුණා සහ පිල්ලෙයාන් ඉන් බිඳවා වෙන්කරේ රනිල්ය. ප්‍රභාකරන්ගේ පරාජය ආරම්භ වනුයේ එදාය. මෑතකදී සමාජ මාධ්‍යයට වීඩියෝවක් නිර්මාණය කරන අරගලකරුවකු පවසන්නේ රනිල් අරගලය සීසීකඩ බෙදූ බවයි. ‘කොටි සංවිධානය බෙදා දෙකඩ කළ රනිල්‍ට අරගලය බෙදන එක සුළු වැඩක්’ බව ඔහු එකී වීඩියෝවෙන් පවසයි. ඒ කතාව සහසුද්දයෙන්ම ඇත්තය. ‍රනිල් වික්‍රමසිංහ යනු නැවක් ගිල්ලවන්නට මිසයිල ගසන සෙන්පතියෙක් නොවේ. ඔහු කරන්නේ නැවේ ඇති කුඩා මාලිමාව සාක්කුවේ දාගෙන පැමිණීමය. එවිට නෞකාව අයාලේ ගොස් ගල්පරවල හැපී ඉබේම විනාශ වන බව ඔහු ඉඳුරාම දනී.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

රාජ්‍ය ප්‍රචණ්ඩත්වය රාජ්‍ය ත්‍රස්තවාදය බරපතළ ලෙස රට තුළ ක්‍රියාත්මක වෙනවා! මේ නිසා බලවත් රටවල ලංකාවට එරෙහිව කටයුතු කරන්න සාකච්ජා කෙරෙනවා! එහෙම වුණොත් දුක් විඳින්නේ මිනිස්සු! (VIDEO)

Next Post

රට යන්න තහනම් කළ අන්තරේ කැඳවුම්කරු එළියට එයි! රනිල්ට ලොකු දෝස්මුරයක් දමයි! (VIDEO)

MORE NEWS

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.