• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අකාර්යක්ෂමයි – දූෂිතයි ! මිනිස්සුන්ට එපා වේගෙන එනවා! මාස 3යි ගියේ…! අරගලයකින් ගහලා පන්නපු හිටපු අගමැති ලක්ෂ ගානක් සමග ආයෙත් එනවා…! Sri Lanka Latest News

December 20, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
අකාර්යක්ෂමයි – දූෂිතයි ! මිනිස්සුන්ට එපා වේගෙන එනවා! මාස 3යි ගියේ…! අරගලයකින් ගහලා පන්නපු හිටපු අගමැති ලක්ෂ ගානක් සමග ආයෙත් එනවා…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘පසුගිය 2025 සැප්තැම්බර් මාසයේදී නේපාලයේ තරුණ පිරිස් විසින් සිදුකළ ‘ජෙන් සෙඩ්’ (Gen-Z) මහා ජන අරගලය නිසා එරට රාජ්‍ය පාලනය වෙනස් කිරීමට අවස්ථාව ලැබිණි. එහෙත් මේ කැරැල්ල නිසා තරුණ ජීවිත 77ක් රාජ්‍ය හමුදා වෙඩිපහරින් ඝාතනයට ලක්වුණා. තවත් දහස් ගණනික් තුවාල ලැබුවා. මෙය ඉතා ඛේදනීය තත්ත්වයක් වුණා. එහෙත් කෙසේ හෝ දින හයක් පුරා පැවැති ජන අරගලයේ ප්‍රතිඵලයක් ලෙස නේපාල රජයේ එවක පාලනය වෙනස් කිරීමට හැකි වුණා. එවක අගමැති ප්‍රසාද් ශර්මා ඕලි බලයෙන් පහකළා. ඔහු අරගලයේ දැඩි තර්ජනය මැද වහාම අගමැති ධුරයෙන් ඉල්ලා අස්වුණා. ඉන් පසුව තරුණ අරගලකරුවන් නේපාලයේ අන්තර්වාර රජයක් පිහිටුවූ අතර, එහි අගමැති ලෙස එරට හිටපු අගවිනිසුරුවරියක වන සුෂිලා කාර්කි පත්කර ගනු ලැබුවා. එම අරගලය නිමවෙලා මෙම 2025 දෙසැම්බර් මාසයට මාස 03ක් ගතවෙලා තිබෙනවා. එහෙත් දැන් සිදුව ඇත්තේ කුමක්ද? නේපාලය අරගලයට පෙර තිබුණාටත් වඩා කනගාටුදායක හා අර්බුදකාරී තත්ත්වයකට පත්වෙලා තියෙනවා යැයි තරුණ ජන අරගලකරුවන්ම චෝදනා කරනවා…’Sri Lanka Latest News

කුමක්ද මෙලෙස ඇසෙන කතන්දරය? මෙය කියා සිටින්නේ කවරකු විසින්ද? මෙම කතාව අපට අසන්නට ලැබුණේ මෙයට දින කීපයකට පෙරදී අපගේ රටට යාබද ආසියාතික දේශයක් වන නේපාලයෙනි. එරට ප්‍රකට මාධ්‍ය පුවත්පතක මාධ්‍ය වාර්තාවක් හරහා මෙම සුවිශේෂ කතාව අපට අසන්නට ලැබිණි. මෙයින් කියා සිටින්නේ කුමක්ද? එනම් එයින් පැහැදිලිවම පෙනීයන්නේ තරුණ ජන අරගලයක් හරහා නේපාලයේ රාජ්‍ය පාලනය වෙනස් කළද නැවතත් එම නව පාලනය යටතේද එරට විශාල අර්බුදයකට මුහුණදී ඇති ආකාරයයි. නේපාලයේ ප්‍රකට දේශපාලන හා ආර්ථික විශ්ලේෂකයකු වන බයිබ්හැව් පල්නට්කාර් (Vaibhav Palnitkar) විසින් මෙම සුවිශේෂ විශ්ලේෂණය සිදුකර තිබිණි. ඔහු තවදුරටත් මෙම නවතම අර්බුදය ගැන කියා සිටින්නේ කුමක්දැයි සොයා බලමු. එම විග්‍රහය මෙසේය.

‘නේපාලයේ තරුණ පිරිස් යම් අරගලයක් සිදුකර ජයග්‍රහණයක් ලැබුවත් එයින් දැන් කිසිදු සෙතක් රටට සිදුව නැහැ. මේ තරුණ පිරිස්ම තමයි මෙම චෝදනාවන් ගෙන එන්නේ. ඔවුන් ප්‍රථමයෙන්ම චෝදනා කරන්නේ අන්තර්වාර රජය යටතේ පත්කරනු ලැබූ නව අගමැතිනියගේ ක්‍රියාකලාපය ඉතා අකාර්යක්ෂම බවයි. ඇය තමන්ගේ පාලනය යටතට තවමත් පෙර සිටි විවිධ ඇමැතිවරුන් සහ අනෙකුත් ප්‍රධාන රාජ්‍ය පරිපාලකයන් රාශියක් පත්කර ඇති බවට තරුණ අරගලකරුවන් චෝදනා කරනවා. ඔවුන් කියන්නේ නව රජය යටතේ පවා තවද රට තුළ දූෂණය හා වංචාව පවතින බවත්, රටේ ආර්ථිකයද දිනෙන් දිනම කඩාවැටෙන බවත්ය. මාස 03ක් ගතව තිබියදීත් තමන්ගේ ඉටු නොවූ ඉල්ලීම් කිසිවක් නව රජය විසින් සපුරා නැති බවටද චෝදනා කරනවා. මේ නිසා මෙම තරුණ පිරිස්වල කෝපය දිනෙන් දිනම වැඩිවන ආකාරය පෙනෙන්නට තිබෙනවා. මෙලෙස තරුණ පිරිස්වල කෝපය උතුරා යෑම හරහා ජාතිය නැවත කැලඹීමකට ඇදදැමීමේ තර්ජනයක් මතුකර තිබෙනවා…’

මෙම සුවිශේෂ විශ්ලේෂණය තවදුරටත් මෙසේ අවධාරණය කර සිටී.
‘ජන අරගලය සිදුකළ නේපාලයේ දසදහස් ගණනක තරුණ පිරිස්වල එකම බලාපොරොත්තුව වුණේ ‘නව නේපාලයක්’ බිහිකිරීමයි. එහෙත් ඒ පොරොන්දුව අද අඩාළ වී තිබෙනවා. නේපාලයේ ජනතාව අතර මෙසේ පැතිර යන අතෘප්තිය සහ අසහනය හරහා මෙම හිමාලයානු ජාතිය අලුත් අස්ථාවරත්වයක අද්දරට තල්ලු කර දමා තිබෙනවා. අලුතින් පත්කළ 73 හැවිරිදි අන්තර්කාලීන අගමැතිනි සුෂිලා කාර්කි පොරොන්දු වී තිබුණා 2026 මාර්තු නව මහ මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවට. එහෙත් ඊට පෙර මාස 06 තුළ රට පරිවර්තනයට ලක්කරන බවත් ඇය පොරොන්දු වුණා. එහෙත් දැන් එම කාලයෙන් අඩක් ගතව ඇතත්, රට දිනෙන් දිනම අගාධයට යන බවයි තරුණ පිරිස් චෝදනා කරන්නේ. කෙසේ වෙතත් මෙම වටපිටාවේදී රට තුළ ක්‍රමානුකූලව දූෂණය තුරන් කිරීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා වන මූලික ඉල්ලීම් හෝ රජය විසඳා නොමැති බවට චෝදනා එල්ල වනවා. මේ නිසා තරුණ පිරිස් අතර ආතතිසහගත පසුබිමක් නිර්මාණය වී තිබෙනවා. මෙම තත්ත්වය වර්තමානයේදී නේපාලය නැවත තරුණ ජන අරගලයකට ඇදදැමිය හැකියි…’

දැන් ඔබ මෙම කතාවේ යම් හැරවුම් ලක්ෂ්‍යයක් වෙත පැමිණ සිටින්නේය. එසේනම් එය කුමක්ද? ඉහත විශ්ලේෂණය හරහා එම කතාව කියා සිටියි. එනම් හෙට අනිද්දාම නේපාලය තුළ නැවතත් තරුණ ජන කැරැල්ලක් ඇතිවිය හැකි ආකාරය පැහැදිලිවම පෙනෙන්නට ඇත. ඒ බව පසුගියදා Gen-Z තරුණ අරගලයට නායකත්වය දුන් තරුණ නායකයන් විසින් පසුගියදා ප්‍රකාශ කර ඇත. එම පිරිස් විසින් අලුතින් පත්කරන ලද අන්තර්කාලීන රජයද පෙරළා දැමීමට කටයුතු කරන බවට වාර්තා ඇත. වත්මන් රජයේද මුල් බැසගත් නිලධාරිවාදය සහ දේශපාලන ක්‍රමය ඉදිරි 2026 මාර්තු මහ මැතිවරණයට පෙර වෙනස් නොවුණහොත් නැවත ජන අරගලයක් සිදුකරන බවට අරගලකරුවන් ප්‍රකාශ කර ඇත. නේපාලයේ ජන අරගලයේ ප්‍රධාන නායකයා ලෙස සැලකෙන 36 වියැති සුදන් ගුරුන්ග් (Sudan Gurung) ‘අල් ජසීරා’ රූපවාහිනිය සමග මාධ්‍ය සාකච්ඡාවකදී මෙම අර්බුදය ගැන දැඩි ලෙස අවධාරණය කර ඇත. එහෙත් එහිදී ඔහු පවසා ඇත්තේ ලබන 2026 මහ මැතිවරණය සඳහා තමන්ගේ ජන අරගලය පාර්ශ්වයද ප්‍රජාතන්ත්‍රවාදීව තරග වදින බවයි. එසේම තම තරුණ පාර්ශ්ව විශාල ජයග්‍රහණයක් හිමිකරගෙන ‘ජනතා රජයක්’ පිහිටුවන බවටද ඔහු ප්‍රකාශ කර ඇත.

නේපාලය අපගේ රටට වැදගත් වන්නේ එම රාජ්‍යය අතීතයේ උතුම් වූ බුදුන් වහන්සේ උපන් දේශය වීම හේතුවෙනි. නේපාලය යනු ආසියාවේ දුප්පත් රටවලින් එකක් වෙයි. එනම් ඔවුන්ගේ ඒකපුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 1,381ක් වැනි ඉතා අවම අගයකි. එය ලෝකයේ රටවල් අතර 161 වැනි ස්ථානයට පත්වන්නේය. පසුගිය ජන අරගලය හේතුවෙන් නේපාලය තවත් කබලෙන් ළිපට වැටුණේය. ආර්ථිකය අගාධයට ඇදගෙන වැටුණේය.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

65 ජවිපෙ ආරම්භක රැස්වීමේ හිටපු දැදිගම විල්සන් මෙන්න ඉන්නවා! Sri Lanka Latest News

Next Post

මුතුගල කියන්නේ සුපිරි නළුවෙක්! Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.